123. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ වූයේ වේ ද යත්:
124. නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ වූයේ වේ ද යත්:
නිරුද්ධ නිරුද්ධ්‍යමානවාර යි.
125. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:
126. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:
127-2016. යමක්හට සරාග සිත උපදී නම් ... යමක්හට වීතරාග සිත උපදී නම් ... යමක්හට සදෝස සිත උපදී නම් ... යමක්හට වීත දෝස සිත උපදී නම් ... යමක්හට සමෝහ සිත උපදී නම් ... යමක්හට වීත මෝහ සිත උපදී නම් ... යමක්හට සංක්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට වික්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට මහද්ගත සිත උපදී නම් ... යමක්හට අමහද්ගත සිත උපදී නම් ... යමක්හට ස උත්තර සිත උපදී නම් ... යමක්හට අනුත්තර සිත උපදී නම් ... යමක්හට සමාහිත සිත උපදී නම් ... යමක්හට අසමාහිත සිත උපදී නම් ... යමක්හට විමුක්ත සිත උපදී නම් ... යමක්හට අවිමුක්ත සිත උපදී නම් …
සරාගාදිපදමිස්සකවාර යි.
2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් ... යමක්හට අකුශලචිත්තය උපදී නම් ... යමක්හට අව්‍යාකෘතචිත්තය උපදී නම් ... යමක්හට සුඛ වේදනා සම්ප්‍රයුක්ත චිත්තය උපදී නම් (මේ උපායයෙන් සරණ අරණයන් තාක් උද්ධරණය කළයුතුයි.) යමක්හට අරණචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට අරණ චිත්තය නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යමක්හට අරණචිත්තය නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට අරණචිත්තය උපදී නිරුද්ධ නො වෙයි යත්:
කුසලාදිපදමිස්සකවාර යි.
උද්දේශවාර යි.