13-14. තීර්ථ සාවකයන් පිළිබඳව කථා පුවත
“අවජ්ජෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී තීර්ථක ශ්රාවකයන් අරමුණු කරගෙන දේශනා කළහ.
එක් සමයෙක අන්ය තීර්ථකයන්ගේ දායකයෝ තම පුතුන්, සම්යදෘෂ්ටික උපාසක වරුන්ගේ පුතුන් සමග පිරිවරාගෙන ක්රීඩා කරණු දැක, ඔවුන් ගෙට ආ කළ තෙපි ශාක්ය පුත්රයන් නොවැදිය යුතුය. ඔවුන්ගේ විහාරවලට නොයායුතුයයි තීර්ථකදායකයන් විසින් දිවුරුම් ගන්නා ලදී. ඔවුහු ද එක්දිනක් දෙව්රම් වෙහෙරට පිටත දොරටුව අසල ක්රීඩා කරමින් පිපාසිතව සිටියාහුය. එක්තරා උපාසක දරුවෙක් එක් ළමයෙකුට කථා කොට නුඹ එහි ගොස් පැන්ඛී අපටද පැන් රැගෙන එන්නැයි විහාරයට යැවුහ. ඔහු විහාරයට පිවිස බුදුන් වැඳ ජලය පානය කොට එම අදහස දැන්වීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔබ පැන් පානය කර ගොස් අන්අයටද පැමිණ පැන් පානය කිරීමට එවන්නැයි ඔහුට වදාළහ. ඔහු ද පැමිණ පැන් පානය කළහ. බුදුහු ඔවුන් කැඳවා ඔවුන්ට ගැලපෙන ධර්මයක් දේශනා කොට ඔවුන් අචල ශ්රද්ධාවේ පිහිටුවා සරණ ශීලයෙහි පිහිටවුහ. ඔවුහු ඔවුන්ගේ ගෙවල්වලට ගියපසු මේ කරුණ දෙමාපියන්ට දන්වා සිටියහ. අනතුරුව ඔවුන්ගේ දෙමාපියෝ පුත්රයෝ පෙරලු දෘෂ්ටි ඇත්තෝ වුවෝයයි. දොම්නසට පත්ව ඇඩුහ. ඔවුන් අතර පවුල බොහෝ වු අසල් වැසියෝ පැමිණ දොස සංසිඳවනු සඳහා ධර්ම කීවාහුය. ඔවුහු ඔවුන්ගේ කථාව අසා මේ දරුවන් භවත් ගෞතමයන්ටම පාවාදෙමුයි මහත් ඥාතීන් සමග විහාරයට ගෙන ගියහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ අදහස් බලා ධර්මදේශනා කරන්නේ මේ ගාථාව වදාළහ.
වරද නිවරද යයි - නිවරද වරද වේමැයි
වැරදි සිතිවිළි ගැනුම ජීවිතේ මරණයයි
වැරදි සිතිවිළි ගැනුම ජීවිතේ මරණයයි
වැරදි දැන වැරදි සේ - එයින් මිදෙනා දනෝ
සුගතියට යනෝ - සදිටු සිත් ගැනීමෙන්
සුගතියට යනෝ - සදිටු සිත් ගැනීමෙන්
නිවරද කරුණෙහි වරදයයි අදහස ඇති වරදෙහි නිවැරදියයි දැකුම ඇති - මිසදිටු ගැනීම ඇති සත්වයෝ දුගතියට යති.
වරද වරදලෙස දැන - නිවරද දේ නිවැරදි ලෙසට දැන නිවැරදි (සම්මා) දෘෂ්ටිය ගන්නාවු සත්වයෝ සුගතියට යන්නාහුය.
එහි අවජ්ජෙති - දසවස්ථුක සම්මා දෘෂ්ටියත් ඒ ඇසුරු කොට ඇති ධර්මත්, වජ්ජමතිනොති - මෙය වරදයයි උපන් අදහස් ඇති දසවස් තත් වැරදි දෘෂ්ටියෙහි මිථ්යාදෘෂ්ටියෙහි උපනිශ්රය ධර්මයෙහි නිවරද දකින. මෙසේ අවජ්ජං වජ්ජති, වජ්ජංච අවජ්ජති නිවරද වරද ලෙසද වරද නිවරද ලෙසද දැන හඳුනාගෙන මිථ්යා දෘෂ්ටිය ගත් අය මිච්ඡා දිට්ඨි සමාදානා, සත්තා දුග්ගතිං ගච්ඡන්ති - සත්වයෝ නිරයට යන අර්ථය දෙවැනි ගාථාවේ කියන ලද ලෙසට වෙනස් වු අර්ථය දතයුතුය.
දේශනාවසානයේ ඒ සියල්ලෝ තිසරණයේ පිහිටා නැවත නැවතද ධර්මය අසා සෝවාන් ඵලයෙහි පිහිටියාහුය.
නිරය වර්ග වර්ණනය නිමාවිය.
විසි දෙවෙනි වර්ගයයි.
23. නාග වර්ගය
1-3. තමන් නිමිති කරගෙන කියන ලද කථා පුවත
“අහං නාගො වාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කොසබෑ නුවර වැඩ සිටියදී තමන් අරමුණු කොට දේශනා කළහ.
කථා පුවත අප්පමාද වර්ගයේ මුල් ගාථා වර්ණනයේ විස්තර කළ පරිදි කියන ලදී.
