12-14. මාරයා පිළිබඳ කථා පුවත
“අත්ථමහි ති” යන මේ ධර්ම දේශනය බුදුහු හිමවත් පෙදෙසේ අරඤ්ඤා කුටියේ වැඩසිටියදී මාරයා නිමිති කරගෙන දේශනා කළහ.
එකල රජවරු මිනිස්සු පිඩාවට ලක්කර රාජ්‍යය කරත්. එහි දී භාග්‍යවතුන් වහන්සේ අධාර්මික රජවරුන්ගේ රාජ්‍යයන්හි දඩුවම් වලින් හා භාණ්ඩ පැහැර ගැනීම් වලින් පීළිත එම මිනිසුන් දැක කාරුණිකව මෙලෙස සිතූහ. විනාශ නොකර, ඝාතනය නොකර. ජය නොගෙන දඬුමුගුරු නොමැතිව ශෝක නොකර සෝක නොකරවා ධර්මයෙන් රාජ්‍යයක් කිරීමට හැකිවේද? පාපී වූ මාරතෙම භාග්‍යවතුන්ගේ මේ පරිචිතකය දැන, ගෞතම තෙමේ දැහැමින් රාජ්‍යය කරන්නට හැකිවේදැයි කල්පනා කරයි. ගෞතමයන් රාජ්‍යය කරන්නට කැමති වේ නම්, පමා නොවී එය කළ යුතුයි - රාජ්‍යය සඳහා පහසුකම් ලබා දී ඔවුන්ගේ උත්සාහ වඩවන්නට යමියි සිතා ශාස්තෲන් වෙත ගොස් මෙසේ කීය. භාග්‍යවතුන් වහන්සේ රාජ්‍යය විචාරවා සුගතයන් වහන්සේ විනාශ නොකර, ඝාතනය නොකර. ජය නොගෙන, (යුද්ධ නොකොට) දඬු මුගුරු නැතිව, ධර්මයෙන් රාජ්‍යය කෙරේවා. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පාපී මාරය මේ ඇයි ද ඔබ මගේ කුමන විතර්කයක් දුටුවේද. ඔබ මට කුමක් කියන්නේ ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සතර සෘද්ධිපාද මැනවින් වැඩුයේය. ඔබ වහන්සේ අපේක්ෂ කරන්නේ නම් හිමවත් පර්වතය රත්රන් බවට පරිවර්තනය කළ හැකිය. ඔබට ධනය ඇත. මම ද ඔබට ධනය දෙමි ඔබ වහන්සේ ධර්මයෙන් රාජ්‍යය කළ මැනව.
හිමවත් පර්වතය රන් රිදී වුවත් හුදෙක් මට එයින් කවර ප්‍රයෝජනයක් ද,
යමෙක් දුක නොදනීද. දුකෙහි හේතුව නොදනීද, නැවත ඉපදීමේ හේතුව හා ලෝකයේ පැවැත්ම නොදනීද, එවැනි වූ තාගේ අවවාද භික්මීම් වලින් කවර අර්ථයක්ද,
ඔබ සමග මගේ කිසිදු කථාවක් නැත. [missing trans]
දිවියෙහි කලණ මිතුරන් ලැබුමද සැපය
ලද දෙයකින් තුටුව දිවි ගෙවුම ද සැපය
මරණය ලගාවන විට කුසලය සැපය
මොක් සුව විඳුම හැම සැපතට වැඩි සැපය.
ලද දෙයකින් තුටුව දිවි ගෙවුම ද සැපය
මරණය ලගාවන විට කුසලය සැපය
මොක් සුව විඳුම හැම සැපතට වැඩි සැපය.
කිසියම් කටයුත්තක් ඇති කල්හි යහළුවෝ සැපගෙන දේ තමන් සන්තක සුළු දෙයින් හෝ සතුටුවීම සැපයි මරණ සන්නයේ දී පින සැපයි. රහත් බව ඒකාන්ත සැපයයි
මවට, පියාට, මහණුන්ට, රහත් උතුමන්ට සත්කාර කිරීම සැපයි.
ජරාව තෙක් සිල් රැකීම ශ්‍රද්ධාව පිහිටීම. නුවණ ලැබීම පව් නොකිරීම සැපයි.
එහි අත්ථමභී පැවිද්දෙකුට සිව්රු මැසීම්, සාමය ඇති කිරීම් හා ගිහියෙකුට කෘෂිකර්ම, වාණිජ, කටයුත්තක් එළඹ සිටි කල්හි බලවත් පක්ෂය සංසිඳවීමෙහි මැඩ පැවැත්වීමෙහි, යම්කිසි කෘත්‍යයක් උපන්විට ඒ කෘත්‍යය සම්පූර්ණ කරලීමට හැකියාව ඇති එබඳු මිත්‍රයෝ, සුඛා සහායා සුවගෙන දේ යන අර්ථයි. තුටඨිසුඛා යම්හෙයකින් ගිහියන් ද ලද දෙයින් සතුටු නොවී, ගෙවල් බදීම් ආදිය කරත්, පැවිද්දේ නානාවිධ එක්වියි අනේසන ධර්මයන් හි යෙදීත් සතුටු නොවෙත්, තමා එහෙයින් යමෙක් ඉතරීතරෙන සුළු වූ හෝ මහත් වූ හෝ තමන් සන්තක දෙයින් සතුටු වීම. සුබා සැපය යන අර්ථයි. ප්‍රඤ්ඤනති මරණ කාලයෙහි දී තම අදහස් පරිදි කරන ලද පින්කම සැප ගෙන දේ. සබ්බස්සා සියලු සසර දුක් ප්‍රහීණ කරන අරිහත්වය සියල්ලන්ටම වඩා සුවය.
මතෙතයචි මව් කෙරෙහි මනා පිළිවෙත් ඇති බව, පිතරි පියා කෙරෙහි මනා පිළිවෙත් ඇති බව, මව්පියන්ට උවැටන් කිරීම, කළයුතුයි. මව් පියෝ දූ පුතුන් තමන්ට උපස්ථාන නොකරන බව දැන තමන් සතු දේ පොළවෙහි නිධන් කරයි. අනුන්ට හෝ දෙති. මව් පියන්ට උපස්ථාන නොකරන පුද්ගලයා නින්දා ලබයි මරණින් පසුව ගුථ නරකයේ උපදිත්. යම්කිසිවෙක් දෙමාපියන්ට උපස්ථාන කරයිද ඔහු ඔවුන්ට සම්පත් ධනය වෙයි. ප්‍රශංසාද ලබත් මරණින් මතු ස්වර්ගයේ උපදිත්. එහෙයින් දෙපරිද්දෙකින් සැප විදී කියයි. පැවිද්දන් කෙරෙහි මනා පැවැත්මයි. බ්‍රමඤ්ඤතාති බැහැර කරන ලද පවු ඇති බුදු - පසේබුදු ශ්‍රාවකයින් අතර මනාව පිළිසදී ඔවුන්ට සිවුපසයෙන් උවටැන් කිරිම පරිත්‍යාග කිරීම කියන ලදී. මෙයද ලොව සැපයකි.
සීලනති - මණිකුණ්ඩල රතු වස්ත්‍ර ආදි අලංකාර වීම නම් ඒ ඒ වයසේ සිටි අයටම ශෝභාමත් වේ. මෙහි ළදරුවන්ගේ අලංකාරය මහළු අයටද මහල්ලන්ගේ අලංකාරය ළමාකලටද හොබී. දකින්නෝ උමතු කෙනෙක් උමතු අයෙකියි ගර්හා කරති. දෝෂයක්ම දකිති. පන්සිල් දසසිල් ආදිය දරුවාටද මහල්ලාටද සියල්ලන්ටම හැම වයසකදීම සුදුසුවේ. සුඛං යාව ජරා සීලං - සද්ධා පතිට්ඨිතාති ලෞකික ලෝකෝත්තර වශයෙන් ශ්‍රද්ධාව දෙයාකාරය ශ්‍රද්ධාව නිශ්චලව පිහිටීම සුවයකි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලැබීම සුවයකි. “පාපානං අකරනනති” ඒ දඬු කැඩීම්, පාරවල් වැසීම් ආදී පවු නොකිරීම මෙලොව සුවයකි. යන අර්ථයි.
දෙසුම අවසන බොහෝ දේවතාවන්ට ධර්මාවබෝධය සිදුවිය.
නාග වර්ග වර්ණනය නිමා විය.
විසිතුන්වැනි වර්ගයයි.
24. තෘෂ්ණා වර්ගය
1-4. කපිල මත්ස්‍යයාගේ කථා පුවත
“මනුජස්සාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කපිල ඇමති නිමිති කරගෙන දේශනා කළහ.
පෙර අතීතයේදී කාශ්‍යප භාග්‍යවතුන් පිරිනිවන් පෑ කාලයේදී කුලදෙකක සහෝදරයෝ දෙදෙනෙක් ගිහිගෙන් නික්ම ශ්‍රාවකයින් අසල පැවිදි වූහ. මේ දෙදෙනා අතර වැඩිමලා සොධන - නම් වීය. බාලයා කපිල නම් විය. මොවුන්ගේ මව සාධීනී නම් වුවාය. කණිටු සහෝදරිය තාපනා නම් වුවාය. ඇය ද භික්ෂුණින් අතර පැවිදි වුවාය. මේ ලෙසට ඔවුන් පැවිදි වු පසුව සොහොයුරන් දෙදෙනා ආචාර්ය උපාධ්‍යයට වතාවත් කර වාසය කරන අතර ස්වාමීනි ! මේ සසුනේ ධුර කීයක්දැයි විමසුහ. එසේ විමසා ග්‍රන්ථධූරය හා විදස්සනා ධුරය යනුවෙන් ධුර දෙකක් බව අසා වැඩිමලා විපස්සනා ධුරය පුරමියි වසර පහක් ආචාර්ය උපාධ්‍යයන් ලග වාසය කර අර්හත්වය දක්වා කමටහන් ගෙන කැලයට පිවිස උත්සාහ කරමින් රහත්බවට පත්විය. බාලයා මම තවමත් තරුණය. මහළු කල විදර්ශනාධූරය ලබා පුරමියි ග්‍රන්ථධූරය පිහිටා ත්‍රිපිටකය උගත්තේය. ඔහුගේ පරියාප්තිය නිසා පිරිවරද පිරිවර නිසා ලාභයද ඇතිවිය. ඔහු බහුශ්‍රැත මදයෙන් මත්වූයේ ලාභ තෘෂ්ණාවෙන් මැඩගත්තේ බොහෝ පණ්ඩිතමානි බැවින් අන්අය විසින් කියන ලද කැපදේ අකැපදේ ලෙසත් අකැප කැප දේ ලෙසටත් කියති. නිවැරදිදේ වැරදි ලෙසටද වැරදිදේ නිවැරදි ලෙසට ද කියයි. මේ නිසා සුපේසල භික්ෂූන් පැමිණ ඇවැත්නි කපිල, මෙලෙස නොකියවු කියා ධර්මයද විනය ද දක්වා අවවාද කරන්නේ, තෙපි කුමක් දන්නේද? හිස් කළයක් වගේ මේ ආදී දේ කියමින් ගරහමින් අවමකරමින් හැසිරෙයි. අනතුරුව සහෝදර සෝධන තෙරුන්ට මේ පිළිබඳව කරුණු කීවාහුය. උන්වහන්සේද මෙම තෙරුන් වෙත එළඹ ඇවැත්ති කපිල ඔබ වහන්සේලාගේ මනාපැවැත්ම සසුනට ආයුෂ වේ. මේ නිසා සම්‍යයක් ප්‍රතිපත්ති දුරුකර කැපදේ ආදිය වලකමින් අවවාද නොකරන්න. ඔහු උන්වහන්සේගේ අවවාදයද බැහැර කලේය. මෙසේ ඇතිකලද එම තෙරුන් දෙතුන් වරක් අවවාද කර එය පිළි නොගන්නේ, මගේ වචන නොකරතියි දැන ඇවැත්නි එසේ නම් තමන්ට වුවමනා ලෙස කරන්නැයි කියා පිටත්ව ගියහ. එතැන්සිට යහපත් භික්ෂූන් ඔහු අත් හලහ.