කල්යාණමිත්ර වර්ගය
අටවෙනි වර්ගයේ පළමු සූත්රයෙහි කල්යාණමිත්තතා යනු කලණමිරෝ මොහුටනුයි කලණමිතුරන් ඇත්තෙයි. ඔහුගේ ස්වභාවය කල්යාණ මිත්තායි. සෙස්ස කියනලද්දේට ප්රතිපක්ෂ ක්රමයෙන්ම දතයුතයි.
දෙවැන්නෙහි අනුයොගො යනු යෙදීමයි. ප්රයෝගයයි. අනනුයොගො යනු නොයෙදීමයි, අප්රයෝගයයි. අනුයොගා යනු යෙදීමෙනි. අනනුයොගා යනු නොයෙදීමෙනි. කුසලානං ධම්මානං යනු චතුභූමකකුශලධර්මයන්ගේයි. තෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
සිවුවැන්නෙහි, බොජ්ක්ධඞ්ගා යනු අවබෝධකරන (බුදුවන) සත්වයාට අංගවූ ධර්මසතයි. යම්වූ හෝ ධර්මයන්ගේ එකතුවකින් හෙතෙම අවබෝධකරයිද සසරින් හෝ නැඟී සිටියිද සිවුසස්දම් හෝ පසක් කරයිද ඒ අවබෝධයට අංග වූයේනූයි බොජ්ක්ධඞ්ගයෝ වෙත්ද අවබෝධකෙරෙතියි බොජක්ධඞ්ගයෝයි. වටහාගනිතැයි බොජ්ක්ධඞ්ගයෝයි ප්රතිවේධ කෙරෙතැයි බොජ්ක්ධඞ්ගයෝයි. අවබෝධය සඳහා පවතිතැයි බොජ්ක්ධඞ්ගයෝයි. මෙසේ වනාහි මේ පදය බෙදා දක්වන ලද්දේමය.
පස්වැන්නෙහි ‘භාවනාපාරිපූරිං ගච්ඡනති” යන මේ පදයෙන් බෝධ්යංගයන්ගේ හැසිරෙන ආකාරයෙන් භූමිය කියනලදී. ඒ භූමිය වනාහි සතරාකාරවෙයි. විදර්ශනාව හටගන්නා කල්හි බෝධ්යංගයෝ කාමාවචර වෙත්. විදර්ශනා පාදකධ්යානය උපදින කල්හි රූපාවචරඅරූපාවචරයෝ වෙත්. මාර්ගඵලයන් උපදිනා කල්හි ලෝකෝත්තරයෝයි. මේ සූත්රයෙහි චතුභූමික බෝධ්යංගයෝ කියනලදහ.
සවෙනි සූත්රයාගේ අර්ත්ථොත්පත්තික නික්ෂෙපයයි. මෙය අර්ත්ථොත්පත්තික දෙසනලදී. බොහෝ භික්ෂූහූ වනාහි ධර්මසභාවෙහි හුන්නාහුය. ඔවුනතුරෙහි බන්ධුලමල්ල සෙනෙවිහි අරභයා මේ කථාව හටගත්තේය. ‘ඇවැත්නි, අසුවල්නම් කුලය පෙර බොහෝ නෑයන් ඇත්තේ විය. බොහෝ (විහිදීගිය) පැති ඇත්තේ විය. දැන් අඩු නෑයන් අඩුපැති ඇත්තක්විය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ගේ සිත්හරසර දැන මා ගියවිට මහත් දෙසුමක් වන්නේයයි දැන ගඳකිළියෙන් නික්ම දම්සභාවෙහි පනවනලද උතුම් බුද්ධාසනයෙහි හිඳ, මහණෙනි දැන් කවරනම් කථාවකින් යුක්තව හුන්නහුදැයි ඇසූසේක. භාග්යවතුන් වහන්ස, අන් ගම්නියම්ගම් ආදිය පිළිබඳ කථාවක් නැත. අසුවල් නම් කුලය පෙර බොහෝ නෑයන් ඇත්තේවිය. බොහෝ පැති ඇත්තේවිය. දැන් අඩු නෑයන් ඇත්තේ අඩු පැති ඇත්තේ වීයයි කියමින් හුන්නහුම්හයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ මේ අර්ත්ථොත්පත්තියෙහි අප්පමතතිකා එසා භික්ඛවෙ පරිහානි යන මේ සූත්රය ආරම්භ කළසේක.
