41. යමක්හට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
තවද යමක්හට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
42. යමක්හට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
තවද යමක්හට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
අතික්කන්තකාලවාර යි.
ධර්‍මවාරය
43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ නො උපදනේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදනේ නම් ඒ සිත උපදී යැ නිරුද්ධ නො වේ යැ යත්:
44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ උපදනේය යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදනේ නම් ඒ සිත නො උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
උත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.
45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී යැ යත්:
උත්පාදෝත්පන්නවාර යි.
47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
නිරෝධොත්පන්නවාර යි.
49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:
තවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපදී යැ යත්:
52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
53. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
54. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපදනේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
උත්පාදවාර යි.
55. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
56. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම්, ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
57. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
58. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්: