5-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා පුවත
“නතෙන ථෙරො හොති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී ලකුණ්ටක භද්දිය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් එම තෙරුන් බුදුන්ට උවටැන් කර ආපසු එන අතරදී තිහක් පමණ ආරණ්යක භික්ෂූන් වහන්සේ දකිමින්ම අවුත් බුදුන් වැඳ වාඩිවුහ. බුදුහු උන්වහන්සේලාගේ රහත් වීමේ හේතු සම්පත් දැක. මේ ප්රශ්නය ඇසුහ. මෙයින් පිටත්ව ගිය තෙරුන් වහන්සේ දැක්කෝද? නොදැක්කෙමු ස්වාමීනි. කවරෙක්වත් නොදුටුවේද? එක් සාමණේර නමක් දුටුවෙමු. මහණෙනි ඔහු සාමණේරයෙක් නොවේ. ඔහු ථෙරනමක්මය. ස්වාමීනි ඉතා කුඩාය. මහණෙනි මම මහළු වීම් පමණකින්, ථේර ආසනයේ වැඩිවී සිටීම නිසාම ථේරයයි. නොකියමි. යමෙක් සත්යය අවබෝධ කරගෙන මහජනයාට අහිංසක භාවයේ සිටි තැනැත්තා මේ තෙරුන් යයි පවසා මේ ගාථාව දෙසුහ.
කෙටික ඉදුනු පමණින් මහ තෙර නොවනු
අවිහිංසාව, තිර බව - ඉඳුරන් දැමුනු
අවිහිංසාව, තිර බව - ඉඳුරන් දැමුනු
සිව්සස් දමින් සංයමයෙන් සිත පිරුණු
උතුමානෝම “තෙර” නාමෙන් පිළි ගැණුනු
උතුමානෝම “තෙර” නාමෙන් පිළි ගැණුනු
කෙස් පැසුන පමණින් තෙරනමක් නොවේ. මුහුකුරා ගිය වයස් ඇති. අඥාන මහල්ලායි කියනු ලැබේ.යමෙක් කෙරෙහි සත්යයද චතුරාර්ය ධර්මයද අවිහිංසාවද සඤ්ඤමහා දමනය වේද වමාරා දැමු කෙලෙස් ඇති ප්රාඥයා තෙරුන් යයි කියැවේ.
එහි පරිපක්ක - නම් දිරාගිය වෘද්ධම්සභාවයට පත්වූ යන අරුතයි. මොඝජිණ්ණ නම් ඇතුලත ථෙරකාරි ධර්මයන් නොමැති හෙයින් හිස් වෘද්ධයෙක්. පමණි යමහි සච්චඤච ධම්මො යයි පුද්ගලයන් කෙරෙහි සොළොස් ආකාරයෙන් අවබෝධ කරගත් නවවිධ ලෝකෝත්තර ධර්මය ඇති ද. අහිංසාති. හිංසා නොකරන ස්වභාවයයි. දේශනා මාත්රය පමණි. යම් කෙනෙක් කෙරෙහි චතුර්විධ නුවණින් අවබෝධකරගත් අප්ප මඤ්ඤා භාවනා ඇති. යන අර්ථයි. සඤ්ඤමො දැමුණු - යනු සීලයෙහි මෙන්ම ඉන්ද්රිය සංවරය අදහස් කෙරෙයි. වන්තමල නම් මාර්ග ඤාණයෙන් ඉවත් කළ කෙළෙස් ඇති යන්නයි. ධීර - නම් ධෛර්ය සම්පන්න බවයි. ථෙරො - ඔහු මේ තුරුණු ස්ථිරභාව කරනයෙන් යුක්ත හෙයින් “ථේර” නමින් හැඳින්වේ යන අර්ථයි.
දෙසුම අවසන ඒ භික්ෂුහු රහත්වුහ.
7-8. බොහෝ භික්ෂූන් පිළිබඳ කථා පුවත
“න වාක්කරන මත්තෙන ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ භික්ෂූන් අමතා දේශනා කළහ.
එක් අවස්ථාවකදී ළමයින් හා සාමණේරවරුන් තමන්ගේ ධම්මචාරීන් සමග සිවුරු පඬු පෙවීම් ආදී වතාවත් කරන්නන් දැක, සමහර තෙරවරු මෙසේ සිතුවාහුය. අපි අකුරු කිරීමේ දක්ෂ අය වෙමු. අපට කිසිවක් නැත. යම්හෙයකින් අපි බුදුන් වෙත එළඹ මෙසේ කියමු.
