83. යම් සිතෙක් උපදමින් පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්ෂණයෙහි වූ සිත උත්පාදක්ෂණය ඉක්මිණි, භඞ්ගක්ෂණය නො ඉක්මිණි, අතීත වූ සිත උත්පාදක්ෂණය ද ඉක්මිණ, භඞ්ගක්ෂණය ද ඉක්මිණ.
තව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: සිත ඉක්මිණ.
84. යම් සිතෙක් උපදමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: උත්පාදක්ෂණයෙහි සිත අනාගත යැ.
තව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්ෂණයෙහි සිත භඞ්ගක්ෂණය නො ඉක්මිණ, උත්පාදක්ෂණය නො ද නො ඉක්මිණ, උත්පාදක්ෂණයෙහි සිත අනාගත ද භඞ්ගක්ෂණය නො ඉක්මවූයේ ද උත්පාදක්ෂණය නො ඉක්මවූයේ ද වෙති.
අතික්රාන්තකාලවාර යි.
පුද්ගල ධර්මවාරය
85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
86. යමක්හට යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
උත්පාද නිරෝධකාලසම්භේදවාර යි.
87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපනි ද යත්:එසේ යි.
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී ද යත්: භඞ්ගක්ෂණයෙහි සිත උපනි. ඕහට ඒ සිත නො ද උපදී. උත්පාදක්ෂණයෙහි සිත උපනි ද වේ, උපදී ද වේ.
88. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්ෂණයෙහි සිත නො උපදී. ඕහට ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද උපදී, නො උපනි ද වේ.
තව ද යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
උත්පාදෝත්පන්නවාර යි.