2. සීහාසනියවග්ගො
11. සීහාසනදායකත්ථෙරඅපදානවණ්ණනා
නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිකං ආයස්මතො සීහාසනදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ විභවසම්පන්නෙ සද්ධාසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො, ධරමානෙ භගවති දෙවලොකෙ වසිත්වා නිබ්බුතෙ භගවති උප්පන්නත්තා විඤ්ඤුතං පත්තො භගවතො සාරීරිකචෙතියං දිස්වා “අහො මෙ අලාභා, භගවතො ධරමානෙ කාලෙ අසම්පත්තො”ති චින්තෙත්වා චෙතියෙ චිත්තං පසාදෙත්වා සොමනස්සජාතො සබ්බරතනමයං දෙවතානිම්මිතසදිසං ධම්මාසනෙ සීහාසනං කාරෙත්වා ජීවමානකබුද්ධස්ස විය පූජෙසි. තස්සුපරි ගෙහම්පි දිබ්බවිමානමිව කාරෙසි, පාදට්ඨපනපාදපීඨම්පි කාරෙසි. එවං යාවජීවං දීපධූපපුප්ඵගන්ධාදීහි අනෙකවිධං පූජං කත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තො ඡ කාමසග්ගෙ අපරාපරං දිබ්බසම්පත්තිං අනුභවිත්වා මනුස්සෙසු චක්කවත්තිසම්පත්තිං අනෙකක්ඛත්තුං අනුභවිත්වා සඞ්ඛ්යාතික්කන්තං පදෙසරජ්ජසම්පත්තිඤ්ච අනුභවිත්වා කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා සමණධම්මං කත්වා එත්ථන්තරෙ දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො කම්මට්ඨානං ගහෙත්වා ඝටෙන්තො වායමන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි.
එවං පත්තඅරහත්තඵලො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සං උප්පාදෙත්වා පුබ්බචරිතාපදානං පකාසෙන්තො නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිමාහ. තත්ථ ලොකස්ස නාථො පධානොති ලොකනාථො, ලොකත්තයසාමීති අත්ථො. ලොකනාථෙ සිද්ධත්ථම්හි නිබ්බුතෙති සම්බන්ධො. විත්ථාරිතෙ පාවචනෙති පාවචනෙ පිටකත්තයෙ විත්ථාරිතෙ පත්ථටෙ පාකටෙති අත්ථො. බාහුජඤ්ඤම්හි සාසනෙති සික්ඛත්තයසඞ්ගහිතෙ බුද්ධසාසනෙ අනෙකසතසහස්සකොටිඛීණාසවසඞ්ඛාතෙහි බහුජනෙහි ඤාතෙ අධිගතෙති අත්ථො.
පසන්නචිත්තො සුමනොති තදා අහං බුද්ධස්ස ධරමානකාලෙ අසම්පත්තො නිබ්බුතෙ තස්මිං දෙවලොකා චවිත්වා මනුස්සලොකං උපපන්නො තස්ස භගවතො සාරීරිකධාතුචෙතියං දිස්වා පසන්නචිත්තො සද්ධාසම්පයුත්තමනො සුන්දරමනො “අහො මමාගමනං ස්වාගමන”න්ති සඤ්ජාතපසාදබහුමානො “මයා නිබ්බානාධිගමාය එකං පුඤ්ඤං කාතුං වට්ටතී”ති චින්තෙත්වා භගවතො චෙතියසමීපෙ භගවන්තං උද්දිස්ස හිරඤ්ඤසුවණ්ණරතනාදීහි අලඞ්කරිත්වාව සීහාසනං අකාසි. තත්ර නිසින්නස්ස පාදට්ඨපනත්ථාය පාදපීඨඤ්ච කාරෙසි. සීහාසනස්ස අතෙමනත්ථාය තස්සුපරි ඝරඤ්ච කාරෙසි. තෙන වුත්තං – “සීහාසනමකාසහං…පෙ… ඝරං තත්ථ අකාසහ”න්ති. තෙන චිත්තප්පසාදෙනාති ධරමානස්ස විය භගවතො සීහාසනං මයා කතං, තෙන චිත්තප්පසාදෙන. තුසිතං උපපජ්ජහන්ති තුසිතභවනෙ උපපජ්ජින්ති අත්ථො.
ආයාමෙන චතුබ්බීසාති තත්රුපපන්නස්ස දෙවභූතස්ස සතො මය්හං සුකතං පුඤ්ඤෙන නිබ්බත්තිතං පාතුභූතං ආයාමෙන උච්චතො චතුබ්බීසයොජනං විත්ථාරෙන තිරියතො චතුද්දසයොජනං තාවදෙව නිබ්බත්තික්ඛණෙයෙව ආසි අහොසීති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
චතුන්නවුතෙ ඉතො කප්පෙති ඉතො කප්පතො චතුනවුතෙ කප්පෙ යං කම්මං අකරිං අකාසිං, තදා තතො පට්ඨාය පුඤ්ඤබලෙන කඤ්චි දුග්ගතිං නාභිජානාමි, න අනුභූතපුබ්බා කාචි දුග්ගතීති අත්ථො.
තෙසත්තතිම්හිතො කප්පෙති ඉතො කප්පතො තෙසත්තතිකප්පෙ. ඉන්දනාමා තයො ජනාති ඉන්දනාමකා තයො චක්කවත්තිරාජානො එකස්මිං කප්පෙ තීසු ජාතීසු ඉන්දො නාම චක්කවත්තී රාජා අහොසින්ති අත්ථො. ද්වෙසත්තතිම්හිතො කප්පෙති ඉතො ද්වෙසත්තතිකප්පෙ. සුමනනාමකා තයො ජනා තික්ඛත්තුං චක්කවත්තිරාජානො අහෙසුං.
සමසත්තතිතො කප්පෙති ඉතො කප්පතො අනූනාධිකෙ සත්තතිමෙ කප්පෙ වරුණනාමකා වරුණො චක්කවත්තීති එවංනාමකා තයො චක්කවත්තිරාජානො චක්කරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා අහෙසුන්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
සීහාසනදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
12. එකත්ථම්භිකත්ථෙරඅපදානවණ්ණනා
සිද්ධත්ථස්ස භගවතොතිආදිකං ආයස්මතො එකත්ථම්භදායකථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ වනකම්මිකො හුත්වා එකස්මිං විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තො. තස්මිං සමයෙ සබ්බෙ සද්ධා පසන්නා උපාසකා එකච්ඡන්දා “භගවතො උපට්ඨානසාලං කරොමා”ති දබ්බසම්භාරත්ථාය වනං පවිසිත්වා තං උපාසකං දිස්වා “අම්හාකං එකං ථම්භං දෙථා”ති යාචිංසු. සො තං පවත්තිං සුත්වා “තුම්හෙ මා චින්තයිත්ථා”ති තෙ සබ්බෙ උය්යොජෙත්වා එකං සාරමයං ථම්භං ගහෙත්වා සත්ථු දස්සෙත්වා තෙසංයෙව අදාසි. සො තෙනෙව සොමනස්සජාතො තදෙව මූලං කත්වා අඤ්ඤානි දානාදීනි පුඤ්ඤානි කත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං ඡසු කාමාවචරෙසු දිබ්බසම්පත්තියො අනුභවිත්වා මනුස්සෙසු ච අග්ගචක්කවත්තිසම්පත්තිං අනෙකවාරං අනුභවිත්වා අසඞ්ඛ්යෙය්යං පදෙසරජ්ජසම්පත්තිඤ්ච අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සද්ධාසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො මාතාපිතූහි සද්ධිං භගවතො සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො කම්මට්ඨානං ගහෙත්වා මනසිකරොන්තො නචිරස්සෙව අරහා අහොසි.
සො එවං පත්තඅරහත්තො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සිද්ධත්ථස්සාතිආදිමාහ. තත්ථ සිද්ධත්ථස්ස භගවතො භග්යසම්පන්නස්ස සම්මාසම්බුද්ධස්ස. මහාපූගගණොති මහාඋපාසකසමූහො අහු අහොසීති අත්ථො. සරණං ගතා ච තෙ බුද්ධන්ති “බුද්ධං සරණ”න්ති ගතා භජිංසු ජානිංසු වා තෙ උපාසකා. තථාගතං සද්දහන්ති බුද්ධගුණං අත්තනො චිත්තසන්තානෙ ඨපෙන්තීති අත්ථො.
සබ්බෙ සඞ්ගම්ම මන්තෙත්වාති සබ්බෙ සමාගම්ම සන්නිපතිත්වා මන්තෙත්වා අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙත්වා එකච්ඡන්දා හුත්වා මාළං උපට්ඨානසාලං සත්ථුනො අත්ථාය කුබ්බන්ති කරොන්තීති අත්ථො. දබ්බසම්භාරෙසු එකත්ථම්භං අලභන්තා බ්රහාවනෙ මහාවනෙ විචිනන්තීති සම්බන්ධො.