9. සූකර ප්රේතයා පිළිබඳ කථා පුවත
“වාචානු රක්ඛී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී සුකර ප්රේතයකු නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් මහ මුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරුන් සමග ගිජුකුළු පර්වතයෙන් බසිමින් එක් පෙදෙසක දී සිනා පහළ කළහ. මෙහිදී ලක්ඛණ තෙරුන් ඇයි ඇවැත්නි කුමක් නිසා සිනා පහළ කළේ ද යනුවෙන් මුගලන් තෙරුන්ගෙන් විමසුහ. දැන් එයට පිළිතුරු දීමට කාලය නොවේ. මෙය බුදුන් හමුවේදී මගෙන් විමසන්නැයි පැවසීය. මෙලෙස පිළිතුරු දී රජගහ නුවර පිණ්ඩපාතයේ ගොස් පසුව වේළුවනයට පැමිණ බුදුන් වැඳ සිටියාහුය. එහි දී ලක්ඛණ තෙරුන් ඒ කරුණ විමසුහ. මුගලන් තෙරුන් මෙසේ පැවසුහ. ඇවැත්නි මම එක් ප්රේතයෙක් දුටුවෙමි. ඔහුගේ සිරුර ගව් තුනක් පමණය. එය මිනිස් සිරුරකට සමානය. හිස ඌරෙකුගේ වැනිය. ඔහුගේ කටේ නගුටක් තිබුනි. එයින් පණුවන් ගිලිහුනි. මම මෙබඳු අයෙකු මින් පෙර නොදුටුවෙමි. ඔහු දැක සිනා පහළ කළෙමි. බුදුහු මහණෙනි මගේ ශ්රාවකයින් අතර ඇස් ඇති අය සිටිතියි පවසා මම ද මොහු බෝධි මණ්ඩලයේදී දුටුවෙමි. යම් කෙනෙක් මාව නොපිළිගනියයි එය ඔවුන්ගේ අහිත පිණිස පවතී යයි, අන් අය කෙරෙහි අනුකම්පාවෙන් නොකීවෙමි, දැන් මේ මුගලන් සාක්ෂි ලැබ කියමි. මහණෙනි. මුගලන් සත්යයක්ම පැවසුවේය එය අසා භික්ෂුහු බුදුන්ගෙන් විමසුහ. ස්වාමිනි ! ඔහුගේ පුවකමය කුමක්ද? මහණෙනි ! අසාගන්නැයි ඔහුගේ අතීත පූර්ව කර්මය පැවසුහ.
කාශ්යප බුද්ධ කාලයේ එක් ගමක ආවාසයක තෙරවරු දෙනමක් සමගිව වාසය කළහ. ඔවුන් අතරින් එකතෙරනමක් වයස හැටකි. එක් නමක් පනස්නවයකි. පනස් නවයක් වයස්වූ තෙරුන් අනෙක් නමගේ පාසිවුරු ගෙන හැසිරුණේය. සාමණේර නමක් ලෙසට සියළු වතාවත් කළේය. ඔවුන් එක මවු කුසකින් උපන් සහෝදරයන් ලෙසට සමගිව වසන තැනට එක් ධර්මකථික නමක් පැමිණියේය. එදින ධර්මය අසන දිනයක් විය. තෙරුන් සලකා අපට ධර්ම කථාවක් කරන ලෙසට කීවාහුය. උන් වහන්සේ ධර්ම කථාව පැවසුවේය. තෙරවරු ධර්ම කථික නමක් අප ලැබුවේයයි සතුටුසිත් ඇතිව දෙවන දින එම තෙරුන් ද ගෙන දුර ගමක පිණ්ඩපාතයේ ගොස් බත්කිස නිමවා ඇවැත්නි ඊයේ සිටි තැනදී කළා මෙන් කෙටි ධර්ම කථාවක් කරන්නැයි ඒ ගමේ මිනිසුන්ට බණ කියවුහ. මිනිස්සු බණ අසා පැහැදී දෙවන දිනයට ද ආරාධනා කළහ. මේ ලෙසට මුළු ගම්වල දින දෙක දෙක දේශක තෙරුන් ගෙන පිඬු සිඟා වැඩම කළහ.