එහි අප්පමත්තිකා එසා භික්ඛවේ පරිහානි යන මේ සූත්රය ආරම්භ කළසේක. එහි අප්පමතතිකා යනු අඩුවැඩි පමණයි. මේ පිරිහීමෙන් නම් නැත. මේවනාහි ඉහාත්මයෙහි පිරීහීම් පමණක්මයයි. වදාළසේක. එතං පතිකිට්ඨං යන් මෙය පැසුළුය (අන්තිමය.) මෙය ලාමකය. යනුයි. යදිදං පඤ්ඤපරිහානි යනු මගේ සසුනෙහි යම් මේ කරනලද කර්මයාගේ විපාක ඇත යන නුවණින් විදසුන් නුවණින් මග නුවණින් පලනුවණින්ද පිරිහීමක් වේද එය අන්තිමය; එය ලාමකය; එය අත්හැරදමිය යුත්තකි යන අර්ත්ථයි .
සත්වැන්නද අර්ත්ථොත්පත්තියෙහි දෙසනලදී. දම් සභාවෙහි හුන්නාවූ භික්ෂූන් අතුරෙන් ඇතැම්හු අසුවල් නම් කුලය පෙර අඩු නෑයන් ඇති අඩු පැති ඇතිවූවක් විය. දැන් බොහෝ නෑයන් ඇති බොහෝ පැති ඇතිවූවක් වීය’යි මෙසේ කීවාහුය. කවරෙකු සඳහා මෙසේ කීවාහුදයත් විශාඛා උවැසියද විශාලාවෙහි ලිච්ඡාවීන්ද සඳහායි. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිත්හසර දැන පෙර කියනලද ක්රමයෙන්ම අවුත් ධර්මාසනයෙහි වැඩහුන්සේක, ‘මහණෙනි දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නහුදැයි ඇසූසේක. ඔවුහු ඇති සැටියෙන් කීය. ශාස්තෘන්වහන්සේ මේ අර්ත්ථොත්පත්තියෙහි මේ සූත්රය ඇරඹුසේක. එහි අප්පමතතිකා යනු ඒ සැපත නිසා ස්වර්ගයට හෝ මාර්ගයට හෝ පැමිණියවුන් නොමැති බැවින් අඩුය යනුයි. යදිදං පඤ්ඤචුද්ධි යනු කම්මස්සකත ඤණාදීන්ගේ වැඩීමයි. තස්මා යනු යම් හෙයකින් ඥාතීන්ගේ වෘද්ධිය නම් ඉහාත්මයට පමණක්වූයේ අඩුවූයේ කුඩාවූයේ ස්වර්ගයට හෝ මාර්ගයට පමුණුවන්නට අසමත්වූයේවෙයි. එහෙයිනි., පඤ්ඤාවුද්ධියා යනු කම්මස්සකතාදී ප්රඥාවේ වර්ධනයෙනි.
අටවැන්නද අර්ත්ථොත්පත්තියෙහි දෙසනලදී. බොහෝ භික්ෂුහු ධම්සභාවෙහි හුන්නාහු මහාධන සිටුපුත්රයා අරභයා අසුවල් නම් කුලය පෙර මහා භෝග ඇත්තේ මහා රන්රුවන් ඇත්තේ විය. දැන් එය අල්පභෝගවූයේ වීයයි පැවසූහ. දැන් එය මහාභෝග ඇත්තේවීයයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ පෙර ක්රමයෙන්ම වැඩමවා ඔවුන්ගේ වචනය අසා මේ සූත්රය ඇරඹූසේක.
නවවැන්නද අර්ත්ථොත්පත්තියෙහි කියනලදී. දම්සභාවෙහි හුන්නාවූ භික්ෂුහු කාකවලිය සිටුද පුණ්ණක සිටුද අරභයා අසුවල් නම් කුලය පෙර අල්පභෝග වූයේය. දැන් එය මහාභෝග ඇත්තෙවීයයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ පෙර ක්රමයෙන්ම වැඩමවා ඔවුන්ගේ වචනය අසා මේ සූත්රය ඇරඹූසේක. සෙස්ස මේ සූත්රදෙක්හි යටකියනලද ක්රමයෙන්ම දතුයුතුය.
දසවැන්නද අර්ත්ථොත්පත්තියෙහි දෙසනලදී. ධර්මසභාවෙහි භික්ෂූහු කොසොල් මහරජු අරභයා අසුවල්නම් කුලය පෙර මහයසස් ඇත්තේ මහ පිරිවර ඇත්තේවිය. දැන් අඩුයසස් අඩුපිරිවර ඇත්තේවීයයි පැවසූහ. භාග්යවතුන්වහන්සේ පෙර ක්රමයෙන්ම වැඩමවට ඔවුන්ගේ වචනය අසා මේ දෙසුම ඇරඹුසේක. ඉතිරිය කියනලද ක්රමයෙන්ම දතයුතුයි.