සත්වැන්නද අර්‍ත්‍ථොත්පත්තියෙහි දෙසනලදී. දම් සභාවෙහි හුන්නාවූ භික්‍ෂූන් අතුරෙන් ඇතැම්හු අසුවල් නම් කුලය පෙර අඩු නෑයන් ඇති අඩු පැති ඇතිවූවක් විය. දැන් බොහෝ නෑයන් ඇති බොහෝ පැති ඇතිවූවක් වීය’යි මෙසේ කීවාහුය. කවරෙකු සඳහා මෙසේ කීවාහුදයත් විශාඛා උවැසියද විශාලාවෙහි ලිච්ඡාවීන්ද සඳහායි. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිත්හසර දැන පෙර කියනලද ක්‍රමයෙන්ම අවුත් ධර්‍මාසනයෙහි වැඩහුන්සේක, ‘මහණෙනි දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නහුදැයි ඇසූසේක. ඔවුහු ඇති සැටියෙන් කීය. ශාස්තෘන්වහන්සේ මේ අර්‍ත්‍ථොත්පත්තියෙහි මේ සූත්‍රය ඇරඹුසේක. එහි අප්පමතතිකා යනු ඒ සැපත නිසා ස්වර්‍ගයට හෝ මාර්‍ගයට හෝ පැමිණියවුන් නොමැති බැවින් අඩුය යනුයි. යදිදං පඤ්ඤචුද්ධි යනු කම්මස්සකත ඤණාදීන්ගේ වැඩීමයි. තස්මා යනු යම් හෙයකින් ඥාතීන්ගේ වෘද්ධිය නම් ඉහාත්මයට පමණක්වූයේ අඩුවූයේ කුඩාවූයේ ස්වර්‍ගයට හෝ මාර්‍ගයට පමුණුවන්නට අසමත්වූයේවෙයි. එහෙයිනි., පඤ්ඤාවුද්ධියා යනු කම්මස්සකතාදී ප්‍රඥාවේ වර්‍ධනයෙනි.
අටවැන්නද අර්‍ත්‍ථොත්පත්තියෙහි දෙසනලදී. බොහෝ භික්‍ෂුහු ධම්සභාවෙහි හුන්නාහු මහාධන සිටුපුත්‍රයා අරභයා අසුවල් නම් කුලය පෙර මහා භෝග ඇත්තේ මහා රන්රුවන් ඇත්තේ විය. දැන් එය අල්පභෝගවූයේ වීයයි පැවසූහ. දැන් එය මහාභෝග ඇත්තේවීයයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ පෙර ක්‍රමයෙන්ම වැඩමවා ඔවුන්ගේ වචනය අසා මේ සූත්‍රය ඇරඹූසේක.
නවවැන්නද අර්‍ත්‍ථොත්පත්තියෙහි කියනලදී. දම්සභාවෙහි හුන්නාවූ භික්‍ෂුහු කාකවලිය සිටුද පුණ්ණක සිටුද අරභයා අසුවල් නම් කුලය පෙර අල්පභෝග වූයේය. දැන් එය මහාභෝග ඇත්තෙවීයයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ පෙර ක්‍රමයෙන්ම වැඩමවා ඔවුන්ගේ වචනය අසා මේ සූත්‍රය ඇරඹූසේක. සෙස්ස මේ සූත්‍රදෙක්හි යටකියනලද ක්‍රමයෙන්ම දතුයුතුය.
දසවැන්නද අර්‍ත්‍ථොත්පත්තියෙහි දෙසනලදී. ධර්‍මසභාවෙහි භික්‍ෂූහු කොසොල් මහරජු අරභයා අසුවල්නම් කුලය පෙර මහයසස් ඇත්තේ මහ පිරිවර ඇත්තේවිය. දැන් අඩුයසස් අඩුපිරිවර ඇත්තේවීයයි පැවසූහ. භාග්‍යවතුන්වහන්සේ පෙර ක්‍රමයෙන්ම වැඩමවට ඔවුන්ගේ වචනය අසා මේ දෙසුම ඇරඹුසේක. ඉතිරිය කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.
අටවෙනි වර්‍ගයයි.
ප්‍රමාද වර්ගය
නවවෙනි වර්‍ගයෙහි පළමු සූත්‍රය අර්‍ත්‍ථොත්පත්තියෙහි දෙසනලදී. බොහෝ භික්‍ෂුන්වහන්සේලා වනාහි ධර්‍මසභාවෙහි හුන්නාහු කුම්භඝොෂක අරභයා අසුවල් නම් කුලය පෙර අඩු යසස් ඇත්තේ අඩුපිරිවර ඇත්තේ විය. දැන් මහයසස් ඇත්තේ මහපිරිවර ඇත්තේ වීයයි කීවාහුය. ශාස්තෘන්වහන්සේ පෙර නයින්ම පැමිණ ඔවුන්ගේ වචනය අසා මේ සූත්‍රය දෙසීමට ඇරඹූසේක. එය අර්‍ත්‍ථය යටකියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.
දෙවෙනි සූත්‍රාදියෙහි ‘මහතො අනත්‍ථාය’ යනු මහත්වූ අවැඩක් සඳහායි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේය.
නවවෙනි වර්‍ගයයි
ආධ්‍යාත්මික වර්ගය
දසවෙනි වර්‍ගයෙහි අජ්ක්‍ධත්තිකං යනු ස්වකීය අධ්‍යාත්ම වශයෙන් ආධ්‍යාත්මික වූ යනුයි. අඞ්ගං යනු කාරණයයි. ‘ඉති කරිත්‍වා’ යනු මෙසේ කොට යනුයි. ‘මහණෙනි තමා අයත්වූ පුද්ගලයන්ට වෙන් වශයෙන් අයත්වූ, තමාගේ සිතෙහි හටගත් කාරණයකැයි කොට වෙනත් එක් කාරණයකුදු නොදකිම්’ යන මෙය කියනලද්දේවෙයි.
බාහිරං යනු තමා අයත් සන්තානයෙන් පිටත හටගත්තේයි. ‘සද්ධම්මස්ස’ යනු මනාදහම් ඇති ශාසනයාගේ යනාර්‍ත්‍ථයි. ‘සමේමාසාය’ යනු විනාශය සඳහායි. අන්තරධානාය යනු අප්‍රකටව වීමටයි.
ඨිතියා යනු චිරස්ථිතිය සඳහායි. ‘අසමේමාසාය අනන්තරධානාය’ යනු කියනලද දෙයට විරුද්ධ නයින් දතයුතුයි. මෙහි සෙස්ස චතුකෝකයෙහි කියනලද ක්‍රමය ඇත්තෙමයි.
මින් මත්තෙහි වූ ‘අධම්මං ධමේමාති දීපෙනති’ යනාදියෙහි සූත්‍රාන්ත ක්‍රමයෙන් වනාහී දශකුශලකර්‍මපථ ධර්‍මයයි. දශ අකුශලකර්‍මපථ අධර්‍මයයි. එසේම සතර සතිපට්ඨන සතර සම්‍යක්ප්‍රධාන, සතර සෘද්ධිපාද, පංච ඉන්‍ද්‍රිය, පංචබල, සප්ත බෝධ්‍යංග ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය යන සත්තිස් බෝධිපාක්‍ෂිකයෝ ධර්‍මයයි. සතිපට්ඨාන තුන, සම්‍යක් ප්‍රධාන තුන, සෘද්ධිපාද තුන, ඉන්‍ද්‍රියසය, බලසය, බෝධ්‍යංග අට, නවාංගික මාර්‍ගය යනු ද මේ අධර්‍මයයි. උපාදාන සතර, නීවරණ පස, අනුසය සත, මිථ්‍යා අටද යන මෙය ධර්‍මයයි. උපාදාන සතර, නීවරණ පස, අනුසය සත, මිත්‍යා අටද යන මෙය අධර්‍මයයි.
එහි යම්කිසි එක් අධර්‍ම කොටසක් ගෙන මේ අධර්‍මය ධර්‍මයයි කරමු. මෙසේ අපගේ ගුරැකුලය නෛර්‍ය්‍යානිකවෙයි. අපිද ලෝකයෙහි ප්‍රකට වන්නෙමුයයි ඒ අධර්‍මය මේ ධර්‍මයයි කියන්නාහු අධම්මං ධමේමාති දීපෙන්ති (අධර්‍මය ධර්‍මයයි දක්වත්) නම් වෙයි. එසේම ධර්‍ම කොට්ඨාසයන් අතුරින් එකක් ගෙන මේ අධර්‍මයයි කියන්නාහු ධම්මාං අධමේමාති දීපෙන්ති නම්වෙයි. විනය ක්‍රමයෙන් වනාහි, සිදුවූ (සත්‍යවූ) වස්තුවකින් (මූලාධාරයකින්) චෝදනාකොට සිහිගන්වා ප්‍රතිඥාව පරිදි කළයුතු කර්‍මය ධර්‍මය නමි. අතථ්‍යවූ වස්තුවකින් චෝදනා නොකොට සිහි නොගන්වා ප්‍රතිඥාවෙන් තොරව කළයුතු කර්‍මය අධර්‍මය නමි. අතථ්‍යවූ වස්තුවකින් චෝදනා නොකට සිහි නොගන්වා ප්‍රතිඥාවෙන් තොරව කළයුතු කර්‍මය අධර්‍මය නමි.