19. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ විය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද උපදිමින් සිටුනේ ද වේ.
20. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ විය.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.
21. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද උපදිමින් සිටුනේ ද වේ.
22. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට සිත නො උපදනේ ද නො නිරුද්ධ වන්නේ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.
23. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ය, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ය. ඔවුන්ගෙන් සෙසුවනට සිත නො උපන්නේ ද වෙයි, නිරුද්ධ වන්නේ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.
24. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
උත්පාද නිරෝධවාර යි.
25. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත උපදී ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ නො වේ, ඔවුනට සිත නො ද උපදී, සිත උපන් කෙණෙහි ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ද උපදනේ ද වේ.
26. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැයි ඔවුනට සිත නො ද උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට සිත නො උපදිමින් සිටුනෙ ද නිරුද්ධ වෙමින් සිටුනෙ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.
උත්පද්යමාන න නිරෝධවාර යි.
27. යමක්හට සිත උපදිමින් පවතී නම් ඕහට සිත උපනි ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදිමින් පවතී ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට සිත උපනි, ඔවුනට සිත නො ද උපදිමින් පවතී. චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.
28. යමක්හට සිත උපදිමින් නො පවතී නම් ඕහට සිත නො උපනි යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට සිත උපදිමින් සිටුනෙ නො වෙයි, සිත නො ද නූපන්නෙ යැ, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැයි ඔවුනට සිත නො ද උපදිමින් සිටුනෙ යැ නො ද උපන්නේ යැ.
තව ද යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත උපදිමින් සිටුනෙ නො වෙයි යත්: එසේ යි.
උත්පද්යමානෝත්පන්නවාර යි.