2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් ... යමක්හට අකුශලචිත්තය උපදී නම් ... යමක්හට අව්‍යාකෘතචිත්තය උපදී නම් ... යමක්හට සුඛ වේදනා සම්ප්‍රයුක්ත චිත්තය උපදී නම් (මේ උපායයෙන් සරණ අරණයන් තාක් උද්ධරණය කළයුතුයි.) යමක්හට අරණචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට අරණ චිත්තය නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යමක්හට අරණචිත්තය නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට අරණචිත්තය උපදී නිරුද්ධ නො වෙයි යත්:
කුසලාදිපදමිස්සකවාර යි.
උද්දේශවාර යි.
2. නිර්දේශවාර
පුද්ගලවාර
1. යමක්හට සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නෙ යැ, නූපදනෙ යැ යත්: පශ්චිම (චුති) චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඒ ක්‍ෂීණාස්‍රවයනට (චුති) චිත්තය (උත්පාදක්‍ෂණයට පැමිණි බැවින්) උපදී. (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ යැ, (අප්‍රාසන්‍ධික බැවින් අන් සිතක්) නූපදනෙ යැ. (ශෛක්‍ෂ්‍යාශෛක්‍ෂ්‍ය පෘථග්ජන) සෙස්සන්ගේ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත (උත්පාදක්‍ෂණ සමඞ්ගිතායෙන්) උපදී, (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ මැ උපදනෙ ද වෙයි.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට සිත උපදියි, නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
2. යමක්හට සිත නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නෙ යැ, උපදනෙ යැ යත්: නො වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට සිත නූපදියි නිරුද්ධ වෙයි යත්: නැති.
උත්පාදනිරෝධකාලසම්භේදවාර යි.
3. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදී යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වෙයි.
4. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නූපන යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නූපදී, ඔවුනට සිත නො ද නූපන්නෙ යැ, නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සිත නො ද උපදී, නො ද උපන්නේ යැ.
තව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත නූපදී යත්: එසේ යි.
උත්පාදෝත්පන්නවාර යි.
5. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත උපන යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි ද වේ නිරුද්ධ ද වේ.