5. විශාකාව පිළිබඳ කථා පුවත
“පෙමතො ජායතීති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී විශාඛා උවැසිය නිමිති කරගෙන දේශනා කළහ.
ඇය විශාකාව පුතෙකුගේ දුවක් වූ දන්තා නම් කුමරියක තමන්ගේ ස්ථානයේ තබා නිවසට වැඩමවන භික්ෂූන්ට වතාවත් කරවීය. ඇය ටික කලකින් කළුරිය කළාය. විශාඛාව ඇගේ සිරුරු කිස නිමවා ශෝකය දරාගැනීමට නොහැකිව දුකින් දොසින් කඳුළු වැකුන මුහුණින් යුතුව අඬමින්ම බුදුවෙත ගොස් වැඳ එකත් පසෙක වාඩිවුවාය.
මෙහිදී තථාගතයන් වහන්සේ විශාඛාව දැක දුකින් දොසින් කඳුලු පෙරා අඩමින් සිටින්නේ කුමක් නිසාදැයි විමසුහ. ඇය ඒ සියළු තොරතුරු පවසා මට ඉතා ප්‍රිය මනා ගතිපැවතුම් ඇති ඇය නැතිවීම නිසා, එබඳු ගති පැවතුම් ඇති වෙනත් කෙනෙක් සොයාගැනීම අපහසුය. බුදුහු සැවැත් නුවර කොතරම් ජනකායක් සිටිදැයි ඇගෙන් විමසුහ. ස්වාමීනි ඔබවහන්සේ මට පැවසු ලෙසට සත්කෝටියක් ජනතාව සිටිති. ඉදින් මෙපමණ වු ජනයා ඔබගේ මිණිබිරියන් හා සමාන වන්නේ නම් එලෙස වීමට කැමතිද? එසේය ස්වාමීනි. මේ සැවැත් නුවර දිනකට කීදෙනෙක් මියයක්ද? බොහෝදෙන මියයති. ඉදින් ඒ සියලු දෙනා වෙනුවෙන් හඬන්නම් එන්සේ හඩන්නට ඔබට දිවා රෑ වේලාවක් ඉතිරි වන්නේද? එසේ වේවා ස්වාමීනි මම තේරුම් ගතිමි. මට වැටහිණ අනතුරුව බුදුරජාණන් වහන්සේ එසේ නම් ශෝක නොකරන්න. ශෝකය බිය ඇතිවන්නේ ප්‍රේමය නිසාය යයි පවසා මේ ගාථාව පැවසුහ.
දුකට හා බියට ද
මුල්ම හේතුව ප්‍රේමයයි
ප්‍රේමය නොමැති තැන
ඇතිවන්නෙ අම සුවයයි
ප්‍රේමය නිසා ශෝකය ඇතිවේ ප්‍රේමයෙන් බිය ඇතිවේ ප්‍රේමයෙන් මිඳුන තැනැත්තාට ශෝකයක් කොහින්ද බියක් කොහින්ද
මෙහි ප්‍රේමය නම් දු පුතුන් නිසා ඔවුන් කෙරෙහි කරන ලද ප්‍රේමයම වේ.
දේශනය අවසානයේදී බහුජනයා සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.
6. ලිච්ඡවි කුමාරවරුන්ගේ කථා පුවතයි
“රතියා ජායති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ කූටාගාර ශාලාවේ වැඩසිටියදී ලිච්ඡවි කුමාරවරුන් නිමිති කරගෙන දේශනා කළහ.
