නිගමනකථා
මෙපමණකින්ද -
පෙර කාඤ්චිපුරාදියෙහි මා සමඟ වසන මනා නුවණැති භදන්ත ජොතිපාල තෙරුන් විසින් අයදිනු ලද්දෙම්,
උතුම් තම්බපණ්ණි දිවයිනෙහි මහාවිහාරයෙහි වසන කල්හි ද ගසක් මුහුකුරා ගිය විට මෙන් සදහම් පරිභොග කරනවිට
තුන්පිටකය නමැති සයුරේ පරතෙරට ගොස් සිටි මනා නුවණැති පිරිසුදු දිවිපැවතුම් ඇති ජීවක (තෙරුන්) විසින් ද අයදින ලද්දෙම්,
ශාසනාර්ථයන් බොහෝ කල් පවතිනු කැමැති වෙමින් ධර්මකථාවෙන් නිපුණවූ උතුම් නිකායට මම යම් අට්ඨකථාවක් ඇරඹූයෙම් ද,
මහා අට්ඨකථාවේ හරය ගෙන සිවු අනූවක් පමණ වූ පෙළෙහි බණවරින් ඒ අට්ඨකථාව නිමැවිණි.
යම් හෙයකින් සියලු ආගම වර්ණනා කිරීමේ මගේ මනදොළ සපිරුණේ ද එහෙයින් එයට මනොරථපූරණී යන නම වන්නේය.
බණවර ගණනින් එකුන්සැටක් පමණ වන විසුද්ධිමග්ගය ද ආගමයන්ගේ අර්ත්ථය ප්රකාශ කරනු සඳහා යම් හෙයකින් කරන ලද්දේ ද,
එහෙයින් එය සමඟ මෙම අට්ඨකථාව ගාථා ගණිත ක්රමයෙන් බණවර එකසිය පණස් තුනකැයි දතයුතුය.
මේ අටුවාව බණවරින් එකසිය පණස් තුනක් පමණ (වෙමින්) මහාවිහාරාධිවාසී (භික්ෂූ) න් ගේ දහම් මග (සමය) ප්රකාශ කරයි.
මූල අට්ඨකථාසාරය ගෙන මෙය කරන්නා වූ මවිසින් යම් පිණක් රැස්කරන ලද්දේද එයින් සියල්ලෝම සුවපත් වේවා!
පරම පවිත්ර ශ්රද්ධා බුද්ධි වීර්යයෙන් යුක්තවූ, ශීල ආචාර සෘජු මෘදු ආදී ගුණ සමුහයෙන් ප්රමුදිත වූ, ස්වකීය සමය සමයාන්තරාවගහණයට සමර්ත්ථවූ, ප්රඥා කුශලතා සමන්වාගතවූ, ත්රිපිටකපර්යාප්ති ප්රභෙද ඇති අර්ත්ථකථා සහිත ශාස්තෲ ශාසනයෙහි නොපැකිළෙන ඥානප්රභාවෙන් යුක්තවූ, මහා ව්යාකරණඥවූ කරණ සම්පත්තියෙන් ජනිත සුවසේ නික්මෙන මධුරොදාර වචන ලාවණ්යයෙන් යුක්තවූ, සුදුසුවදන් ඇත්තාවූ, වාදීවරවූ මහාකවිවූ ප්රභේද සහිත ප්රතිසංවිද් පරිවාර ඇති ෂඩභිඥාදී ප්රභේද ගුණයන්ගෙන් අලංකාරවූ උන්තරිමනුෂ්ය ධර්මයෙහි සුපිහිටි නුවණ ඇති ථෙරවංසයට ප්රදීපායමානවූ මහාවිහාරවාසී තෙරවරුන්ගේ වංසයට අලංකාරයක්වූ විපුල විසුද්ධ බුද්ධියෙන් බුද්ධඝොෂයයි, ගුරුවරුන් විසින් ගන්නා ලද අභිධානයෙන් යුක්තවූ තෙරුන් වහන්සේ විසින් කරන ලද මේ මනොරථපූරණී නම් වූ අඞ්ගුත්තර නිකායට්ඨකථාව,
පිරිසුදු සිතැති තාදී ගුණ පිරි පවර
ලෝදෙටු මුනි සඳුගෙ බුදු යන නම් වහර
ලෝදෙටු මුනි සඳුගෙ බුදු යන නම් වහර
ඇති තෙක් රිසියනට වනු සසරින් එතෙර
පවතිනු යෙහේ පෙන්වා දම් නය නියර
පවතිනු යෙහේ පෙන්වා දම් නය නියර
අඞ්ගුත්තරනිකායට්ඨකථාව නිමියේයි.