769. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. අර්ත්ථයෙහි (ප්රභේදගත) ඥානය අර්ත්ථ ප්රතිසංවිදාය, ධර්මයෙහි (ප්රභේදගත) ඥානය ධර්මප්රතිසංවිදාය, ඒ අර්ත්ථයෙහි හා ධර්මයෙහි ස්වභාවනිරුක්ති සඞ්ඛ්යාතශබ්දයෙහි ප්රභේදගත ඥානය නිරුක්තිප්රතිසංවිදා ය, සර්වත්රඥානයෙහි ප්රභේදගත ඥානය ප්රතිභානසංවිදා යි.
770. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. දුඃඛයෙහි ප්රභේදගත ඥානය අර්ත්ථප්රතිසංවිදා ය, දුඃඛසමුදයයෙහි ප්රභේදගත ඥානය ධර්මප්රතිසංවිදාය, දුඃඛනිරෝධයෙහි ප්රභේදගත ඥානය අර්ත්ථප්රතිසංවිදාය, දුඃඛනිරෝධගාමිනීප්රතිපදායෙහි ප්රභේදගත ඥානය ධර්මප්රතිසංවිදාය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්රභේදගත ඥානය නිරුක්තිප්රතිසංවිදා ය, ඥානයෙහි ප්රභේදගත ඥානය ප්රතිභාන ප්රතිසංවිදා යි.
771. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. හේතුයෙහි ප්රභේදගත ඥානය ධර්මප්රතිසංවිදාය, හේතුඵලයෙහි ප්රභේදගත ඥානය අර්ත්ථප්රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගත ඥානය නිරුක්තිප්රතිසංවිදා ය, ඥානයෙහි ප්රභේදගත ඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
772. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. යම් ධර්ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්රත්යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, මේ ධර්මයන්හි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් ධර්ම කෙනෙකුන් කෙරෙන් ඒ ධර්මයෝ හටගත්තාහු, උපන්නාහු, ප්රත්යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, ඒ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, ඥානයෙහි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
773. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. ජරාමරණයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, ජරාමරණ සමුදයෙහි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, ජරාමරණනිරෝධයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, ජරාමරණනිරෝධගාමිනීප්රතිපදායෙහි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
774. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. ජාතියෙහි ප්රභේදගතඥානය ... භවයෙහි ප්රභේදගතඥානය ... උපාදානයෙහි ප්රභේදගතඥානය ... තෘෂ්ණායෙහි ප්රභේදගතඥානය ... වේදනායෙහි ප්රභේදගතඥානය ... ස්පර්ශයෙහි ප්රභේදගතඥානය ... ෂඩායතනයෙහි ප්රභේදගතඥානය ... නාමරූපයෙහි ප්රභේදගතඥානය ... විඥානයෙහි ප්රභේදගතඥානය ... සංස්කාරයන්හි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, සංස්කාරසමුදයෙහි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, සංස්කාරනිරෝධයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, සංස්කාරනිරෝධගාමිනීප්රතිපදායෙහි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
775. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. එහි ‘ධර්මප්රතිසංවිදා’ කවර යත්: මෙසස්නෙහි මහණ සුත්ත ය, ගෙය්ය ය, වෙය්යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන ධර්මය දනී ද, මේ ‘ධර්මප්රතිසංවිදා’ යි කියනු ලැබේ. හෙතෙම ‘මේ ය මේ භාෂිතයාගේ අර්ත්ථය, මේ ය මේ භාෂිතයාගේ අර්ත්ථය’ යි ඒ ඒ භාෂිතයාගේ අර්ත්ථය ම දනී ද, මේ ‘අර්ත්ථප්රතිසංවිදා’යි කියනු ලැබේ. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
සූත්රාන්තභාජනිය යි.
776. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදාය ය. යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි යම් ඥානයෙකින් ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
777. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහහගත ඥානසම්ප්රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂා සහගත ඥානවිප්රයුක්ත ... උපේක්ෂා සහගත ඥානවිප්රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිතවැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
778. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.