19-24. පච්චනීයානුලෝම පට්ඨාන වර්ණනාව
දැන් කුසලාදි ධර්මවල පච්චය ධර්ම ප්‍රතික්‍ෂේප කොට පච්චයුප්පන්නයෝ කුසලාදිභාවය ප්‍රතික්‍ෂෙප නොකිරීම් වශයෙන් ධර්මයන්ගේ පච්චනීයානුලෝමතාවෙන් පච්චනීයානුලෝම පට්ඨානය දැක්වීමට න කුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා යනාදිය අරඹන ලදි. එහි න කුසලං ධම්මං පටිච්ච කුසලයේ පච්චයභාවය වළක්වයි. අකුසලො ධම්මො උප්පජ්ජති අකුසලයේ උපත අනුදනී. න කුසලය අකුසලය අබ්‍යාකතය හෝ, එය ද සහජාත පච්චය කොට උපදිනු ලබන කුසලයක් නම් නැත. එහෙයින් අකුසල අබ්‍යාකත වශයෙන් දේශනා කරන ලදි. එහි අකුසලං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා න කුසල ධර්මය නිසා විසඳුම දතයුතුය. අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා මේ ප්‍රශ්නය වනාහි විපාකාබ්‍යාකතය, කිරියාබ්‍යාකත එක ස්කන්ධයක් නිසා ස්කන්ධ තුන චිත්ත සමුට්ඨාන රූපයද යයි විසඳන ලදි. මෙසේ සියළු නො විසඳුණු ප්‍රශ්නවල අර්ථයට අනුරූපව විසඳුම විසඳන ලද්ද ද පෙළෙහි ආ ලෙසම විසඳීම. තික දුකේ එක එකෙහි වාර ප්‍රභේද පච්චය ගණන විධානය යන සියල්ල යට කියන ලද අනුසාරයෙන් දතයුතුය.
මෙපමණකින් ද
‘පට්ඨාන’ තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තික දුක ද තික තික - දුක දුක ද යන මේ සය
පසනිය අනුලොම්හි - සුගැඹුරු නයයි දන්නේ
අටුවාවෙහි කියන ලද ගීයෙන් දක්වන ලදි. ධම්ම පච්චනීය අනුලෝම පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝමාදිය එක් පරියායකින් සතර සතර නය යයි සූවිසි නය ප්‍රතිමණ්ඩිත පච්චනීයානුලෝම පට්ඨානයම දතයුතුය.
පච්චනීයානුලෝම පට්ඨාන වර්ණනාව නිමි.
මෙසේ ධම්මානුලෝමාදි වශයෙන් වාර සතරෙහි එක එකෙහි සූවිසි නය වශයෙන් නය සයානූවක් වේ. එහි පච්චය නය නොගෙන එක එක පට්ඨානයෙහි තික දුකාදීන්ගේම නය සය සය වශයෙන් සූවිසි නය ප්‍රතිමණ්ඩිත මේ සමස්ත පට්ඨාන ප්‍රකරණය දතයුතුය. කිසිවෙක් වනාහි ‘කුසලාරම්මණො ධම්මො අකුසලාරම්මණො ධම්මො’ (කුසල් අරමුණු දහම අකුසල අරමුණු ද) යනාදි නයින් ආරම්මණ මාතෘකා නම් තබා ‘කුසලාරම්මණ ධර්මය කුසලාරම්මණ ධර්මයට හේතු පච්චයෙන් පච්චය වේ’ යනාදි නයින් ආරම්මණ පට්ඨාන යයි දක්වා පසුව ඵස්සාදි වශයෙන් ද ඵස්ස පට්ඨානයයි උදුරා දක්වති. එය පෙළෙහි අටුවා කථාවල නො දක්නා ලැබේයයි මෙහි නො විචාරන ලදි. සංගීති ආරූඪ පෙළ වශයෙන් ම මෙහි වර්ණනා කරන ලදැයි දතයුතුය.
මෙපමණකින් -
මුළා වූ ජනයා - ඒ කුලවලට පැමිණී
නෙක දුක් ගහණ වූ - සසරින් නොම ගොඩවෙති
පස් බේහි කුසල වූ - ලොවැ ගරු ඒ පස’යුරු
අති නිපුණ ගැඹුරැති - ජවන් බිම්හි බුදුණැනේ
කුසල් ඈ දම් මේ - නිසා නේ නය ගණනින්
විස්තරන සත් - විදම් පකරණ මුනිඳුන්
සනිටුහන් කළ මනා - දෙසූ ‘පට්ඨානය’ නම්
සැදැහැයෙන් ඇරඹූ - මවිසින් එයට අටුවා
ඇදුරු මග නොහෙළා - සිසුනට ‘විභජ්ජවාදී’
බුහු අනතුරු ලොවේ - රහිතව කිසි අනතුරක්
[missing trans]
නිමාවට පත් සේ - බුහු දෙනෙතගෙ එසේ වේ
පැමිණෙත්වා වහා - කලණ සියළු සිතිවිලි
මෙපමණකින්
සත් පකරණ බුදුහු - බිදම් දෙසුවන පැණසර
දෙවියනට දෙවි වූ - දෙව්ලොව පෙරදි සමතැස්
එහි අටුවාව මෙහි - හැමතින් නිමවිය මනා
නිමවමින් එය මා - චිර පැවතුමට දහමේ