16-17. බොහෝ භික්ෂූන් පිළිබඳ කථා පුවත
“ න සීලබ්බත මත්තෙනා” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී බොහෝ සීලාදී ධර්මයන්ගෙන් යුත් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළසේක.
මෙම භික්ෂූන් අතර ඇතැම් අයට මෙබඳු සිත් ඇති විය. අපි සීල සම්පන්නවෙමු. අපි ධුතාංගධාරිහු වෙමු. අපි බහුශ්රැත වෙමු. අපි පන්ත සේනාසන වාසී වෙමු. අපි ධ්යාන අභිඥාලාභී අය වෙමු. අපි අර්හත්වය දුර්ලභ නොවෙමු. කැමති දිනෙක රහත් බවට පත්වන්නෙමු. අනාගාමීව සිටිය භික්ෂූන් දැන් අපට අරිහත්වය දුර්ලභ නොවේ යනුවෙනි.
මේ සියල්ලෝම එක් දිනක් බුදුන්වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියදී මහණෙනි ඔබ හැම පැවිදි කාර්යයන් ඉටුකර ගත්තා නොවේදැයි බුදුන් විසින් විමසන ලද්දේ, මෙසේ කීවාහුය. ස්වාමීනි අපි මෙබඳු වෙමු මෙබඳුවෙමු. එනිසා අපි කැමති කැමති ක්ෂණයක අර්හත්වයට පැමිණීමට සමර්ථ වෙමුයි සිතා වාසය කරමු.
බුදුහු ඔහුගේ වචන අසා මහණෙනි. ! භික්ෂුවක් විසින් නම් පිරිසිදු සිල් ඇති පමණින්ම හෝ, අනාගාමී සුවයට පත්ව සිටීමේ පමණකින්ම භව දුක ද්වයයි දැකීම සුදුසු නොවේ. නොවටී ආශ්රවයන් ක්ෂය කිරීමට නොපැමිණ සුවපත් වු වෙමුයි සිත් ඇතිකර ගත යුතු නොවේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ -
අරහත් මගින්මයි
සසර කෙළවර වන්නේ
සසර කෙළවර වන්නේ
ඉන් මෙහා නැවති
කෙලෙසද සතුටු වන්නේ
කෙලෙසද සතුටු වන්නේ
සිල්, වත් පිරිම් පමණකින් ඇසු පිරුතැන් ඇති පමණකින් එසේම සමාධි ලාභයෙන්, විවේක සෙනසුන් හි විසීමෙන් හෝ ආර්යයන් විසින් නෛෂ්ක්රම සුවය පරිශ්ර කරමියි, නොසිතිය යුතුය. භික්ෂුව කෙලෙස් කෙළවර නොකර, විශ්වාසයට පත්විය යුතු නොවේ.
එහි - සීලබ්බත මත්තෙනාති - චතුපාරිශුද්ධි සිල් ඇති බැවින්ම හෝ ධුතාංග ඇති බැවින් හෝ බාහු සච්චෙනවා ත්රිපිටකයට උගත් බැවින් හෝ, සමාධිලාගෙන යනු අට සමාපත්ති ලාභය නිසා හෝ නෙක්කඛම්ම සුඛන්ති යනු අනාගාමි සුවය නිසා හෝ අපුථුජ්ජන සෙවිතං පුහුදුන් ජනයා විසින් නොසෙවුනා ලද ආර්යයන් සේවනය කළ පමණින් විස්සා සමාපජජි - විශ්වාසයට පත් වන්නේද මෙය කියන ලදී. භික්ෂුවක් නම් මේ සිල සම්පන්න බැවින්ම මගේ භවය ස්වල්පයයි ආසවක්ඛය සංඛ්යාත රහත්බවට නොපත්ව විශ්වාසයට නොයා යුතුය. යම්සේ ඉතා ස්වල්ප වුවද අශුචි දුගදය - මෙලෙස අල්පමාත්රවාද භවය දුකකි.
දේශනාවසානයේ එම භික්ෂුහු රහත් ඵලයට පත්වුහ. පැමිණි අයට ද දේශනය සාර්ථක විය.
ධර්මපදට්ඨ වර්ග වර්ණනය නිමාවිය.
දහනවවෙනි වර්ගයයි.
20. මාර්ග වර්ගය
1-4. පඤ්ච සත භික්ෂූන් පිළිබඳ කථා පුවත.
“මග්ගානට්ඨඞ්ගිකො ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වෙහෙර වැඩ සිටියදී පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
මේ භික්ෂූන් වහන්සේලා බුදුන් ජනපද චාරිකාවේ යෙදී නැවත ඇවතට පැමිණිවිට උපට්ඨාන සාලාවේ වාඩිවී අසවල් ගමේ මාර්ග සමය අසවල් ගමේ මාර්ග විසමය කැටගල් වලින් යුක්තවෙයි. ගල්සහිත නොවේ. මේ ආදී වශයෙන් තමන් ගමන් කළ මාර්ගය පිළිබඳව මාර්ග විස්තර කථා කරමින් සිටියහ.
බුදුහු ඔවුන්ගේ අරහත්වයට හේතු සම්පත් දැක එතැනට වැඩමකොට පනවන ලද අසුනේ වැඩසිට මම ඒමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ කථාවෙන් යුතුවයයි පැවසුවිට මහණෙනි මේ බාහිර මාර්ගයි. භික්ෂූන් විසින් නම් ආර්ය මාර්ගය පිළිබඳව කටයුතු කිරීම වටී. මෙසේ කිරීමෙන් සියළු දුකින් මිදේයයි පවසා මේ ගාථා පැවසුහ.