2. දුශ්චරිත ඵල අනුභව කරන සත්ත්වයන් පිළිබඳ කථා පුවත
“කාසාව කණ්ඨා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී දුශ්චරිත නිසා දුශ්චරිතවල ප්‍රතිඵල වසයෙන් පෙළුන සත්ත්වයන් නිමිති කරගෙන දේශනාකළහ.
ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින් ලක්‍ෂණ තෙරුන් සමග ගිජුකුළු පව්වෙන් බසිනවිට අට්ඨි සංබලික ප්‍රේත ආදීන්ගේ ආත්මභාව දැක සිනා පහල කරන්නේ ලක්ඛණ තෙරුන් විසින් සිනා පහළ කිරීමට හේතු විමසුමෙන් ඇවැත්නි මේ සුදුසු කාලය නොවේ. බුදුන් හමුවේ මගෙන් මේ පිළිබඳව විමසන්නැයි කීය. ලක්ඛණ තෙරුන් ද එය සිත තබාගෙන තථාගතයන් ඉදිරියේදී තෙරුගෙන් විචාරණ ලද්දේ. ඇවැත්නි මම ගිජුකුළු පව්වෙන් බසද්දී තුන් සිවුරු පාත්‍රා ගිනි ගෙන දිලිසෙන්නාවු ඇටසැකිලි පමණකින් යුත් භික්ෂු භික්ෂුණී ලෙසින් පැවිදි ප්‍රේතයන් දුටිමියි. සහධර්මික ලක්ඛණ තෙරුන්ට දැනුම් දුන්නේය. ශාස්තෲන් වහන්සේ මෙහිදී කාශ්‍යප බුද්ධ කාලයේදී පැවිදිව, පැවිද්ද අනුරූපව පුරන්නට නොහැකි වුවන්ගේ ආත්ම භාවය පවසා, ඒ අවස්ථාවේ එතැන සිටියවුන්ට බොහෝ දුශ්චරිත කර්ම විපාක දක්වමින් මේ ගාථාව පැවසුහ -
පොරවා ඇතත් සිය සිරුරෙහි කසාවත
පාපී ගතිය ඇත. සංයම ගතිය නැත
නොතකා හරිතහොත් සිය පැවිදි පිළිවෙත
මතුදින අපායෙහි දුක් විඳතැවෙනු ඇත.
කසාවතින් ගෙළ වෙළා ගත්, මහණ පිළිවෙත්හි නොයෙදෙන, සංයමක් නැති බොහෝ පුද්ගලයෝ වෙති. ඒ පාපි පුද්ගලයෝ, සිය පව් කම් හේතුවෙන් නරකයෙහිම උපදිති.
එහි කසාව කණ්ඨ යනු කසාවතකින් වෙලන ලද ගෙල ඇත්තෝයි. පාප ධම්මාති - ලාමක වූ ධර්මයෝ, අසඤ්ඤතාති කායාදී සංවර රහිත - පාපී පුද්ගලයෝය. තමන් විසින් කළ අකුශල කර්මයෙන් ඔවුන් නරකයේ උපදිති ඔවුන් එහි පැසී, ඉන් චුතවුවෝ විපාක වශයෙන් ප්‍රේත යෝනියේද මෙලෙස විපාක විඳී යන අර්ථය
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
3. වග්ගුමුදා හෝ තෙර වැසි භික්ෂූන්ගේ කථා පුවත
“සෙය්‍යා අයෝගුලො” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ මහාවනයේ වැඩසිටියදී “වග්ගුමුදා” නදී තීරයේ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත “උත්තරි මනුස්ස ධම්ම පාරාජිකාවේ” ආ ලෙසට ය.
එදින බුදුන් එම භික්ෂූන්ට මහණෙනි තෙපි උදර පෝෂණය සඳහා ගිහියන්ට ඔවුනොවුන්ගේ උතුරු මිනිස් දම් (මහගු ලොව්තුරා දහම්) ගුණ පවසව් ද? කියා ඔවුන් විසින් එසේය ස්වාමීනියි පැවසුවිට බුදුහු නොයෙක් ආකාරයෙන් ගර්හා කොට මේ ගාථාව පැවසුහ.
දුසිලෙකුව සිටිමි න්
සිව්පසයෙ රසවිඳිමි න්
ඉන්නෙපා අදමි න්
සිටිනු රත් ලෝ ගුලිම ගිලිමි න්
සීල සංයමයක් නැති දුශ්ශීලයා රට වැසියන් විසින් සැදැහැයෙන් දෙනු ලබන සිව් පසය වළදනවාට වඩා ගිනි ගුළියක් සේ රත්වුණු ලෝහ ගිලීම යහපති.
එහි යංවෙ භුඤ්ජය්‍ය - යනු යම් දුසිල් පුද්ගලයෙක් කාය ආදීයෙන් හෝ අසංවර වුයේ රට වැසියන් විසින් ශ්‍රද්ධාවෙන් දෙනලද ආහාරය යයි අගවා ගෙන අනුභව කරයිද, එයට වඩා ගිනිගත් යගුලියක් ගිලීම ශ්‍රේෂ්ඨය සුන්දරය කුමක්නිසාද එයින් එකම ආත්මභාවයකදී විපාක ලැබේ දුශිල තැනැත්තේ සැදැහැවතුන්ගේ සිව්පස පරිභෝග කර ජාති දස දහස් ගණන් නිරයේ පැසෙන්නේය යන අර්ථයි.
දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵල ආදියට පත්වුහ.
4-5. බේම උපාසක පිළිබඳ කථා පුවත
“වත්තාරි ඨානානි යන” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී අනේපිඬු සිටුගේ බෑනාවු ඛේම නම් සිටුපුත්‍රයා නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු මනාරූප ඇත්තේය. බොහෝ ස්ත්‍රීහු ඔහු දැක රාගයෙන් යුතු වුයේ තමන්ගේ ස්වභාවයෙන් සිටීමට නොහැකිවුහ. ඔහුද පරදාර කර්මයෙහි කැමැත්තේ විය. අනතුරුව ඔහු රාත්‍රියේ රාජ පුරුෂයන් විසින් අල්ලා ගන්නාලදුව රජුට දැක්වුහ. රජ මහා සිටුවරයාට ලජ්‍ජා වෙතියි ඔහුට කිසිවක් නොකියා මුදවා යැවීය. හෙතෙමේ ද එ වරදින් නොවැලකුනේය. අනතුරුව දෙවනුවද තෙවනුවද රාජ පුරුෂයන් ගෙන රජුට දැක්වුහ. රජු නිදහස් කළේය මහ සිටුවරයා මේ පුවත දැන ඔහු රැගෙන බුදුන් වෙත ගොස් ඒ පුවත දැනුම් දී ස්වාමීනි මොහුට ධර්ම දේශනා කරන්නැයි පැවසුවේය. බුදුහු ඔහුට සංවේගය ඇති වන සේ කතා කොට පරදාර සේවනයේ දොස් දක්වමින් මේ ගාථාව පැවසුහ -
පරඹුවන් සේවනය කරන ප්‍රමාද වු මිනිසා අකුසල් ලබයි. කැමති සේ නිදි නොලබයි. තුන්වැනිව නින්ද ලබයි. ගතරචෙතිව නරකයේ උපදියි. මේ දුක්ඛිත කරුණු සතර පැමිනේ.