1-2. විනිශ්චය මහා ඇමැතියන්ගේ කථා පුවත
“න තෙන හොතී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විනිශ්වය මහ ඇමති නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් භික්ෂූන් වහන්සේලා සැවත උත්තර ද්වාර ගමේ පිඬු පිණිස චාරිකාවේ යෙදී පිණ්ඩපාතයෙන් වැළකුනේ නගරය මැදින් විහාරයට යති. එම අවස්ථාවේදී වැස්සක් පැනනැගුනි. ඔහු ළගම ඇති විනිශ්චය සාලාවට පිවිස සිටියදී) විනිශ්චය මහ ඇමති අල්ලස් ගෙන ස්වාමීන් අස්වාමීන් කරණු දැක, අහෝ මේ අධාර්මික අය අපි “ධාර්මික විනිශ්චය කරන්නෙමු”යි සනිටුහන් ඇතිව අධාර්මික විනිශ්චය කරතැයි, වැස්ස පහව ගියවිට විහාරයට ගොස් බුදුන් වැඳ එකත් පසෙක හිඳ මේ කරුණු දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ මහණෙනි, ඡන්ද දෝෂ භය මෝහ යන්ගෙන් මුලාවී සැහැසිව අර්ථ විනිශ්චය කිරීම අධර්ම නම් වේ. ධාර්මික නොවේ, අපරාධ විනිශ්චය කිරීම විද්‍යාමාන කරුණු අනුව අපරාධයට අනුරූපව දරුණ නොවන අන්දමින් විනිශ්චය කිරීම ධාර්මික විනිශ්චය වන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.
දැහැමෙන් සෙමෙන් විමසා සියලු තොරතුරු
නඩුවක තීන්දුව දිය යුතුය නිරතුරු
අල්ලස, බිය, තරහ, තමබවම සුමිතුරු
තීන්දුව දෙතොත්, ඔහු අදැමි විනිසුරු
යම් හෙයකින් නඩුව බොරුවෙන් විසදයිද එපමණින් නීති ධර්මයෙහි පිහිටියෙක් නො වන්නේය. නුවණැති පුද්ගලයා දහමින් ද සමයෙන් ද වරද වු ලෙසත්ම සළකා විසදයි ද? විනිශ්චය ධර්ම අනුව රකින්නා ඔහුම වේ. ධාර්මික ලෙස විනිශ්චය දහම් හි පිහිටියේමය.
එහි තෙන යනු මේ කරුණින් රජවරු ධාර්මික රජවරුන් වශයෙන් තමන් විසින් කළයුතු විනිශ්චය ධර්මයේ මනාව සිටියේද ධම්මට්ඨ වේ. එසේ නොවන්නේ ධර්මිෂ්ඨ නොවේ. යනු යම් කරුණකින් අත්ථං යනු විනිසකරු වෙත විසඳීමට පැමිණි නඩු විනිශ්චය කළයුතුයි යන අර්ථයි. සහසානයේ යනු ජන්දය ආදි අගතීන්හි පිහිටා සැහැසික මුසාවාදයෙන් විනිශ්චය දෙයි ද යමෙක් ඡන්දයේ පිහිටා තමන්ගේ ඥාතීන් කෙරෙහි - යමෙක් ඡන්දයේ පිහිටා වෛරීව බොරුකියා ස්වාමීයා - අහිමියා කරයිද, මෝහයේ පිහිටා අල්ලස් ගෙන විනිශ්චය කාලයේ අවධානය වෙනස් වුයේ ඔබ මොබ බලමින් බොරුකියා මොහු විසින් දිනන ලදි. මොහු පරාජය වියයි, අනුන් බැහැරකරයිද? බියෙන් පිහිටා කෙසේ හෝ අයිතිකරුට පරාජය හිමිවී අස්වාමිකයාම ජය ලබාදෙයි ද මෙය නපුරු ලෙස අර්ථය පමුණුවයි ද ඔහු ධම්මට්ඨ නම් නොවේ. අත්ථං - අත්ථං වාති - යනු සිදු වු හෝ සිදුනොවු කරුණු උහොවිනි චෙඡයාති යම් නුවණැතෙක් නුවණ ඇතිව අර්ථ අනර්ථ දෙකේ විනිශ්චය කර කියයි අසාහසෙන මුසාවාදයෙන් බොරුවෙන් නොවේ. ධම්මෙන යනු විනිශ්චය ධර්මයෙන් ඡන්දාදි වශයෙන් නොවේ. සමෙන යනු අපරාධයට අනුරූප වශයෙනි. ඡන්දදොශ වශයෙන් නොවේ. සමෙන්ති අපරාධයන්ට අනුරූපවම අන් අයට ජය හෝ පරාජය වෙනස් නොකරයි. ධම්මස්ස ගුත්තෙ - යනු ඔහු ධර්මය රකින්නේ ධර්මානුකුල ප්‍රඥාවෙන් යුතු වුයේ, නුවණැත්තේ විනිශ්චය ධර්මයේ සිටියේය නමැයි කියයි.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලාදියට පත්වුහ.
3. ඡබ්බග්ගිය භික්ෂූන් පිළිබඳ කථා පුවත
“නතෙන පණ්ඩිතො” යනු මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදි සවග මහණුන් නිමිති කරගෙන මේ දේශනය කළහ.
