11. සඞ්ගෘහීතයෙන් සම්ප්රයුක්ත විප්රයුක්ත පද වර්ණනාව
දැන් සංගෘහීතයෙන් සම්ප්රයුක්ත විප්රයුක්ත පද බෙදීමට සමුදය සච්චෙන යනාදිය අරඹන ලදී. එහි සංගෘහීත පද නිර්දේශයෙහි යම් සමුදය සත්යාදිය උදුරන ලද නම් සියළු ප්රශ්නවල ඒවායින්ම උදුරන ලදී. සමාන විසඳුම්වල වනාහි එකක් වශයෙන් ගන්නා ලද පද වෙනත් පටිපාටියකින් පැමිණි ඒවාය. එහි ධර්ම ප්රශ්නයෙන් උදුරන ලද පදයෙන් ස්කන්ධාදි සංග්රහයෙන් සංගෘහීතය. ඒවායේ යම් පදවලින් සම්ප්රයෝග හෝ විප්රයෝග වේ. ඔවුන්ගේ වශයෙන් ස්කන්ධාදි විභාගය දතයුතුය.
මේ එහි නය වේ. පළමුව සමුදය සත්යයෙන් සංස්කාර ස්කන්ධය ඇතුළත් ධර්ම ස්කන්ධාදි සංග්රහයෙන් සංගෘහීතය. ඒවා ද ස්කන්ධ තුනෙන්, මනායතන එකකින් විඤ්ඤාණ ධාතු සතෙන් සංස්කාර ස්කන්ධයෙහි ධම්මායතන ධම්ම ධාතුවල ද තෘෂ්ණාව හැර සෙස්සෙන් සම්ප්රයුක්තය. කිසිවකින් සම්ප්රයුක්ත නමි. රූපස්කන්ධ එකකින් රූපායතන දහයකින් රූප ධාතුවලින් ද විප්රයුක්තය. එක් ධර්මායතනයෙහි ධර්ම ධාතුවේද රූප නිබ්බාණවලින් විප්රයුක්තය. කිසිවකින් විප්රයුක්ත නමි. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය.
සංගෘහීතයෙන් සම්ප්රයුක්ත විප්රයුක්ත පද නිමා විය.
12. සම්ප්රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද වර්ණනාව
දැන් සම්ප්රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද බෙදීමට වෙදනක්ඛන්ධෙන යනාදිය ආරම්භ කරන ලදී. එහි සම්ප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද නිර්දේශයෙහි වේදනා ස්කන්ධාදි යම් ධර්ම උදුරන ලදද සියළු ප්රශ්නවල ඒවාම උදුරන ලදී. එහි ප්රශ්නයෙන් උදුරන පදයෙන් යම් ධර්ම සම්ප්රයුක්ත වේ. ඒවායේම සංග්රහය හෝ අසංග්රහය වේ. ඒවායෙහි වසයෙන්ම ස්කන්ධාදි භේදය දතයුතුය.
එය නය මෙසේය. වේදනා ස්කන්ධය සංඥාදියෙන් සම්ප්රයුක්තය. ඒ සංඥාදිය, සංඥාදි ස්කන්ධ තුනෙන් ධම්මායතන දෙකෙන් මනායතනවලින් ධම්ම ධාතුවෙන් ද විඥාන ධාතු සතෙන්දැයි ධාතු අටකින් සංගෘහීතය. සෙසු ස්කන්ධ ආයතන ධාතුවලින් අසංගෘහීතය. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය.
සම්ප්රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද නිමා විය.
13. අසඞ්ගෘහීතයෙන් සම්ප්රයුත්ක විප්රයුක්ත පද වර්ණනාව
දැන් අසංගෘහීතයෙන් සම්ප්රයුක්ත විප්රයුක්ත පද බෙදීමට රූපක්ඛන්ධෙන යනාදිය අරඹන ලදී. එහි පස්වැන්නෙහි අසංගෘහීතයෙන් අසංගෘහීත පද නිර්දේශයෙහි රූපස්කන්ධයෙන් යම් සමාන ප්රශ්න ධර්මම අරූපභවයෙන් සමානය. ඒවාම උපුටන ලදී. සෙස්ස වනාහි නොනැගේ යයි නොඋදුරන ලදී. වේදනා ස්කන්ධයෙන් ස්කන්ධ වශයෙන් රූප අරූප ධම්ම අසංගෘහීත වේ. ඒවායේ ද සම්ප්රයෝගයක් නම් නැත. ඒ නිසා යම් පද නැගේ ද ඒවාම සමාන විසඳුම් සමග එක්කොට උදුරන ලදී. එහි ප්රශ්නයෙන් උදරන ලද ධර්මවලින් ස්කන්ධ වශයෙන් යම් පද අසංගෘහීත ද ඒවාම සම්ප්රයුක්ත විප්රයුක්ත වේ. ඒවායෙහි වශයෙන් ස්කන්ධ විභාගය දතයුතුය.
එහි නය මෙසේය යන රූපස්කන්ධයෙන් පළමුව විඤ්ඤාණයම සංග්රහ තුනෙන් අසංගෘහීතය. වේදනාදි ස්කන්ධ තුනෙන් ධම්මායතන ධම්ම ධාතුවල ද වේදනාදියෙන්ම එය සම්ප්රයුක්තය. එක් රූපස්කන්ධයකින් දස රූපායතන රූපධාතුවලින් ධම්මායතන ධම්ම ධාතුවලද රූප නිර්වාණ ධර්මවලින් විප්රයුක්තය. ඒ සඳහා තෙ ධම්මා තීහි ඛන්ධෙහි යනාදිය කියන ලදී. මේ නයින් සියළු තැන අර්ථය දතයුතුය.
අසංගෘහීතයෙන් සම්ප්රයුක්ත විප්රයුක්ත පද නිමා විය.
14. විප්රයුක්තයෙන් සඞ්ගෘහීතා’සඞ්ගෘහීත පද වර්ණනාව
දැන් විප්රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද බෙදීමට රූපක්ඛන්ධෙන යනාදිය අරඹන ලදී. එහි යම් පදවල විප්රයෝගය නො නැගේද ඒවා මේ වාරයෙහි නොගන්නා ලදී. ඒවා වනාහි කුමන ඒවා ද? ධම්මායතනාදියයි. ස්කන්ධාදියෙහි ධම්මායතනයේ එකකින්වත් විප්රයෝගය නොනැගේ. ධම්ම දාතු ආදියෙහි ද මෙම නයම වේ. ඒවායෙහි උදානය.
දම් ආයතන දම් - දා ජීවිත ඉඳුරු යන
නම් රූ පද ඇතිව - සය ආයතන සමගින්
නම් රූ පද ඇතිව - සය ආයතන සමගින්
දෑ ජර මර තැනද - විසි තිකෙහි එක් පදයද
අවසන් තිකෙහි එක - සුළු අතුරු සත්පද යන
අවසන් තිකෙහි එක - සුළු අතුරු සත්පද යන
පොකුරෙහි දසය වේ - මහ අතුරු තුදුසය යන
එයින් මතු ස පදය - එකතුවෙන් පද සියළුම
සත් සාළිසක් දම් - නො ලැබෙයි (විනිස දන්නේ)
එයින් මතු ස පදය - එකතුවෙන් පද සියළුම
සත් සාළිසක් දම් - නො ලැබෙයි (විනිස දන්නේ)
අවසානයෙහි ද ධම්මායතනං ධම්මධාතු යන ගාථාව ද මෙම අර්ථයම දැක්වීමට කියන ලදී. මේවා හැර සෙසු සියල්ලම ලැබේ. ඒවායෙහි ස්කන්ධ විභාගය කියන ලද අනුසාරයෙන්ම දතයුතුය.
විප්රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද නිමා විය.
නිගමන කථා
මෙපමණකින්
දා බෙදුමෙහි නිපුණ - මුනිසඳ කී දා කතා
එහි නයමුක බෙදුම් - පැවසුම් නිමාවිය දැන්
එහි නයමුක බෙදුම් - පැවසුම් නිමාවිය දැන්
මේ නයමුක බෙදුම් - කීමෙන් හැක වියතුනට
සියළු නය දැනුමට - සැකවින් කියැවුණ කතා
සියළු නය දැනුමට - සැකවින් කියැවුණ කතා
එකෙක පදය ඉදින් - විතර විසින් පැවසුණොත්
බහුලව වචන මිස - අරුතෙහි වෙනසක් නොවේ
බහුලව වචන මිස - අරුතෙහි වෙනසක් නොවේ
උනු බණවර දෙකින් - ම විසින් කළ හෙළබසින්
මෙනිසා ලැබූ පින් - ලොව සුව පිණිස වේවා
මෙනිසා ලැබූ පින් - ලොව සුව පිණිස වේවා
ධාතුකථාප්පකරණ අත්ථවණ්ණනාව නිමි.