මෙහි මෙය පරිදීපනා විභාවනා ද වෙයි. මේ පිටක තුන පිළිවෙලින් ආණා වෝහාර, පරමත්ථ දේශනාය. යථාපරාධ, යථානුලොම, යථා ධම්ම සාසන ය. සංවර අසංවර දිට්ඨි විනිවෙඨන, නාමරූප පරිච්ඡේද කථා යයි ද කියනු ලැබේ. මෙහි විනය පිටකය අණට සුදුසු භාග්යවතුන් වහන්සේ විසින් අණ බහුලකොට දේශනා කරන ලද බැවින් ආණාදේශනා වෙයි. සූත්ර පිටකය ව්යවහාරයෙහි දක්ෂ වූ භාග්යවතුන් වහන්සේ විසින් ව්යවහාර බහුලකොට දේශනා කරන ලද බැවින් වෝහාර දේශනා වේ. අභිධර්ම පිටකය පරමාර්ථ දක්ෂ වූ භාග්යවතුන් වහන්සේ විසින් පරමාර්ථ බහුලකොට දේශනා කරන ලද බැවින් පරමත්ථදෙසනා යැයි කියනු ලැබේ.
එසේ යම් පළමුව, - බොහෝ අපරාධ ඇති සත්ත්වයෝ වූවාහුද ඔවුන් අපරාධ අනුව මෙය කියන ලද්දේනුයි යථාපරාධසාසනං. දෙවැනිව, නොයෙක් අධ්යාශය, අනුසය චරිතාධිමුක්ති ඇති සත්ත්වයෝ සුදුසු පරිදි මෙහි කියන ලද්දාහුනුයි යථානුලොම සාසන වේ. තෙවැනිව, දහම්පිඬු මාත්රයෙහි ‘මම මගේ’ යැයි සංඥා ඇත්තා වූ සත්ත්වයෝ ස්වභාවය අනුව මෙහි කියන ලද්දාහුනුයි යථාධම්මසාසන වේ.
එසේ පහත් හැසිරීම්වලට විරුද්ධ වූ සංවරයද අසංවරයද මෙහි කියන ලද්දේනුයි සංවරාසංවර කථා වේ. සංවරාසංවර යනු කුඩා වූද මහත් වූද සංවරයයි. කම්මාකම්ම මෙන් ඵලාඵලං මෙන්. දෙවැනිව දෙසැට මිසදිටුවලට ප්රතිපක්ෂ වූ නාමරූප පරිච්ඡේදය මෙහි කියන ලද්දේනුයි නාමරූප පරිච්ඡේද කථායයි කියනු ලැබේ.
මේ තුනෙහිම ශික්ෂා තුනකි. ප්රහාණ තුනකි. ගම්භීරභාවය සිව්වැදෑරුම් වේයයි දතයුතුය. එසේය, විනය පිටකයෙහි විශේෂයෙන් අධිශීල ශික්ෂාව කියන ලදි. සූත්ර පිටකයෙහි අධිචිත්ත ශික්ෂාවයි, අභිධර්ම පිටකයෙහි අධිප්රඥා ශික්ෂාවයි.
විනය පිටකයෙහි වීතික්කම පහාණයද සීලයට ක්ලේශයන්ගේ වීතික්කම ප්රතිපක්ෂ බැවින්ද සූත්ර පිටකයෙහි පරියුට්ඨාන පහාණයද සමාධියට පරියුට්ඨාන ප්රතිපක්ෂ බැවින් ද, අභිධර්ම පිටකයෙහි අනුසය ප්රහාණයද, ප්රඥාවට අනුසය ප්රතිපක්ෂ බැවින්ද, පළමුවැන්නෙහි ක්ලේශයන්ගේ තදංග ප්රහාණයද, ඉතිරියෙහි වික්ඛම්භන සමුච්ඡේද ප්රහාණයද වෙයි. පළමුවැන්නෙහි දුශ්චරිත සංක්ලේශ ප්රහාණයද, ඉතිරියෙහි තෘෂ්ණා දෘෂ්ටි සංක්ලේශයන්ගේ ප්රහාණයද වෙයි.
මෙහි එක එකෙහි සිව්වැදෑරුම් වූ ධර්මාර්ථ දේශනා ප්රතිවේධ ගම්භීර බව දතයුතුය. එහි ධම්ම යනු පෙළය. අත්ථ යනු එහිම අර්ථයයි. දේසනා යනු එය මනසින් ව්යවස්ථාපිත බැවින් පෙළෙහි දේශනාවයි. පටිවෙධ යනු පෙළෙහි පෙළ අරුතෙහි නියම අවබෝධයයි. මේ තුනෙහිම ධර්මාර්ථ දේශනා ප්රතිවේධයෙන් හාවුන් ආදීන් විසින් මහා සමුද්රය මෙන්, මන්දබුද්ධි ඇත්තවුන් විසින් දුකට බැසගැනීමෙන් නොලද හැකි ප්රතිෂ්ඨා මෙන්. ඒ නිසා ගම්භීරය. මෙසේ එකඑකෙහි සිව්වැදෑරුම් වූ ගම්භීර බව දතුයුතුය.
තවත් ක්රමයක් : ධම්ම යනු හේතුවයි. එය මෙසේ කියන ලදි. ‘හෙතුම්හි ඤාණං ධම්ම පටිසම්භිදා’ අත්ථ යනු හේතුඵලයයි. එය මෙසේ කියන ලදි. ‘හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා’ දෙසනා යනු ප්රඥප්තියයි. ධර්මානුකූලව ධර්මය කීමය යන අදහසයි. අනුලෝම ප්රතිලෝම සංක්ෂේප විස්තාර ආදී වශයෙන් හෝ කීම ප්රතිවේධ කිරීම යන අර්ථයි. එයද ලෞකික ලෝකෝත්තර විෂය වශයෙන් ද මුළා නොවීමෙන් ද අර්ථානුරූප ධර්මයන්හි ධර්මානුරූප වූ අර්ථයන්හි ප්රඥප්ති මාර්ග අනුරූප වූ ප්රඥප්තීන්හි අවබෝධයයි. ඔවුන්ම ඒ ඒ තැන කියන ලද ධර්මය ස්වලක්ෂණ සංඛ්යාත වූ අවිපරීත ස්වභාවය අවබෝධ කරගත යුතුය.
දැන් යම්හෙයකින් මේ තුන්පිටකයන්හිද යම් යම් ධර්ම සංඛ්යාවක් අර්ථ සංඛ්යාවක් හෝ යම් යම් සේ දැන්විය යුතු අර්ථය අසන්නවුන්ගේ ඥානයට අභිමුඛ වෙයිද ඒ ඒ අයුරින් දේශනාව ඒම අර්ථය පැහැදිලි කරන්නේය. යමෙක් මෙහි අවිපරීත අවබෝධ සංඛ්යාත ප්රතිවේධයක් වේද, ඒ ඒ ධර්මයන් ස්වලක්ෂණ සංඛ්යාත අවිපරීතභාවය ප්රතිවේධ කළ යුතුය. මේ සියල්ල රැස්කර නොගත් කුසල සම්භාර ඇති දුෂ්ප්රාඥයන් විසින්, සාවුන් ආදීන් මහා සමුද්රය මෙන්, දුකෙහි ගැලීමක්ද, නොලැබිය හැකි ප්රතිෂ්ඨාවක් ද වන බැවින් එක එකෙක්හි සිව්වැදෑරුම් වූ ගම්භීර බව දතයුතුය.