6. දේවදත්ත කථා පුවත
“යස්ස අව්චන්ත දුස්සීල්යන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටියදී දෙව්දත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවේදී දෙව්දත් තෙරුන් පිළිබඳව කථාවක් ඇති කළහ. ඇවැත්නි දෙව්දත් තෙර පව් කරන්නෙකි දුසිල් කරන වඩන ලද තණ්හාවෙන් අජාසත් රජු සතුටු කරගෙන මහත් ලාභ සත්කාර උපදවාගෙන අජාසත්ගේ පියාට වධ පමුණුවා ඔහු සමග එකතු වි නොයෙක් ආකාරයෙන් තථාගතයන් වහන්සේට වධ කරයි. මෙසේ කථාකරමින් සිටින අතර තථාගතයන් වහන්සේ පැමිණ මහණෙනි. ඔබ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා දෙව්දත් තෙරුන් පිළිබඳව බව දැනගත්විට මෙසේ පැවසුහ. මහණනි දෙව්දත් තෙර දැන් පමණක් නොව පෙරද නොයෙක් ආකාරයෙන් මට වධ පැමිණ වී යයි පවසා කුරුග මිග ජාතක ආදිය දේශනාකර, අනන්ත දුසිල් පුද්ගලයා, දුසිල්වත් කම නිසා ඇතිවු තණ්හාව නිසා සල් රුකක් වැළද සිටි මාළුවා වැල සල් රුක නසන්නා සේ මරණින් මතු වැඩී බැදී නිරය ආදීන්හි වැඩෙයි. පවසා මම ගාථාව දේශනා කළහ.
මාළුව වැළක් එතුනොත් සල් ගසක බැඳී
සල් ගස මැරී යයි එහි අතු රිකිලි සිඳී
නො පුරා වත් සිරිත්, අකුසල් වලම යෙදී
නිවසන මහණ හට සිව් මහ නිරය මදී
සල් ගස මැරී යයි එහි අතු රිකිලි සිඳී
නො පුරා වත් සිරිත්, අකුසල් වලම යෙදී
නිවසන මහණ හට සිව් මහ නිරය මදී
මෙහි - ඒකාන්ත දුස්ශීලභාවය ගිහියෙක් හෝ පැවිද්දෙක් උපන් තැන සිට දශ අකුශල කර්මපථයන් සිදුකොට, උපසම්පද වු දින සිට ගරුකාපත්ති ආදීන්ට පත්වීම අත්යන්ත දුස්සීල නම් වේ. මෙහිදී ඔහු ආත්මභාව දෙක තුනකදී ගතියෙන් පැමිණි දුසිල්බව අදහස් කෙරෙයි. දුස්සීලයාගේ දොරටු හයෙන් උපන් තෘෂ්ණාව දුසිල්බව ලෙස තේරුම් ගත යුතුය. මාළුවා සාලමිවොත්තං - සල් ගසක් වැළඳ ගෙන සිටින මාළුවා වැලක් මෙන්, දුස්ශීලභාවය ඔහු වැළද ගෙන සිටියේ සතුරෙක් සතුරාට අනර්ථ කරණු කැමති වේද, ඒ දුශ්ශීල තෙමේ තථා අත්තා නං කරොති - තමන්ටම අනර්ථ කරගනී. සල් රුකක මාලුවා වැලක් එතුන විට වැසී කාලයේ දී, ගොටු සේ උඩ බලාගත් මාලුවා පත්වල වතුර පිරි ඒ දිය බරින් සල් රුක විනාශ වේ. පුද්ගලයා වැළද සිටින දුස්ශීලභාවය ද ඒ පුද්ගලයා විනාශ කරයි.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපත්ති ඵලාදියට පැමිණියහ.
7. සංඝභේදය ඇතිකරලීමේ කථා පුවත.
“සුකරානි” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටිය දී සංඝභේද කිරිම අරභයා දේශනා කළහ.
එක් දිනක් දෙව්දත් තෙර සංඝභේදයට උත්සාහ කරමින් පිඬු සිඟා වඩින ආනන්ද තෙරුන් වහන්සේ දැක තම අදහස දන්වා සිටියේය. මෙය අසා දැනගත් ආනන්ද තෙරුන් බුදුන් වෙත ගොස් මෙසේ පැවසුහ. ස්වාමීනි මම හවස් වේලාවේ දී සිවුරු හැඳ පෙරගෙන පාත්රය ගෙන රජගහ නුවර පිඬු සිඟා වැඩියෙමි. ස්වාමීනි එහිදී රජගහනුවර පිඩුසිඟායන දෙව්දත් තෙරුන් දැක දෙව්දත් තෙරුන් මා වෙත එළඹීයේය. එළඹ මට මෙසේ කිවේය. ඇවැත්නි අද පටන් මම භාග්යවතුන්ගෙන් බැහැරව භික්ෂු සංඝයා සමග උපෝසථය කරමි. සංඝ කර්ම ද කරන්නෙමි. ස්වාමීනි අද දෙව්දත් තෙර සංඝයා බිඳවන්නේය උපෝසථය කරයි සංඝ කර්මය ද කරන්නේය. මෙසේ දන්වා සිටිවිට තථාගතයන් වහන්සේ යහපත්ය.
