1040. කවර ධර්‍මයෝ උත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු පහළ වූවාහු මොනොවට හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු ප්‍රකට වූවාහු උපන්නාහු වෙසෙසින් උපන්නාහු උත්‍ථිත වූවාහු සමුත්‍ථිත වූවාහු උපන්නාහු උපන් කොටසින් ගැණුනාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ උත්පන්නයෝ යි.
1041. කවර ධර්‍මයෝ අනුත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත අනුත්පන්න වූවාහු අනුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනුත්පන්නයෝ යි.
1042. කවර ධර්‍මයෝ උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ නො මූ කළ විපාක ඇති කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් උපදනේ ද, මේ ධර්‍මයෝ උත්පාදීහ.
1043. කවර ධර්‍මයෝ අතීත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ක්‍ෂණත්‍රය ඉක්මවූවාහු නිරුද්ධ වූවාහු පහව ගියාහු (ප්‍රකෘතිය හැරීමෙන්) විපරිණාමයට ගියාහු අස්තයට ගියාහු අභ්‍යස්තයට ගියාහු ඉපිදැ පහව ගියාහු ද, අතීත වූවාහු අතීතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අතීතයෝ යි.
1044. කවර ධර්‍මයෝ, අනාගත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත්ත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත වූවාහු අනාගත වූවාහු අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනාගතයෝ යි.
1045. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත ප්‍රාදුර්භූත උත්පන්න සමුත්පන්න උත්‍ථිත සමුත්‍ථිත වූවාහු ප්‍රත්‍යුත්පන්න වූවාහු ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූපයෝ ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නයෝ යි.
1046. කවර ධර්‍මයෝ අතීතාලම්බන වෙති යත්:
(පරිත්ත මහද්ගත වූ) අතීත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අතීතාලම්බනයෝ ය.
1047. කවර ධර්‍මයෝ අනාගතාලම්බන වෙති යත්:
අනාගත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අනාගතාලම්බනයෝ යි.
1048. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති යත්:
ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ යි.
1049. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ සත්ත්තවයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු (සිය සිය සතනැ උපන්නාහු) තිජක (තමා කෙරෙහි) වූවාහු ප්‍රාතිපෞද්ගලික (වෙන් වෙන් ව පුඟුල්සතු) වූවාහු උපාදින්න (ශරීරස්ථ) වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ අධ්‍යාත්මයෝ යි.
1050. කවර ධර්‍මයෝ බාහ්‍ය වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු නිජාත්මයෙහි උපන්නාහු ප්‍රාතිපෞද්ගලික වූවාහු උපාදින්න වූවාහු ද, ඒ රූප - වේදනා -සංඥා ය සංස්කාර - විඥාන යි. මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.
1051. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍ය වෙති යත්:
ඒ (අධ්‍යාත්ම - බාහ්‍ය යන) දෙකය. මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යයෝ යි.