41. යමක්හට සිත උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීතකාල වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උත්පාදක්‍ෂණය ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය නො ඉක්මැගියෙ යැ, අතීත චිත්තය උත්පාදක්‍ෂණය ද ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය ද ඉක්මැගියෙ යි.
තවද යමක්හට සිත නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීත වෙයි යත්: අතීත සිත වෙයි.
42. යමක්හුගේ සිත උපදිමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත යැ.
තව ද යමක්හුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්ම ගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත උපදමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත භඞ්ගක්‍ෂණය නො ඉක්ම වී යැ, උත්පාදක්‍ෂණය නො ද නො ඉක්ම වී යැ. උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත ද වෙයි. භඞ්ගක්‍ෂණය ද නො ඉක්ම වී ය, උත්පාදක්‍ෂණය ද නො ඉක්ම වී යැ.
අතික්‍රාන්තකාලවාර යි.
ධර්‍මවාරය
43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නෙ ද උපදින්නේ ද යත්: නැති
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
උත්පාද නිරෝධකාලසම්‍භේදවාර යි.
45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපනි යත්: එසේ යි.
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද උපදී, උත්පාදක්‍ෂණයෙහි සිත උපන්නේ ද වේ, උපදී ද වේ.
46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත සිත නො ද උපදී. නො උපනි ද වේ.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
උත්පාදෝත්පන්නවාර යි.
47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද නිරුද්ධ වේ, භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ ද වේ.
48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි නිරුද්ධ නො වේ, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද නිරුද්ධ වෙ යි. නො ද උපනි ද වේ.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
නිරෝධොත්පන්නවාර යි.
49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
තවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.
50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද උපදී, නො ද උපන්නේ යි.
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නො උපන්නේ යි. නො ද උපදී.
51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
තවද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.
52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපදින්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද උපදී යි. නො ද උපදින්නේ යි.
තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද නො උපදින්නේ යි. නො උපදී ද වේ.