7. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.
8. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
තව ද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.
9. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදී, ඔවුනට සිත නො ද උපදින්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සිත උපදිමින් සිටුනේ ද උපදින්නේ ද වේ.
තව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපදින්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදින්නේ ද උපදිමින් සිටුනේ ද වේ.
10. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නො උපදින්නේ යැ, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදී, නො ද උපදින්නේ යි.
තව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදින්නේ යැ, ඔවුනට සිත නො ද නො උපදී, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදින්නේ යැ. නො ද උපදී.
11. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදින්නේ යැ ඔවුන්ගෙන් සෙසුවනට සිත උපන්නේ ද වෙයි, උපදින්නේ ද වේ.
තව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.
12. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: නැති.
තව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
උත්පාදවාරය යි.
13. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වී යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.
14. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී යැ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නැති.
15. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වෙයි, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ වෙමින් සිටුනෙ ද නිරුද්ධ වන්නේ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.
16. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ.