එහි ධම්මානුධම්ම පටිපන්නො යනු නවආකාර ලෝකෝත්තර ධර්මයන් අනුධර්මයනුත් පූර්වභාග ප්රතිපදාවට පිළිපන්නේ එම ප්රතිපදාවම සුදුසු බැවින් සාමීචි (නිවැරදි පිළිවෙල) යයි කියනු ලැබේ. ඒ නියම ප්රතිපදාවට පත්වූයේනුයි = සාමීචිපටිපන්නො - එම පූර්වභාග ප්රතිපදා සංඛ්යාත අනුධර්මයේ හැසිරෙයි. පුරයි. අනුධම්මචාරී නම් වේ.
පුබ්බභාග ප්රතිපදාව නම් සීලය නම් වූ ආචාර ප්රඥප්තියත් ධුතංග සමාදානයෙන් ගෝත්රභූ සිත දක්වා සම්මා පටිපදා යැයි දතයුතුයි. ඒ නිසා යම් භික්ෂුවක් අගුරු වූ කාරණා සයක පිහිටා පැනවීම ඉක්මවා යයිද නුසුදුසු ලෙස ජීවිකාව කෙරේද මේ ධම්මානුධම්ම පටිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තමාට පනවන ලද ශික්ෂාපද, ශාස්තෲන් වහන්සේ නමැති වෙරළ, තථාගයන් නමැති සීමාව තථාගතයන් නමැති සීමා නූල (කලු නූල) අණුමාත්රයක්වත් නොඉක්මවයි. මේ ධර්මානුධර්ම ප්රතිපදාවට පිළිපන් වන්නේය. භික්ෂුණියටද එසේමය. යම් උපාසකයෙක් පංච වෛරයන්, දශ අකුසල කර්මපථයන් සමාදන්ව ජීවත්වෙයිද මෙය ධර්මානුධර්ම ප්රතිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තුන්සරණයෙහි පිහිටා පන්සිල් දසසිල් සම්පූර්ණ කරන්නේ වෙයිද මසකට උපොසථ අටක් කරයිද දන් දෙයිද සුවඳ පූජා මල් පූජා කරයිද මවට උපස්ථාන කරයිද පියාට උපස්ථාන කරයිද ධාර්මික ශ්රමණ බ්රාහ්මණයන්ට උපස්ථාන කරයිද මොහු ධර්මානුධර්ම ප්රතිපදාවට පිළිපන් තැනැත්තා වන්නේය. උපාසිකාවටද එසේමය.
පරමාය පූජාය යනු උතුම් පූජාවෙන්. මෙය නිරාමිස පූජාවට මගේ ශාසනය රඳා සිටින්නට හැකිවෙයි. යම්තාක් මේ සිව්පිරිස මා මේ පූජාවෙන් පුදන්නාහුද එතෙක් කල් මාගේ ශාසනය නබෝමැද පූර්ණ චන්ද්රයා මෙන් බබලන්නේ යයි දක්වයි.
අපසාදෙසි බැහැර කළේය. අපෙහි ඉවත්ව යන්න. තෙරුන් වහන්සේ එක වචනයෙන්ම තල්වැට දමා එකත්පසෙක සිටියේය. උපට්ඨාකො ආදී ප්රථම බෝධියෙහි තාවකාලික උපස්ථායක බව ගැන කීය. ස්වාමීනි! මේ ආයුෂ්මත් උපවාණ තෙරුන්ය. මෙසේ තෙරුන් විසින් කියන ලද කල්හි ආනන්ද තෙර උපවාණ තෙරුන් - දොස් සහිත බව සැළකීය. දැන් ඔහුගේ නිදොස් බව කියන්නෙමියි භාග්යවතුන් වහන්සේ ‘යෙභුය්යෙන ආනන්ද’ (ආනන්දය, බොහෝ සෙයින්) ආදිය පැවසූහ. එහි යෙභුය්යෙන මෙය අසඤ්ඤසත්තයේත් අරූප දේවතාවන්ගේත් නොගොස් නතරවීම ගැන කීය. අප්ඵුඨො ස්පර්ශ නොවූ බර නොවූ භාග්යවතුන් වහන්සේගේ සමීපයේ කෙසඟක් ප්රමාණ අවකාසයේ සියුම් වූ ආත්මභාව මවාගෙන දහය දහය බැගින් මහේශාක්ය දෙවිවරු සිටියහ. ඔවුන්ට ඈතින් විස්ස විස්ස ඔවුන්ට ඈතින් තිහ තිහ, හතළිහ හතළිහ. පනහ පනහ. හැට හැට ආදී වශයෙන් දෙවියෝ සිටියහ. ඔව්හු ඔවුනොවුන් අතින් හෝ පාදයෙන් හෝ වස්ත්රයෙන් හෝ බාධා නොකරත්. ඉවත්වන්න. නොගැටෙන්න යනුවෙන් කීමක්වත් නැත. සාරිපුත්රය, ඒ දේවතාවෝ වනාහි දසයක් වී, විස්සක් වී, තිහක් වී, හතළිහක් වී, පනහක් වී, හැටක් වී, ඉඳිකටු තුඩක් මත්තේ ද සිටිත්. ඔවුනොවුන්ට බාධා නොකරත් යැයි කියන ලද අයුරින්ම වූහ. ඔවාරෙන්තො ආවරණය කරමින් තෙරුන්වහන්සේ වනාහි ප්රකෘතියෙන්ම ඇත්පැටියෙක් මෙන් විශාල සිරුරක් ඇත්තේය. පංශුකූල චීවරය පොරවා ගත්විට තවත් විශාල විය.
තථාගතං දස්සනාය භාග්යවතුන් වහන්සේගේ මුහුණ බලන්නට නො ලබන්නාහු මෙසේ ඝෝෂා කළහ. කිම, තෙරුන් විනිවිද බලන්නට නොහැක්කෙමු. දෙවියෝ වනාහි පෘථග්ජනයන් විනිවිද දකින්නට සමත් වෙති. රහතන් වහන්සේලාවට එසේ බැලිය නොහැක. තෙරුන්ගේ මහේශාක්ය බව නිසාත් තේජස නිසාත් ළඟාවන්නට ද නොහැකි වෙත්. කුමක් නිසා තෙරුන් වහන්සේ තේජසින් පිරුණේ වන්නේද? අන්ය රහතන් වහන්සේලා එසේ නොවේ. යම්හෙයකින්ද කාශ්යප බුදුන්ගේ චෛත්යයෙහි ආරක්ෂක දේවතාවෙක් සිටියේය.
විපස්සී බුදුන් පිරිනිවි කල්හි ඒකඝන වූ රන්ගොඩක් බඳු ධාතු ශරීරය තබා එකම චෛත්යයක් කළහ. දීර්ඝායුෂ්ක බුදුවරයන් වහන්සේලාට වනාහි එකම චෛත්යයක් වෙයි. මිනිස්සු එය රියනක් දිගින් ද වියනක් පළලින් ද අඟල් සතරක් ඝනකමින් ද ස්වර්ණමය ගඩොල්වලින් ද රත්හිරියල් මනෝසිලා මැටි ද එක් කර තලතෙලින් අනා යොදුනක් පමණ උස් කළහ. අනතුරුව භූමි දේවතාවන් යොදුනක් පමණද අනතුරුව ආකාස දේවතාවන්ද අනතුරුව උණුසුම් වළාහක දෙවිවරු ද අනතුරුව ජල වලාකුළුවල දෙවියෝ ද පසුව අහසේ දෙවිවරු ද අනතුරුව චාතුර්මහා රාජිජක දෙවිවරුද, පසුව තව්තිසා දෙවිවරුද යොදුනක් පමණ උස්කළහ. මෙසේ සත්යොදුන් චෛත්යයක් විය. මිනිසුන් මල් ගඳ, වස්ත්ර ආදිය රැගෙන පැමිණි කල්හි ඒවා ආරක්ෂක දේවතාවෝ ගෙන ඔවුන්ට පෙනෙන්නට තිබෙන චෛත්යවලට පුදත්.