එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන ය, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ඥාන යයි. මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප ය, අව්‍යාපාදසංකල්ප ය, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මුසවායෙන් වෙන්වීම ය, පිසුනුබසින් වෙන්වීම ය, රළුබසින් වෙන්වීම ය, හිසබස්බිණීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: පණිවායෙන් වෙන්වීම ය, අයිනාදනින් වෙන්වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මිථ්‍යාආජීවය හැර සම්‍යක් ආජීවයෙන් දිවි රකී ද, මේ ‘සම්‍යක් ආජීව’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන් නො ඉපදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුශලධර්‍මයන් ඉපැදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසති’ කවර යත්: මෙසස්නෙහි මහණ තෙම කෙලෙසුන් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ කායලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කෙරෙයි, වේදනාවන්හි … චිත්තයෙහි … ධර්‍මයන්හි කෙලෙසුන් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ සිහි ඇතියේ (ස්කන්‍ධාදි ධර්‍ම සංඛ්‍යාත) ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කෙරේ. මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන් ව ම (ශේෂනීවරණ සංඛ්‍යාත) අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ ඉක්මැවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය (එකඟ බව) ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මැවීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි, සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ නාමකයින් සුඛය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතුකොටගෙන උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇතැ යි ප්‍රකාශ කෙරෙත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු (උපචාරක්‍ෂණයෙහි) ම සොම්නස්දොම්නසුන්ගේ ප්‍රහාණයෙන් දුක් නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
මේ දුඃඛනිරෝධ ගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
සුත්තන්තභාජනීය යි.
285. සත්‍යයෝ සතර දෙනෙකි: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛ නිරෝධගාමිනීපටිපදා යි.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණා යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂක්ලේශයෝ ද, අවශේෂඅකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, අවශේෂ වූ සාසස්‍රවකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාප්‍රහාණය යි, මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සතර වාග් දුෂ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් නො කිරීමෙක් නො පැමිණීමෙක් ආචාරසීමාව නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තුන් කායදුශ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යක් කර්‍මානත්යෙක් වේ ද, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යගාජීවයෙක් වේ ද, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා වායාම’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසති’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා සති’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.