ස්වාමීනි අපි අකුරු කිරිමේ දක්ෂ අය වෙමු. අන් අය සමීපයේ ධර්මය උගන්නා තෙරණුන් (අප) ළඟම පිරිසිදු නොකර සජ්ඣායනා නොකරව් යයි දහර සාමණේරවරුන්ට අණ කරණු මැනවි. එනිසා අපට ලාභ සත්කාර වැඩෙන්නේය. ඔවුහු බුදුන් වෙත එළඹ එලෙස කීවාහුය.
බුදුහු ඔවුන්ගේ වචනය අසා මේ සසුන් ප්රවේණි වශයෙන්ම මෙසේ කීමට ලැබේ. මොවුන් ලාභසත්කාර ඇසුරු කළේයයි දැන මම තොප කථාකිරීම් පමණකින් යහපත් යයි නො කියමි. යම් අයුරකින් ඔබලාගේ ඊර්ෂියාව ආදි ධර්ම රහත් මගින් විනාශ කළේ ද එයම වඩාත් යහපත් වේ යයි පවසා මේ ගාථාව දේශනා කළසේක.
නළවන මිහිරි තෙපුලෙන් ගත් නමුදු සිත
රන්වන් පාට තිබුනත් හැඩ වැඩුනු ගත
රන්වන් පාට තිබුනත් හැඩ වැඩුනු ගත
කෙලෙසින් පිරුණු සිත හා නිසි නුවණ නැත
මේ බුදු සසුනේ ඔහු යහපත් නොවනු ඇත
මේ බුදු සසුනේ ඔහු යහපත් නොවනු ඇත
මිහිරි තෙපුල් ඇති පමණින්. සිරුරේ පැහැය දැකුම් කළු වු පමණින්, අනුන්ගේ යහපත නොඉවසන ඊර්ෂ්යා කරන පුද්ගලයා යහපත් නොවේ. යමෙකුගේ මේ පරම්පාව සපුරා සිඳින ලද නම්, කෙලෙස් දුරු කරන ලදනම් නුවණැති ඔහුම යහපත් වේ.,
එහි වාක්කරන නම් වචන කීම පමණින් ලස්සන සම්පන්න වචන පමණි. වණ්ණ පොක්ඛරතාය. - ශරීර වර්ණයේ සිත්කළු බැවින් හෝ නරො යනු මෙපමණකින්ම අන් අයගේ ලාභ ආදිය කෙරෙහි ඊර්ෂ්යා කරමින් පස් ආකාර මසුරු බැවින් යුතුවු කරාටික පක්ෂය භජනය කිරිල්ලෙන් කපටි වු මිනිසා යහපත් නොවේ ම ය. යස්ස චෙතන්ති- යනු යම් පුද්ගලයෙකුට ඊර්ෂ්යා ආදී දෝස අරහත් මාර්ග ඤාණයෙන් මුලින්ම සිඳ දමා බැහැර කළ දෝස ඇත්තේ ද ධර්ම නුවණින් යුතු වුයේ ද ඔහු ම සාධුරූප යයි කියනු ලැබේ යන අර්ථයි.
දේශනය අවසානයේ දී බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
9-10. හත්ථක භික්ෂුව පිළිබඳ කථා පුවත
“න මුණ්ඩකෙන සමණෝ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී හත්ථක (නම් භික්ෂුවක්) නිමිතිකර ගෙන දේශනා කළහ.
ඔහු වනාහි වාදයට නැඹුරුවූ සිතැත්තේ “තෙපි අසවල් වේලාවේදී අසවල් තැනට පැමිණෙ. වාද කරන්නෙමුයි” කියා ඔවුන් එන්නට පළමුවෙන්ම එතැනට ගොස් බලයි. “තීර්තකයෝ මට බියෙන් නො පැමිණියෝය” ඔවුන්ට පරාජය වේයි මේ ආදිය කියා වාදයට එළඹෙමින් තැන තැන හැසිරෙමින් සිටියි. ශාස්තෲන් වහන්සේ “හත්ථක” මෙසේ කරන්නේයයි අසා ඔහුව කැඳවා ඇත්තද ඔබ මෙ ලෙස ක්රියාකරන බව ඇත්තක් දැයි විමසුහ. ඔහු එය ඇත්තකැයි පිළිගත් විට ඇයි ඔබ එලෙස කරන්නේ, මෙබඳු බොරු කරනෝ හිස මුඩුකිරීම් ආදියෙන් පමණක් ශ්රමණයෙක් නොවේ. යම් කෙනෙක් ලොකු හෝ කුඩා පව් නොකොට සිටියේ නම් වේයයි පවසා මේ ගාථාව පැවසුහ -