81-82. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවතී නම් නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ යැ යත්:
නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවතී නම් නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ යැ යත්:
නිරුද්ධනිරුධ්‍යමානවාර යි.
83. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධ (භඞ්ග) ක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:
තව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:
84. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීත නො වෙයි යත්:
තව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීතකාල වෙයි යත්:
අතික්කන්තකාලවාර යි.
85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නෙ යැ නූපදනෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට ඒ සිත උපදී නිරුද්ධ නො වෙයි යත්:
86. යමක්හට යම් සිතෙක් නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නෙ යැ උපදනෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට ඒ සිත නූපදී, නිරුද්ධ වෙයි යත්:
උත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.
87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
88. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපදී යත්:
උත්පාදෝත්පන්නවාර යි.
89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
නිරෝධොත්පන්නවාර යි.
91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
තවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්: