10. සසපණ්ඩිත චරියා වර්ණනාව
125. “පුනාපරං යදාහොමි සසකො පවනචාරිකො
තිණ පණ්ණ සාකඵලභක්ඛො පරහෙඨන විවජ්ජි තො”
තිණ පණ්ණ සාකඵලභක්ඛො පරහෙඨන විවජ්ජි තො”
126. මක්කටොච සිගාලොච උද්ද පොතො වහං තදා
වසාම එක සාමන්තා සායං පාතොප දිස්සරෙ”
වසාම එක සාමන්තා සායං පාතොප දිස්සරෙ”
127. “අහං තෙ අනුසාසාමි කිරියෙ කල්යාණ පාපකෙ
පාපානි පරිවජ්ජෙථ කල්යාණෙ අභිනිවිස්ස ථ” (චරියා පිටක)
පාපානි පරිවජ්ජෙථ කල්යාණෙ අභිනිවිස්ස ථ” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම් කලෙක්හි මහවනයෙහි හැසිරෙන්නා වූ තණ, කොළ, අතු, ගෙඩි අනුභව කරන්නා වූ, අනුන්ට පීඩා කිරීමෙන් තොරවූ හාවෙක් වීම් ද, එකල්හි වඳුරෙක් ද සිවලෙක් ද, මස්කාවෙක් ද මම ද එක් සමීප ප්රදේශයෙක්හි වාසය කෙළෙමු. සවස ද උදය ද (ඔවුනොවුන්) දක්නා ලැබෙත්.
අකුශලයන් දුරුකරව්, කුශලයෙහි පිළිපදිව් යනුවෙන් මම ඔවුන්ට කුශලාකුශල කර්මයන් පිළිබඳව අනුශාසනා කෙළෙමි”යි
දහවෙනි (සසපණ්ඩිත චරිතයේ) “යදා හොමි සසකො” යනු ශාරිපුත්රයෙනි, මම බෝධි පර්යේෂණයෙහි හැසිරෙන්නෙම් යම්කලෙක සස පණ්ඩිත වෙම්ද, බෝධිසත්ත්වවරු වනාහි කර්මවශීප්රාප්ත වූයේ නමුදු එබඳු තිරිසන් සත්ත්වයන්ට අනුග්රහ පිණිස තිරිසන් යෝනියෙහි උපදිති. “පවනචාරිකො” යනු මහවනයෙහි හැසිරෙන, දබ්බ ආදී තණ ද, රුක්පඳුරුවල කොළ ද, යම්කිසි අතු ද, ගස්වලින් වැටුණු ගෙඩි ද මොහුට ආහාර වේනුයි “තිණපණ්ණසාකඵලභක්ඛො” වේ. “පරහෙඨන විවජ්ජිතො” යනු පරපීඩාවෙන් තොරවූ, “සුත්ත පොතොච” යනු උද්දපොනො, මස්කාවෙක්ද, “අහං තදා” යනු යම් දිනක මම හාවෙක් වීම්ද එකල්හි මේ වඳුරා ආදී යහළුවන් තිදෙනාට අවවාද කරමි,
“කිරියෙ කල්යාණ පාපකෙ” යනු කුශල වූද අකුශල වූද කර්මයන් “පාපානි” යනු අනුශාසනා කළ ආකාරය දැක්වීමයි. එහි “පාපානි වරිවජ්ජෙථ” යනු පාණතිපාත, මිච්ඡා දිට්ඨි යන මේ පාපයන් දුරු කරව්. “කල්යාණෙ අභිනිවිස්සථ” යනු දාන ශීල -පෙ- දිට්ඨුජ්ජකම්ම යන මේවා යහපත්ය. මෙබඳු යහපත් ප්රතිපත්තීන්හි තමාගේ කාය වචී චිත්තයන් යොමු කිරීම් වශයෙන් ඇතුළත් වෙව්, මේ කල්යාණ ප්රතිපත්ති පිළිපදිව් යන අර්ථයයි.
මෙසේ මහාසත්ත්වයෝ තිරිසන් යෝනියෙහි උපන් සේක් වී නමුත් ප්රඥාසම්පන්න හෙයින් කල්යාණ මිත්රයෙක් වී කලින් කල ඒ තිදෙනා වෙත එළඹ අවවාද වශයෙන් ධර්මය දේශනා කළහ. ඔවුහු එතුමන්ගේ අවවාද පිළිගෙන තමා වසන තැනට පිවිස වසති. මෙසේ කල් යන විට බෝධිසත්ත්වයෝ අහස බලා සඳ පිරුණු බව දැක “පෙහෙවස් රකිව්” යයි අවවාද කළහ. එහෙයින්,
128. “උපොසථම්හි දිවසෙ චන්දං දිස්වා න පූරිතං
එතෙසං තත්ථ ආචික්චිං දිවසො අජ්ජුපොසථො”
එතෙසං තත්ථ ආචික්චිං දිවසො අජ්ජුපොසථො”
129. “දානානි පටියාදෙථ දක්ඛිණෙය්යස්ස දාතවෙ
දත්වා දානං දක්ඛිණෙය්යො උපවස්සථුපොසථන්ති” (චරියා පිටක)
දත්වා දානං දක්ඛිණෙය්යො උපවස්සථුපොසථන්ති” (චරියා පිටක)
(මඳක්) නොපිරුණා වූ සඳ දැක පසළොස්වක් පොහෝ දිනයෙහි ඔවුන්ට “අද පොහෝ දිනයය”යි දැන්වීමි.
