31. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත ඉපැද සිටුනෙ යැ යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ ද ඉපැද සිටුනෙ ද වේ.
32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්: උපන.
තව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත ඉපැද සිටුනෙ නො වෙයි යත්: නැති.
33. යමක්හට සිත ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත (මතු) උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ යැ, ඔවුනට සිත නො ද (මතු) උපදනෙ යැ, සෙසු චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ ද (මතු) උපදනෙ ද වෙයි.
තව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත උත්පන්න වී ද යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත (මතු) උපදනෙ යැ, ඔවුනට සිත නො ද උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපදනෙ ද ඉපැදැ සිටුනෙ ද වේ.
34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
තව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වේ යත්: උත්පන්න වේ.
උත්පන්නෝත්පාදවාර යි.
35. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ වී නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්: එසේ යි.
තව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ වී යත්: එසේ යි.
36. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ නො වී නම් ඕහට සිත නො ද නොත්පන්න වී නම් ඕහට සිත නූපදනෙ යැ යත්: නැත.
තව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත නො ද නොත්පන්න වේ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ නො වී යත්: ඉපැදැ නිරුද්ධ වී.
අතීතානාගතවාර යි.
37. උත්පන්න වූයෙ උත්පද්‍යමාන වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පන්න වෙයි. නො ද උත්පද්‍යමාන වෙයි. උත්පාදක්‍ෂණයෙහි උත්පන්න ද උත්පද්‍යමාන ද වේ.
උත්පද්‍යමාන වූයේ උත්පන්න වෙයි යත්: එසේ යි.
38. උත්පන්න නො වූයෙ උත්පද්‍යමාන නො වෙයි යත්: එසේ යි.
උත්පද්‍යමාන නො වූයේ උත්පන්න නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පද්‍යමාන නො වෙයි, නො ද නොත්පන්න වෙයි, අතීතානාගත සිත නො ද උත්පද්‍යමාන යැ, නො ද උත්පන්න යි.
උත්පන්නොත්පද්‍යමානවාර යි.
39. නිරුද්ධ වූයේ නිරුධ්‍යමාන වෙයි යත්: නැත.
නිරුධ්‍යමාන වූයේ නිරුද්ධ වෙයි යත්: නැත.
40. නිරුද්ධ නො වූයේ නිරුධ්‍යමාන නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි නිරුද්ධ වූයේ නො වෙයි. නො ද නිරුධ්‍යමාන නො වූයේ වෙයි. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ යැ, නො ද නිරුධ්‍යමාන යි.
නිරුධ්‍යමාන නො වූයේ නිරුද්ධ නො වෙයි යත්: අතීත චිත්තය නිරුධ්‍යමාන නො වෙයි, නො ද නිරුද්ධ නො වූයෙ වෙයි, උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුධ්‍යමාන යැ, නො ද නිරුද්ධ යි.
නිරුද්ධ නිරුධ්‍යමානවාර යි.