එහි මාගන්දිය කිසිවක් කිරීමට තමන් අසමත් වූ භවත් ගෞතමයන්ට කළයුතු දේ කරමියි නාගරිකයන්ට අල්ලස් දී භවත් ගෞතමයන් ඇතුළු පිරිස නුවරට පිවිස හැසිරෙන විටදී ආක්රෝෂකොට පරිභව කොට බැන පළවා හරිනැයි දැසි දස් කම්කරු පිරිසට අණකළාය. මිත්යා දෘෂ්ටිකයෝ රත්නත්රයේ නොපැහැදී, ඇතුළු නගරයට පිවිසි බුදුන් ලුහුබැඳ සොරෙකි, බාලයෙකි, මුළාවුවෙකි වංචාකරුවෙකි ඔටුවෙකි. ගොණෙකි, කොටළු වෙයි. නිරිසතෙකි, තිරිසනෙකි ඔබට සුගතියක් නැත. දුගතියම බලාපොරොත්තු වන්නැයි දස ආක්රෝෂ වස්තූන්ගෙන් නින්දා බස් කියති. මෙසේ පරිභව කරණු අසා ආයුෂ්මත් ආනන්ද තෙරුන් බුදුන්ට මෙසේ කීවේය. ස්වාමීනි මේ නගර වැසියෝ අපට ආක්රෝෂ පරිභව කරති. මෙයින් වෙනත් තැනකට යමුයි. කියා පැවසුහ. ආනන්ද කොහි යන්නද? ස්වාමීනි අනෙක් නගරයකට යමු. එහි මිනිසුනුත් මෙසේ ආක්රෝෂ කරනවිට කොහි යමුද? එයිනුත් අනෙක් නගරයකට යි පැවසුහ. ආනන්ද මෙලෙස කිරිම නොවටී. යම් තැනක අධිකරනයක් උපදීද, එයට මුහුණදී එය සංසිඳුන පසු අතැනකට යාම වටී. ආනන්ද මේ ආක්රෝෂ කරන්නේ කවුරුන්ද? දාස - කම්කරුවෝ සියල්ලේම ආක්රෝෂ කරතියි - පැවසුහ. ආනන්ද යුද්ධයකට ගිය ඇතා සතර දිශාවෙන් එන ඊ පහර ඉවසීම වගකීමයි. එසේම බොහෝ දුසීලයන් විසින් කියන කථා ඉවසීම සවන්දීම එය මගේ වගකීමයි. පවසා තමන් ආරම්භ කොට ධර්මය දේශනා කරන්නේ. මේ ගාථාව දේශනා කළහ -
යුදබිමේදී හතර දිගින් වැදෙන හී පහර ඉවසන ඇතෙකු මෙන්, මම ද දුසිලුන් විසින්, අනුන් විසින් කියන ඵරුෂ වචන ඉවසමි.
බොහෝ දෙනා රැස්වන තැනට දමනය වු ඇතෙකුම ගෙනයයි. රජු ද දමනය වු ඇතෙකු පිටම නගී. ඔවුනොවුන් විසින් කියනු ලබන ඵරුෂ වචන ඉවසන මනාව හික්මුණු තැනැත්තාම මිනිසුන් අතර ශ්රේෂ්ඨය.
දැඩී වෛර ඇති අශ්වයෝ ද ආජානීය හා සෛන්ධව අශ්වයෝද, මහානාග නම් ඇත්තු ද, දමනය වූ විටම උතුම්ය, ඒ සැමටම වඩා තමා දමනය කිරීම උතුම් වේ.
එහි නාගොවාති - ඇතකු මෙන් චාපාතො පතිතනති දුන්නෙත් මිදුනු අතිවාක්යං - අට අනාර්ය ව්යවහාර ලෙස පවතින ක්රම වචනය ඉක්මවීමේ වචනය, තිතබ්බිස්සං යම්සේ යුද්ධයට සුදුසු වු දැමුනු මහා ඇතා හී සර විත් වැදුනවිට වේදනාවුයේද ඉවසයි. මෙසේම නින්දාබස් ඉවසයි යන අර්ථයි. දුසීලො ලෞකික මහජනයා බොහෝ දෙන දුස්සීලය - තම තමන්ට රුචිලෙස වචන කියති ගැටෙමින් හැසිරෙති. මධ්යස්ථව සිට බලමින් එය ඉවසීම මගේ වගකීමයි. මට බාරයි සමිතිං උද්යාන ක්රීඩා මණ්ඩල ආදියෙහි මහජනයා මැදට යන්නේ දැමුනාවුම ගොනුන් අසුන් යානයෙහි යොදාගෙනම රාජා රජුද එලෙසට සතුන් පිට යන්නේ දැමුනු සතෙකු පිට ම යයි. මනුසෙස්සයුති - මිනිසුන් අතරද චතුරාර්ය මාර්ග යෙහි දැමුනු තැනැත්තාම ශ්රේෂ්ඨවේ. යොතිවාක්යං තිතික්ඛති - යම් කෙනෙක් මෙබඳුවු ශීලාචාරය ඉක්මවන වචන නැවත නැවත කියන්නේද ඉවසයි ද නොසැලේ ද වෙහෙසට පත්නොවේ ද මෙබඳු දැමුන තැනැත්තා ශ්රේෂ්ඨවේ - යන අර්ථයි.