“දක්ෂිණාභියකු හට දීමට දානයක් පිළියෙළ කරව්. දන් දීමට සුදුස්සෙකු හට දන් දී උපොසථ ශීලය රකිව්” යයි (අවවාද කෙළෙමි)යි. දේශනා කරන ලදී.
එහි “චන්දං දිස්වා න පූරිතං” යනු පුරපස තුදුස්වක් දින මඳක් නොපිරුණ බැවින් නොපිරුණ සඳ දැක එම රාත්රිය පහන් වූ කල අරුණ නැගෙන වේලාවේම, “උපොසථම්හි දිවස්ස” පසළොස්වක් දිනයෙහි, “එතෙසං” වඳුරා ආදී මගේ යහළුවන්ට “දිවසො අජ්ජුපොසථො” “අද පොහොය දිනයයි” ඒනිසා දානාදිය පිළියෙළ කරව් ආදී වශයෙන් ඒ පොහෝ දිනයෙහි ප්රතිපත්ති දැනුම් දීම “ආචික්ඛිං” (කීවෙමි) යි යෙදිය යුතුයි. එහි “දානානි” යනු දිය යුතු වස්තු, “පටියාදෙථ” යනු ශක්ති පමණින් බලපමණින් සුදානම් කරව්, “දාතවේ” යනු දීමට, “උපවස්සථ” යනු උපෝසථ කර්මය කරව්, උපෝසථ සිල් රකිව්. ශීලයෙහි පිහිටා දුන් දානය මහත්ඵල වේ, එහෙයින් යාචකයන් පැමිණි කල්හි නුඹලා විසින් අනුභව කළ යුතු ආහාරයෙන් දී අනුභව කරව් යයි දක්වයි.
ඔවුහු “යහපතැයි” බෝධිසත්ත්වයන්ගේ අවවාදය සිරසින් පිළිගෙන උපොසථාඞ්ග අදිටන් කර ගත්හ. ඔවුන් අතුරෙන් මස්කාවා පළමුකොට ආහාර සොයන්නෙමියි ගංඉවුරට ගියේය. ඉක්බිති එක් බිලි වැද්දෙක් රෝහිත මසුන් සත්දෙනෙකු බිලිබා වැලක අමුණා ගං ඉවුරෙහි වැලිවලින් වසා මසුන් අල්ලමින් යටිගං බලා බැස්සේය. මස්කාවා මාළු ගඳ දැනී වැලි ඉවත්කොට මසුන් දැක ඉවතට ගෙන මේ මසුන්ගේ හිමිකරුවෙක් සිටීදැයි තෙවරක් හඬගා හිමියෙකු නොදකින්නේ වැල පිටින් ඩැහැගෙන තමා වසන වන ලැහැබෙහි තබා සුදුසු වේලාවෙහිදීම කන්නෙමි”යි තමාගේ ශීලය ආවර්ජනා කරමින් වැදහොත්තේය. සිවලාද ගොදුරක් සොයන්නේ එක් කුඹුරු රකින්නෙකුගේ පැලක පැළහු කරවල මසුන් දෙදෙනෙකුද එක් ගොයෙකුද එක් දී කිරි මුලක්ද දැක මෙයට හිමියෙක් ඇත්දැයි තෙවරක් හඬගා හිමියෙකු නොදැක දී කිරි මුල එල්ලා තිබූ ලනුව බෙල්ලෙහි ලාගෙන පැළහු කරවල හා ගොයා කටින් ගෙන තමා වසන වන ලැහැබෙහි තබා සුදුසු වේලාව පැමිණි විටම අනුභව කරන්නෙමි”යි තමාගේ ශීලය ආවර්ජනා කරමින් වැදහොත්තේය. වඳුරා ද වන ලැහැබට පිවිස අඹ පොකුරක් ගෙනවිත් තමා වසන ලැහැබෙහි තබා සුදුසු වේලාවෙහිදීම කන්නෙමියි තමාගේ ශීලය ආවර්ජනා කරමින් වැද හොත්තේය. තිදෙනාටම අනේ, ඒකාන්තයෙන් යාචකයෙක් මෙහි එන්නේ නම් මැනවැයි සිතක් උපනි. එහෙයින්,
130. “තෙ මෙ සාධුති වත්වාන යථාසත්ති යථා බලං
දානානි පටියාදෙත්වා දක්ඛිණෙය්යං ගවෙසිසුන්ති” (චරියා පිටක)
දානානි පටියාදෙත්වා දක්ඛිණෙය්යං ගවෙසිසුන්ති” (චරියා පිටක)
“ඔවුහු මට මැනවැයි කියා ශක්ති පරිද්දෙන් බල පරිද්දෙන් දන් පිළියෙළ කොට දක්ෂිණාර්හයකු සෙවහයි දේශනා කරන ලදී.
බෝධිසත්ත්වයෝ වනාහි වේලාවටම නික්මගොස් දබ්බ තණ (හීතණ) අනුභව කරන්නෙමි’යි තමා වසන ලැහැබෙහිම හුන්නාහු, “මා සමීපයට පැමිණි යාචකයන්ට තණ කන්නට නොහැකිය. තල, හාල් ආදියද මා ළඟ නැත. ඉදින් මා සමීපයට යාචකයෙක් එන්නේනම් මම තණ වලින් යැපෙමි. මාගේ ශරීර මාංසය දෙන්නෙමියි සිතූහ. එහෙයින් භාග්යවතුන් වහන්සේ,
131. “අහං නිසජ්ජ චින්තෙ සිං දානං දක්ඛිණනුච්ඡවං
යදිහං ලභෙ දක්ඛිණෙය්යං කිං මෙ දානං භවිස්සති”
යදිහං ලභෙ දක්ඛිණෙය්යං කිං මෙ දානං භවිස්සති”
132. “න මෙ අත්ථි තිලාමුග්ගා න මාසා තණ්ඩුලා ඝතං
අහං තිණෙන යාපෙමි න සක්කා තිණ දාතවෙ”
අහං තිණෙන යාපෙමි න සක්කා තිණ දාතවෙ”
133. “යදි එති දක්ඛිණෙය්යො භික්ඛාය මම සන්තිකෙ
දජ්ජා හං සකමත්තානං න සො තුච්ඡො ගමිස්සතීති” (චරියා පිටක)
දජ්ජා හං සකමත්තානං න සො තුච්ඡො ගමිස්සතීති” (චරියා පිටක)
ඉදින් මම දක්ෂිණාර්හයකු ලබන්නෙම් නම් ම විසින් කුමක් දියයුතු වන්නේදැයි මම වාඩි වී දක්ෂිණාර්හයකු හට සුදුසු දානයක් ගැන සිතුවෙමි.
මට තල හෝ මුං හෝ උඳු හෝ සහල් හෝ ගිතෙල් හෝ නැත. මම තෘණයෙන් යැපෙමි. (එහෙත්) තණ දෙන්නට නො හැකිය. ඉදින් මගේ සමීපයට පිඬු පිණිස දක්ෂිණාර්හයෙක් පැමිණේද මම ස්වකීය ශරීරය දෙන්නෙමි. එවිට හෙතෙම හිස් අතින් නො යන්නේ ය’යි වදාළහ.
එහි “දානං දක්ඛිණනුච්ඡවං” යනු දක්ෂිණාවක් වශයෙන් සුදුසු දානයක්, දක්ෂිණාර්හයකු හට දියයුතු දෙය්ය ධර්මයක්, “චින්තෙසිං යදිහං ලභෙ” යනු ඉදින් මම අද කිසියම් දක්ෂිණාර්හයකු ලබන්නේ නම්, “කිං මෙ දානං භවිස්සති” යනු මවිසින් කුමක් දියයුතු වන්නේ ද? “න සක්කා තිණ දාතවෙ” යනු ඉදින් දක්ෂිණාර්හයකු හට දීමට තල මං ආදියක් මට නැතත් මගේ ආහාරය වන තණ දක්ෂිණාර්හයකු හට දීමට නොහැකිය, “දජ්ජාහං සකමත්තානං” යනු මට මේ දෙය්යධර්ම පිළිබඳ සිතීමෙන් කවර ප්රයෝජනයක් ද? මාගේ නිරවද්ය වූ අපරාධීන හෙයින් පහසුවෙන් ලැබිය හැකි වූ අනුන්ට ද පරිභොග කිරීමට සුදුසු වූ මේ ශරීරයක් ඇත්තේ නොවේද? ඉදින් කිසියම් දක්ෂිණාර්හයෙක් මගේ සමීපයට පැමිණෙයි ද ඔහුට මම මේ ස්වකීය ශරීරය දෙන්නෙමි. එසේ ඇති කල්හි මා සමීපයට පැමිණි ඔහු හිස් නොවූයේය. නොසිස් අත් ඇත්තෙක්ව යන්නේ යයි,