එම භික්ෂුහු විහාරයේ ද ගමේ ද දන්ගෙවල් ද කසල කරමින් වැඩි කෙරෙමින් හැසිරෙති. අනතුරුව එක් දිනක් ගමේ බත් කිස නිමවා ආවාවු බාල අයගෙන් හා සාමණේර වරුන්ගෙන්ද විමසුහ. ඇවැත්නි. දන් ගෙය කෙසේද? ස්වාමීනි ! ඒ ගැන නොඅසනු මැනව, ජබ්බග්ගිය භික්ෂූන් අපිම වියත් අය වෙමු. අපිම පණ්ඩිතවරු වෙමු. මොවුන් මෙහි දන් වැළදීම අවසන් කරවමු මෙතැනින් නෙරපමු. යන හැගීමෙන් පහර දී අපගේ හිසේ කසළ දමා දන්ගෙය අවුල් කළහ. භික්ෂූන් වහන්සේලා බුදුන්වෙත ගොස් මේ කරුණ දැනුම් දුන්හ. බුදුහු මහණෙනි, මම බොහෝ කථාකොට අන්අය පෙළන්නන් පඬිවරුන් යයි නො පවසමියි. මේ ගාථාව දෙසුහ.
වැඩිපුර කථාවෙන්
පණ්ඩිතයෙක් නොවේමැයි
වයිර නැති - බිය නැති
අනුන්ට උවදුරු නැති
අනුන් ගුණ සලකන
අයම පණ්ඩිතයෝම වෙත්මැයි.
එහි යාවතා - යනු උත්සාහයෙන් කරුණක් සංඝයා මැද ආදී තන්හි බොහෝ කොට කථා කරයි ද? එයින් ඔහු පණ්ඩිතයෙක් නම් නොවේ. යම් කෙනෙක් ඛෙමී ඉවසන පස් ආකාර වෛරයෙන් තොරව අවෛරී නිර්භයව පැමිණි මහජනයා වෙතට බියක් ඇති නොකරයි ද ඔහු පඩිවරයා ම වේ යන අරුතයි.
මේ දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
4. තුන්වැනි වූ ඒකුදාන තෙරුන්ගේ කථා පුවත
“නතාවතා” යන මේ ධර්මදේශනය බුදුහු දෙව්රම වැඩ සිටියදී ඒකූදාන නම් රහත් තෙරනමක් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ හුදකලාවම එක වන රොදක එකම උදානයක් ප්‍රගුණ කරමින් වැඩ වාසය කරයි.
අධි චේතනා ඇති ප්‍රමාද නොවන මෞණ පථයේ හික්මුණ මුණිවරයා ශෝක නොකරයි. උපශාන්තවූ සදා සිහි ඇති එබඳු තැනැත්තා මනා සිහියෙන් යුතුව වසන ශාන්ත වු සන්සුන් පැවතුම් ඇත්තෝ වෙති.
උන්වහන්සේ උපෝසථ දිනවල තමන්ම ධර්ම ශ්‍රවණයට ඝෝෂාකර මේ ගාථාව පවසති. පොළව පැලෙන ලෙසට දෙවියන්ගේ සාධුකාර ශබ්දය ඇතිවේ. අනතුරුව පෙහෙවස් දිනෙක පන්සිය බැගින් පිරිවර කොට ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනමක්, උන්වහන්සේ වෙසෙන තැනට ගියාහුය. උන් වහන්සේ මේ පිරිස දුටුවිටම සතුටු සිත් ඇතිව මෙහි පැමිණිමෙන් ඔබ වහන්සේලා යහපතක්ම කළාහුයයි පැවසුහ. අපි අද ඔබ වහන්සේස්ලාගේ ධර්මදේශනය අසමුයි කීවෝය. ස්වාමීනි මෙහි බණ අසන අය නැත. ස්වාමීනි මේ වන ලැහැබ බණ අසන දිනයේදී දෙවියන්ගේ සාධුකාර ශබ්දයෙන් එකකින් නාදවේ. ත්‍රිපිටකධාරි භික්ෂූන් දෙනම අතරින් එක් ත්‍රිපිටකධර භික්ෂුවක් ධර්ම දේශනා කිරීම සඳහා ධර්ම ඝෝෂාව කළහ. එක් භික්ෂුවක් පාලිපාඨ පැවසුහ. එක් දෙවියෙක් හෝ සාධු කාර නොදුන්නේය.
එවිට එම භික්ෂූන් - ඇවැත්නි ඔබ වහන්සේ ධර්මදේශනා දිනයේදී මේ වන ලැහැබ මහත් හඩින් සාධුකාර දෙති. මේ කුමක්දැයි පවසන්නැයි කිවාහුය. ස්වාමීනි අනෙක් දිනවලදී සාධුකාර දීමෙන් එකට ඝෝෂාවක් පවතී. අද නම් මේ කුමක් වීදැයි මම නො දනිමි. ඇවැත්නි එසේනම් ඔබ පළමුව ධර්මය දෙසනු මැනව. උන්වහන්සේ විජිනි පත ගෙන අසුන්නේ හිඳ වෙනදා කියන ගාථාවම පැවසුවේය. දෙවිවරු මහත් හඩින් සාධුකාර දුන්හ. ඉක්බිති ඒ පරිවාර භික්ෂූහු හඬනැගුහ. මේ වන ලැහැබේ දෙවියෝ මුහුණ බලා භික්ෂාව දෙන්නාක් වැන්න. ත්‍රිපිටක ධාරී භික්ෂූන් මෙපමණ දේශනා කරද්දීත් කිසි හඩක්. සාධුකාරයක් හෝ නොකියා මේ මහළු තෙරුන් විසින් එකම ගාථාවක් පැවසුවිට මහා හඩින් සාධුකාර දෙති. ඔවුහු විහාරයට ගොස් බුදුන්ට මේ කරුණු දැක්වුහ.