5. රූපනන්දා තෙරණියගේ කථා පුවත.
“අට්ඨිනං නගරං කතං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී ජනපද කල්‍යාණීනම් වූ රූප නන්දා තෙරණිය නිමිති කරගෙන දේශනා කළහ.
ඕ එක්දිනක් මගේ වැඩිමහළු සහෝදරයා රජ සිරි සැප අත්හැර පැවිදි වී ලොව ශ්‍රේෂ්ඨ පුද්ගල වූ බුදුබවට පත්වූහ. උන්වහන්සේගේ පුත් රාහුලද පැවිදි විය. මගේ ස්වාමියා ද පැවිදි විය. මගේ මව ද පැවිදි වුවාය. මෙපමණ ඤාතීන් පැවිදි වී සිටියදි මම ගිහිවැ සිට කුමක් කරම්ද, පැවිදි වන්නෙමියි සිතුවාය. මෙලෙස සිතා භික්ෂුණී අරමට ගොස් පැවිදි වුවාය. පැවිදි වුයේ තනිවූ නිසා මිස ශ්‍රද්ධාවෙන් නොවේ. ශෝභාවත් රූපය නිසා ඇය රූපනන්දා නමින් ප්‍රසිද්ධ වුවාය.
බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යය දුකය. අනාත්ම යයි යනුවෙන් දේශනා කරතියි අසා ඇය මෙබදු දර්ශනීය වූ ප්‍රසාදජනක වූ මගේ රූපයේද දොස් කියන්නේ යයි බුදුන් හමුවට නොයන්නීය. සැවැත් නුවරවාසීහු උදේම දන් දී පෙහෙවස් සමාදන්ව සුදුවත් උතුරු සළුකොට භික්ෂුණි සංඝයාද සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව සවස දෙව්රමට එකතු වී ධර්මය අසති. භික්ෂුණි සංඝයාද බුදුන්ගේ ධර්මය අසනු කැමතිව විහාරයට ගොස් බණ අසති. බණ අසා නගරයට ඇතුල් වන්නේ බුදුගුණ කියමීන්ම ඇතුළු වෙති.
ලොව වෙසෙන සතුන්ගෙන් හතරෙන් එකෙන් ස්වල්ප දෙනෙක්ම බුදුන් දැක සතුටු නොවෙති. රූපය ප්‍රමාණය කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අසූ අනු ව්‍යඤ්ඡන ලක්‍ෂණයන්ගෙන් යුතුවු රන්වන් වූ ශරීරය දැක. පැහැදෙති. හඩම ප්‍රමාණය කරගත් අය නොයෙක් ජාති සියගණනක් නිසා පවතින බුදුන්ගේ ගුණ ඝෝෂාව කරුණු අටකින් සමන්විත ධර්ම දේශනා ඝෝෂාවද අසා පැහැදෙති. රළු බවට පැහැදෙන්නෝ චීවර ආදී රළු දේ දැක පැහැදෙති. ධර්ම ප්‍රමාණයෙන් පැහැදෙන්නෝ දශබලධාරීන් වහන්ගේ සීලය මෙබඳුය සමාධිය මෙබඳුය. ප්‍රඥාව මෙබඳුය. භාග්‍යවතුන් වහන්සේගේ සීලාදී ගුණ වශයෙන් අසමසමය, ඒහා සමාන වෙනත් අයකු නැත්තේය ආදී වශයෙන්, ඔවුන්ගේ මුව නොසෑහෙන තරම් බුදුගුණ කියති.
රූපනන්දා - භික්ෂුණීන්ගෙන් මෙන්ම උපාසිකා වන්ගෙන් ද බුදුගුණ අසා මෙසේ සිතුවාය. මගේ සොහොයුරාගේ ගුණ කථනය අතිශයෙන් සිදුවෙයි. එක දිනක් හෝ මගේ රූපයේ දොස් කීමෙන් කුමක් වේද? යම් සේ භික්ෂුණින් සමග ගොස් මම නොපෙනෙන ලෙසට ශාලාවට ඇතුළු වී ධර්මය අසා එන්නෙමියි සිතා ඇය - මමද අද එන්නෙමියි බණ අසන්නට යන්නෙමියි භික්ෂුණීන්ට දැනුම් දුන්නාය.
භික්ෂුනීන් වහන්සේලා මෙසේ සිතූහ. බොහෝ කලකින් රූපනන්දා බුදුන්ට උවටැන් කිරීමට යනු කැමැත්තී වුවාය. බුදුරජාණන් වහන්සේ අද ඇය වෙනුවෙන් කවරාකාර ධර්මයක් දේශනා කරන්නැයි එය කෙතරම් ඇයට ගැළපෙන්නේදැයි සිතා ගියහ. බුදුන් වහන්සේ ද ඇය රූපය පිළිබඳව ඇති බලවත් ස්නේහය කටුවෙන් කටුවක් ගලවන්නාසේම රූපයෙන්ම රූපය පිළිබඳ මදය රූපයෙන්ම නැති කරනු ඇතැයි සනිටුහන් කරගෙන විහාරයට වැඩම කළහ. ඇය විහාරයට පිවිසෙන අවස්ථාවේ දී එක් සොළොස් වියැති අභිරූපි යුවතියක් රතුපාට වස්ත්‍රයක් හැඳ පෙරවා සියළු අලංකාර අභරණවලින් සැරසී විජිනි පතක් ගෙන බුදුන් වෙතම සිට පවන් සලන ස්වරූපයක් සෘද්ධි බලයෙන් මවා බුදුන්ට ද රූපනන්දාට ද පෙනෙන සේ දැක්වූහ. රූපනන්දා භික්ෂුණීන් සමග විහාරයට ඇතුළුවී භික්ෂුණීන්ගේ පිටුපස සිට පසඟ පිහිටුවා බුදුන් වැඳ භික්ෂුනීන් වහන්සේලා මැදට වී සිටියාය. එලෙස සිටින අතර පාදාන්තයේ සිට බුදුන් බලන්නේ උන්වහන්සේගේ මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුත් අනු ව්‍යඤ්ජනයන්ගෙන් බබළන ව්‍යාමප්‍රභාවෙන් වටකරන ලද බුදුන්ගේ සිරුර දැක පුන් සඳක් බඳු ශෝභාවන් මුහුණ බලන්නේ ආසන්නයේ සිටි ස්ත්‍රී රුපය දුටුවාය. ඇය ඒ ස්ත්‍රීරුව බලන්නී තමන් ගේ රුව පිළිබඳව සිතන්නේ ඇගේ රුව අනුව තමන් රාජ හංසියක ඉදිරියේ කෙවිඩක සේ තමන්ටම අවමානයක් ඇතිවිය. ඍද්ධියෙන් මවන ලද රූපය දුටුතැන් සිට මාගේ ඇහිබැම හා ඇස් සැලුනි. ඇය මෙසේ සිතුවාය අහෝ මැගේ කෙස් ශෝභනය නළල් තලය ශෝභාමත්ය. මුළු සිරුරේ ශෝභාමත්බව රූසිරින් අඳනා ලද සිත නිසා ඇගේ රුව කෙරෙහි බලවත් බැඳීමක් ඇතිවිය.