ඔවුන් එක් දිනක් එකිනෙකාට අසමාන ඉතා අලංකාර වස්ත්‍ර ආභරණවලින් සැරසී උයනට යාම සඳහා නගරයෙන් නික්මුණාහුය. බුදුරජාණන් වහන්සේ ද පිඩුපිණිස පිටත් වෙමින් ඔවුන් දැක භික්ෂූන් ඇමතූහ. මහණෙනි යම් කෙනෙක් තාවතිංස දෙවියන් නුදුටුවෝනම් මොවුන් බලන්නැයි පවසා නගරයට පිවිසුණහ. ඔවුන් උයනට යන්නේ එක් නගර ශෝභිනියක් ගෙන ගොස් ඇය නිසා ඊර්ෂ්‍යාවෙන් පෙළී එකිනෙකාට පහරදී ලේ ගඟක් මෙන් විය. අනතුරුව ඔවුන්ව ඇඳන්වල තබා ඔසවාගෙන ආපසු ආවාහුය. බුදුහු ද දානය වළදා නගරයෙන් නික්මුණාහ. භික්ෂූන් ද මෙලෙස ගෙන යන ලිච්ඡවී කුමාරවරු දැක ස්වාමීනි. ලිච්ඡවී කුමාරවරු උදයේ දෙවිවරු මෙන් සැරසී නගරයෙන් නික් මී දැන් එක් ස්ත්‍රියක් නිසා මෙබඳු ව්‍යසනයකට පත්වුහ. බුදුහු මහණෙනි. ශෝකය හෝ බිය ගතිය නිසාම ඇතිවේ. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
පස්කම් රතියෙ ඇල්මද
ඉතිරින් කෙරෙහි බැල්මද
බිය දුකට මුල් වෙද
එයින් වෙන්වීම මයි නිවරද
රතිය නිසා ශෝකය ඇතිවේ. රතිය නිසා බිය ඇතිවේ. රතියෙන් මිදුනවිට ශෝකයක් නැත. බියක් නොසින්ද
එහි රතිය යනු - පඤ්චකාම ගුණයේ ඇතිවන රතියයි.
මේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදියට පත්වුහ.
7. අනිත්ථිගන්ධ කුමාරයා පිළිබඳ කථා පුවත
“කාමතෝ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී නම් අනිත්ථිගන්ධ කුමාරයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු නම් බඹලොවින් චුතවී සැවැත් නුවර මහත් සම්පත් ඇති කුලයක ඉපදුනේ උපන් දින සිටම ස්ත්‍රියක් ළඟට එනුත් නොකැමති වෙයි. ගැහැනුන් වඩාගත් විට හඬන නිසා කඩ කැටියකින් (රෙදිතිරයකින්) වසා ගෙන කිරි පොවති. ඔහු වයසට පත්වූ විට දෙමාපියන් දරුව ! විවාහයක් කරදෙමියි පැවසුවිට මට ගැහැනුන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි ප්‍රතික්ෂේප කර නැවත නැවත ආයාචනා කරන්නේ පන්සියයක් රන්කරුවන් ගෙන්වා ඔවුන්ට රන් කලං 25ක් සහ කහවණු පන්සියයක් දෙවා ඉතා විසිතුරු ඝනරන් ස්ත්‍රී රුවක් සාදවා නැවත දෙමාපියන් දරුව ඔබ විවාහයක් කරව්. යුවතියක් ගෙන එන්නෙමියි පැවසුවිට එසේනම් මේ රුවට සමාන ස්ත්‍රියක් ගෙන එන්නේ නම් ආවාහය කරන්නෙමි යි රුව දැක්විය. අනතුරුව ඔහුගේ දෙමාපියෝ ප්‍රසිද්ධ ප්‍රකට බ්‍රාහ්මණයින් ගෙන්වා අපේ පුතු මහා පින්වතෙකි. එනිසා මෙබඳු යුවතියක් වන්නේ ය. මේ දරුව ගෙන ගොස් මෙබඳු තරුණියක් ගෙන එන්න යයි යැවුහ. ඔවුන් යහපතැයි කියා චාරිකාවේ යෙදී මධුරට සාගල නුවරට ගියෝ එනුවර සොළොස් වියැති අභිරූපී කුමරියක් සිටියේය. ඇගේ දෙමාපියෝ ඇය සත්මහල් ප්‍රාසාදයක උඩම තලයේ තබා ආරක්ෂා කළහ. එම බ්‍රාහ්මණයෝ රන්රුව නගරයේ තබා ගෙන ඉදින් මෙබඳු යුවතියක් නගරයේ සිටි නම් මිනිස්සු මේ රුව දැක මෙය අසවල් කුල දුවනිය හා සමානයයි කියති. ඔවුන් එම රන්රුව ගෙන ගොස් තොටුපලට යන මාර්ගයේ තබා එකත් පසෙක වාඩිවී සිටියහ.