ධර්ම කථික තෙරුන් මෙසේ සිතුවේය. මේ දෙදෙනා බොහෝ මෘදුය. මවිසින් මේ දෙදෙනාම පළවා හැර මේ විහාරයේ වාසය කිරීම වටී. ඔහු සවස තෙරුන්ට උවටැනට ගොස් භික්ෂූන් නැගිට ගියවිට නැවතී මහතෙරුන් වෙත එළඹ ස්වාමීනි ! කිවයුතු කිසිවක් ඇතැයි කියා - ඇවැත්නි කියන්නැයි පැවසුවිට ටිකක් සිතා - ස්වාමීනි මහාසාවජ්ජ යයි කියා නොකියාම පිටත්විය. අනු තෙරුන් ළගටද ගොස් එලෙසටම කළේය. ඔහු දෙවැනි දිනයේද එලෙසටම කර තුන්වැනි දිනයේ දී ඔවුන් අතර දැඩි කුහුලක් ඇතිවුවිට මහතෙරුන් වෙත එළඹ ස්වාමීනි කිවයුතු කිසිවක් ඇත. ඔබ වහන්සේ ළඟ කීමට නොහැකෙමි. කියා තෙරුන් විසින් කමක් නෑ කියන්නැයි කීවේය. ඇය ස්වාමීනි අනු තෙරුන් ඔබ වහන්සේ සමග සහෝදර අපි එකම මවකගේ දරුවන් සේ ය. එක් අයෙකුට ලැබුන දෙය අනෙකාටද ලැබුන සේය. ම විසින් ඔහුගේ අගුණයක් මෙතෙක් නොහැක්කෙමි. එසේය ස්වාමීනි. ස්වාමීනි අනුතෙර විසින් මට මෙසේ පැවසුවේය. සත්පුරුෂය ඔබ කුල පුත්රයෙකි. මේ මහතෙරුන් ලජජා සහිතය. ප්රියජනකය. උන්වහන්සේ සමග එකට කටයුතු කිරීමේදී පරීක්ෂාකර කරන්න. මේ ලෙසට මම පැමිණි දිනයේ සිටම පවසයි.
මහතෙර මෙය අසා කිපුන සිත් ඇත්තේ මුගුරකින් පහර ලද මැටි බඳුනක් සේ බිඳුනේය. අනෙකා නැගිට අනුතෙරුන් ළඟට ගොස් මෙලෙසටම පැවසුවේය. ඔහු ද එලෙසටම සිත් බිඳුනි. ඔවුන් අතර කිසිවක් මෙතෙක්කල් එක් අයෙක් හෝ වෙන්වී පිඬුසිඟා නොගියහ. දෙවන දවස වෙන් වී පිණ්ඩපාතයේ ගියේ අනුතෙර කල් ඇතිව පැමින උවටැන් හලේ සිටියේය. මහතෙර පසුව පැමිණියේය. එය දැක අනුතෙර මෙසේ සිතුවේය. කිම මොහුගේ සිවුරු ගත යුතුද එසේ නොපිළිගත යුතුද? යනුවෙනි. ඔහු දැන් නොපිළිගනිමි. සිතාද ම විසින් එසේ නොකරන ලදී මවිසින් තමන්ගේ වතාවත විනාශ කිරීම නොවටීයයි සිත මෘදු කරගෙන තෙරුන් වෙත එළඹ ස්වාමීනි පාසිවුරු දෙන්නැයි කීවේය.
මහතෙර “යව අවිනීතය. ඔබ මගේ පාසිවුරු පිළිගැනීම යුතු නොවේ”. අසුරු ගසා එසේනම් හොඳයි ස්වාමීනි මම ද ඔබගේ පාසිවුරු නො ගනිමියි සිතුවේය. කීකළ ඇවත්නි නවක ඔබ තවත් සිතන්ද? මට මේ විහාරයේ කිසියම් ඇලීමක් ඇතැයි කීය. අනෙකා ද ඔබ වහන්සේලා කුමක් සිතුන්ද මේ විහාරයේ කිසියම් ඇලීමක් ඇතැයි මේ ඔබේ විහාරයයි. කියා පාසිවුරුගෙන නික්මයි. අනෙකාද නික්මෙනි. ඒ දෙදෙනාම එකම මගකින් නොගොස් එකෙක් බටහිර දොරටුවෙන් ද අනෙක් නම පෙරදිග දොරටුවෙන් ද මාර්ගයට එළඹුනි. ධම්ම කථික තෙර ස්වාමීනි මෙසේ නොකරන්නැයි කියා නවත්තන්නැයි කීවිට නො නැවතුනි. ඔහු පසුදින දුර ගමකට පිවිසියේ මිනිසුන් විසින් ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේලා කොහිදැයි විමසුවිට ඇවැත්නි මගෙන් නො විමසව, තොපගේ කුලුපග තෙරුන්ද ඊයේ කෝලාහල කොට නික්මුනාහුය. මා ආයාචනා කළේද නැවැත් වීමට නොහැකිවීයයි පැවසුවේය. ඔවුන් අතර ලාබාල අය සිටියහ. නුවනැති අය, අප විසින් මෙතෙක් අපේ හිමිවරුන් අතර කිසි කළහයක් නුදිටුමු. මේ බිය මොහු නිසාම මේ භික්ෂුව නිසා සිදුවීයයි දොම්නසට පත්වුහ.