27. යමක්හට සිත උපදිමින් පවතී නම් ඕහට සිත උපනි ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදිමින් පවතී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි, ඔවුනට සිත නො ද උපදිමින් පවතී. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.
28. යමක්හට සිත උපදිමින් නො පවතී නම් ඕහට සිත නො උපනි යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපදිමින් සිටුනෙ නො වෙයි, සිත නො ද නූපන්නෙ යැ, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද උපදිමින් සිටුනෙ යැ නො ද උපන්නේ යැ.
තව ද යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත උපදිමින් සිටුනෙ නො වෙයි යත්: එසේ යි.
උත්පද්‍යමානෝත්පන්නවාර යි.
29. යමක්හට සිත නිරුධ්‍යමාන (නිරුද්ධ වෙමින් සිටුනෙ) නම් ඕහට සිත උත්පන්න (ඉපැදැසිටියෙ) වෙයි යත්: එසේ යි.
තව ද යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න වෙයි, ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න ද නිරුධ්‍යමාන ද වේ.
30. යමක්හට සිත නිරුධ්‍යමාන නො වේ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුධ්‍යමාන නො වෙයි, ඔවුනට සිත නො ද නොත්පන්න වෙයි, නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, නො ද උත්පන්න වෙයි.
තව ද යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන නො වෙයි යත්: එසේ යැ.
නිරුධ්‍යමානොත්පන්නවාර යි.
31. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත ඉපැද සිටුනෙ යැ යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ ද ඉපැද සිටුනෙ ද වේ.
32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්: උපන.
තව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත ඉපැද සිටුනෙ නො වෙයි යත්: නැති.
33. යමක්හට සිත ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත (මතු) උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ යැ, ඔවුනට සිත නො ද (මතු) උපදනෙ යැ, සෙසු චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ ද (මතු) උපදනෙ ද වෙයි.
තව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත උත්පන්න වී ද යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත (මතු) උපදනෙ යැ, ඔවුනට සිත නො ද උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපදනෙ ද ඉපැදැ සිටුනෙ ද වේ.
34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
තව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වේ යත්: උත්පන්න වේ.
උත්පන්නෝත්පාදවාර යි.