85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නෙ යැ නූපදනෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට ඒ සිත උපදී නිරුද්ධ නො වෙයි යත්:
86. යමක්හට යම් සිතෙක් නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නෙ යැ උපදනෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට ඒ සිත නූපදී, නිරුද්ධ වෙයි යත්:
උත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.
87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
88. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපදී යත්:
උත්පාදෝත්පන්නවාර යි.
89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
නිරෝධොත්පන්නවාර යි.
91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
තවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්: