1. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
2. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති, පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
3. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්: (අනුලෝමපුද්හල යි.)
4. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
5. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාර පඤ්චවෝකාර වු එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
6. යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාරයෙහි දී පඤ්චවෝකාරයෙහි ද යන එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමාවකාශ යි.)
7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
8. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන් ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්, පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)