සත්පුරුසයන්හට - හොඳ දේ කරනු පහසුයි
ඔහුට නපුරක් කරන්නට කිසිදා සිත් නොදේමැයි
පව්කාරයා නිති - කරනුයෙ පව් පිරීමයි
අරිය මහා සඟනට - පකම් නො කළ හැකිමැයි
ඔහුට නපුරක් කරන්නට කිසිදා සිත් නොදේමැයි
පව්කාරයා නිති - කරනුයෙ පව් පිරීමයි
අරිය මහා සඟනට - පකම් නො කළ හැකිමැයි
මෙම උදානය ප්රකාශකොට ආනන්දය තමාට අහිතවූ ක්රියාවන් කිරීම පහසුය. හිත පිණිස පවතින දේ කිරීම දුෂ්කරයයි පවසා මෙම ගාථාව පැවසුහ.
රටටම අහිත දේ - කරනට බොහොම පහසුයි
අමාරුම දේ නම් යහපත් දේ කිරීමයි
අයහපත පහසුය හිත දෙනුයේද එයටය
යහපත අපහසුමය හිත නොයෙදෙන්නේ එහිමය
අමාරුම දේ නම් යහපත් දේ කිරීමයි
අයහපත පහසුය හිත දෙනුයේද එයටය
යහපත අපහසුමය හිත නොයෙදෙන්නේ එහිමය
එහි අරුත යම් කර්මයක් අසාධුනි - අයහපත්ද ඒ වැරදි දෙය අපායේ වැටීමට හේතුවේ. අත්තනො අහිතානීච - තමන්ට අහිතදේ කිරීම පහසුය. යම් දෙයක් සුගතිය සඳහා හේතුවේද තමන්ට හිතකර වේද - නිවන් සුව සඳහා හේතුවේද එම කර්මය බටහිරට ගලායන ගංගාවක පසුපසට පටිසෝතයට පිහිනා යාමක් සේ ඉතා දුෂ්කරය
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයට පත්වූහ.
8. කාල තෙරුන් පිළිබඳ කථා පුවත.
“යො සාසනංති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කාල තෙරුන් අරමුණු කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර එක් ස්ත්රියක් මව ලෙසට එම තෙරුන්ට උවටැන් කරන්නීය. ඇගේ අසල්වැසි ගෙයක මිනිස්සු බුදුන් වෙතින් ධර්මය අසා අවුත් අහෝ බුදුවරුන් නම් ආශ්චර්ය වේ. ධර්ම දේශනා ඉතා මිහිරි වේ. යනුවෙන් ප්රශංසා කරති. එම ස්ත්රිය මේ බුදුගුණ අසා ස්වාමීනි මමත් බුදුන්ගේ බණ ඇසීමට කැමැත්තෙමියි උන්වහන්සේ දැනුම් දුන්නාය. එම තෙරුන් එහි නොයන්නැයි ඇය වළක්වාලීය. එහෙත් ඇය නැවත නැවත තුන්වරක් කියා වළකාලුවිට බුදුන්ගෙන් ධර්මය අසන්නට කැමති වුවාය. මේ භික්ෂුව විසින් මෙලෙස ඇය වළක්වා ලීමට කුමක් හේතුවීද? බුදුන් වෙතින් ධර්මය අසා මා කෙරේ භක්තිය බිඳෙනු ඇත. යන සිතුවිල්ල ය එහෙත් මේ උපාසිකාව එක් දිනක් අළුයම උදේ ආහාරය ගෙන පෙහෙවස් සමාදන්වී දරුව ආර්යන් වහන්සේට හොඳින් දානය දෙන්නැයි දුවණියන්ට නියමකර විහාරයට ගියාය. දුවණියද තෙරුන් පැමිණිවිට දන් දී වළදවා සිටිවිට මහ උවැසිය කොහි දැයි විමසීය. ඇය ධර්ම ශ්රවණය සඳහා විහාරයට ගියබව පැවසු විට කුසට ඩහදිය දමමින් බෙහෙවින් තැවෙමින් දැන් ඇය මා කෙරෙහි බිඳුනේයයි වේගයෙන් ගොස් - ඇය බුදුන් වෙත ධර්මය අසමින් සිටිනු දැක බුදුන්ට මෙසේ පැවසුවේය. ස්වාමීනි මැය මෝඩයි සියුම් ධර්ම කථා නොදන්නිය මැයට ස්ඛන්ධ ආයතන පිළිබඳ සියුම් කතා නොකියා දානය පිළිබඳව හෝ සීලය පිළිබඳව හෝ කියා දීම සුදුසුය. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අදහස තේරුම්ගෙන මහණ නුඹ අඥානය පව්කාර දෘෂ්ටි නිසා බුද්ධ ශාසනය අවඥාවට ලක්කරයි. තමාම නසාගැනීමට උත්සාහ කරන්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.