115. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපන යත්:
116. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
117. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන යත්:
118. යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
උත්පන්නෝත්පාදවාර යි.
119. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපන යත්: ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත නො ද උපනි ද: ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
120. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපනි නම් ඕහට ඒ සිත නො ද උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නො ද නො උපනි නම් ඕහට ඒ සිත නො උපන්නේ යැ යත්:
අතීතානාගතවාර යි.
121. උපන් (සිත) උපදිමින් පවත්නේ වේ ද යත්: උපදිමින් පවත්නා (සිත) උපන්නේ වේ ද යත්:
122. නො උපන් (සිත) උපදිමින් නො පවත්නේ වේ ද යත්: උපදිමින් නො පවත්නා (සිත) නො උපන්නේ වේ ද යත්:
උත්පන්නොත්පද්යමානවාර යි.
123. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ වූයේ වේ ද යත්:
124. නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ වූයේ වේ ද යත්:
නිරුද්ධ නිරුද්ධ්යමානවාර යි.
125. යමක්හට යම් සිතෙක් උත්පාදක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට යේ නම් නිරෝධක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට යේ නම් උත්පාදක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:
126. යමක්හට යම් සිතෙක් උත්පාදක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට නො යේ නම් නිරෝධක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට නො යේ නම් උත්පාදක්ෂණය ක්ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්: