4-5. බේම උපාසක පිළිබඳ කථා පුවත
“වත්තාරි ඨානානි යන” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී අනේපිඬු සිටුගේ බෑනාවු ඛේම නම් සිටුපුත්රයා නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු මනාරූප ඇත්තේය. බොහෝ ස්ත්රීහු ඔහු දැක රාගයෙන් යුතු වුයේ තමන්ගේ ස්වභාවයෙන් සිටීමට නොහැකිවුහ. ඔහුද පරදාර කර්මයෙහි කැමැත්තේ විය. අනතුරුව ඔහු රාත්රියේ රාජ පුරුෂයන් විසින් අල්ලා ගන්නාලදුව රජුට දැක්වුහ. රජ මහා සිටුවරයාට ලජ්ජා වෙතියි ඔහුට කිසිවක් නොකියා මුදවා යැවීය. හෙතෙමේ ද එ වරදින් නොවැලකුනේය. අනතුරුව දෙවනුවද තෙවනුවද රාජ පුරුෂයන් ගෙන රජුට දැක්වුහ. රජු නිදහස් කළේය මහ සිටුවරයා මේ පුවත දැන ඔහු රැගෙන බුදුන් වෙත ගොස් ඒ පුවත දැනුම් දී ස්වාමීනි මොහුට ධර්ම දේශනා කරන්නැයි පැවසුවේය. බුදුහු ඔහුට සංවේගය ඇති වන සේ කතා කොට පරදාර සේවනයේ දොස් දක්වමින් මේ ගාථාව පැවසුහ -
පරඹුවන් සේවනය කරන ප්රමාද වු මිනිසා අකුසල් ලබයි. කැමති සේ නිදි නොලබයි. තුන්වැනිව නින්ද ලබයි. ගතරචෙතිව නරකයේ උපදියි. මේ දුක්ඛිත කරුණු සතර පැමිනේ.
අකුශල් ලැබීමද ලාමක ගතියද ඔහුට වෙයි. බියට පත් වුවහු බියටපත් ස්ත්රියක් සමග යෙදෙන කාමරතියද ස්වල්ප වන්නේය. රජුද බර දඩුවම් දෙයි. එනිසා පුරුෂයා පරදාර සේවනය නොකළ යුතුයි.
එහි ඨානාති - දුකට කරුණුයි පමත්තෙතාති - සිහි මුර්ජාවෙන් යුතුවුයේ වෙයි ආපජ්ජතිති - දුක්වලට පැමින්නේ, පරදාරු පසෙවී පර අඹුවන් සේවනය කිරීමෙන් අපුඤ්ඤලාභං - අකුසල් ලබයි. එසේ අකුසල් ලැබීමෙන් නරකාදියෙහි උපදින්නට සිදුවේ. යම් සේ නින්දක් නොලැබ එලෙස නින්දක් නොලැබ, අකමැත්තෙන් ස්වල්ප කාලයක් නින්ද ලබයි. අපුඤ්ඤලාභෝ මෙසේ මොහුට අකුසල් නිසා පාපී ස්වභාවය ඇති වේ. රතීච ථොකිතාති - බියවු තැනැත්තාට බියවු ස්ත්රියක් සමග යෙදෙන රතියද ස්වල්පය සීමිතය. ගරුකං රජවරු ද අත් පා කැපීම් ආදී වශයෙන් ගරු දඩුවම් පනවයි. එනිසා යමෙක් පරදාර සේවනය කරන්නේ මේ අකුශලයට පත්වේ. එනිසා පරදාර සේවනය නොකළ යුතුය. යන අර්ථයි.
දෙසුම අවසානයේ ඛේම උපාසක තෙමේ සෝවාන් ඵලයට පත්විය. එතැන් පටන් මහජනයා සුවසේ කල්යැවීය. ඔහුගේ පුර්ව කර්මය කුමක්ද? ඔහු කාශ්යප බුද්ධ කාලයේ දී උතුම් මල්ලවයෙක්ව ඉපිද රන් පටසළු දෙකක් තථාගතයන් වහන්සේගේ රන් ථුපයකට නංවා ප්රාර්ථනයක් තැබීය. තමා සහලේ ඥාති ස්ත්රීන් හැර අනෙක් ස්ත්රීන් මා දැක මට ඇලේවා යනු වෙන් ප්රාර්ථනා කළේය. මෙය ඔවුන්ගේ පුර්ව කර්මයයි. මේ නිසා ඔහු උපනුපන් ස්ථානයන්හි අන් අයගේ ස්ත්රීන්ට තමන්ගේ තැන සිටීමට නොහැකි වුහ.
6-8. අකීකරු භික්ෂුවගේ කථා පුවත
“කුසො යථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී එක්තරා දුර්වල භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර එක් භික්ෂුවක් නොදැන එක් තණපතක් සිඳ කුකුසක් ඇතිවු නිසා වෙනත් භික්ෂුවක් වෙත එළඹ ඇවැති යමෙක් තණ පතක් සිඳියිද? ඔහුට කුමක්වේදැයි සිහිපත් කරන්න. අවබෝධ කර මෙහි කිසිවරදක් නැත. දේශනාකර මිදේයයි පවසා තමන් ද දෙඅතින් තණ මිටක් කඩා ගත්තේය. භික්ෂුහු එම පුවත බුදුන්ට දැන්වුහ. බුදුහු එම භික්ෂුවට නොයෙක් ආකාරයෙන් ගරහා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසීය -
වැරදි ලෙසට අල්ලාගත් කුසතණපත ඒ අල්ලාගත් අතම කපා දමයි. එමෙන් වැරදි ලෙස යෙදූ පැවිදි බව ඒ පුද්ගලයා නිරයට ඇද දමයි.
ලිහිල් කොට කරන පින්කම ද, කිලිටු වු වෘතය ද, සැකයෙන් හැසිරෙන බඹසර ද මේ සියල්ල මහත්ඵල නොවේ.