111. යමක්හට යම් සිතෙක් උපදිමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදිමින් පවතී යැ යත්:
112. යමක්හට යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත උපදිමින් නො පවතී යැ යත්:
උත්පද්යමානෝත්පන්නවාර යි.
113. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් පවතී යැ යත්:
114. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී යැ යත්:
නිරුධ්යමානොත්පන්නවාර යි.
115. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපන යත්:
116. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
117. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන යත්:
118. යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
උත්පන්නෝත්පාදවාර යි.
119. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපන යත්: ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත නො ද උපනි ද: ඕහට ඒ සිත උපන්නේ යැ යත්: