පරිඤ්ඤාදිප්පභෙදකථා
ඉක්බිති, පරිඤ්ඤා ආදීවූ යම් ඒ කෘත්‍යයන් සතරක් යට කියන ලද්දේද, එහි:-
තිවිධා හොති පරිඤ්ඤා තථා පහානම්පි සච්ඡිකිරියාපි,
ද්වෙ භාවනා අභිමතා විනිච්ඡයො තත්‍ථ ඤාතබ්බො
පරිඤ්ඤාව ත්‍රිවිධ වේ, පහාන, සච්ඡිකිරියා යන දෙක එසේය. (ත්‍රිවිධ වේ); භාවනාව ද්විවිධ වේ; එහි විනිශ්චයය දතයුතුය.
‘තිවිධා හොති පරිඤ්ඤා’ යනු, පරිඤ්ඤාව (පිරිසිඳ දැනීම) ඤාත පරිඤ්ඤාය, තීරණ පරිඤ්ඤාය, පහාන පරිඤ්ඤා යයි ත්‍රිවිධ වේ. එහි “අභිඤ්ඤාපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං” ‘අභිඤ්ඤා පඤ්ඤා’ යනු, දන්නා ලදැ’යි යන අර්ත්‍ථයෙහි වූ ඥානයයි යනුවෙන් මෙසේ උද්දේස කොට, “යෙ යෙ ධම්මා අභිඤ්ඤාතා හොන්ති, තෙ තෙ ධම්මා ඤාතා හොන්ති” යම් යම් ධර්මය අවබෝධ කරන ලද්දේද, ඒ ඒ ධර්මය දන්නා ලද්දේය”යි මෙසේ සංක්‍ෂේපයෙන්ද, “සබ්බං භික්‍ඛවෙ අභිඤ්ඤෙය්‍යං, කිඤ්ච භික්‍ඛවෙ සබ්බං? චක්‍ඛු භික්‍ඛවෙ සබ්බං අභිඤ්ඤෙය්‍යං’’ මහණෙනි, සියල්ල මනාකොට දතයුතු වේ; මහණෙනි, කවරවූ සියල්ල මනා කොට දතයුතු වේද? මහණෙනි, චක්‍ඛුප්පසාදය පිළිබඳව සියල්ල මනාකොට දතයුතු වේ ආදී නයින් විස්තර වශයෙන්ද, කියන ලදුයේ ඥාතපරිඤ්ඤා’ නමි. එම ඤාතපරිඤ්ඤාව විසින් ප්‍රත්‍යය සහිත වූ නාමරූපයන් විශේෂයෙන් දැනගැනීම. [missing trans]
“ආවෙණිකා භූමි පරිඤ්ඤා පඤ්ඤා තීරණට්ඨෙ ඤාණං”, එයටම (එම ඤාත පරඤ්ඤාවටම) ආවේණික භූමිය වූ පරිඤ්ඤාප්‍රඥාව තීරණාර්ත්‍ථයෙහි ඤාණය වේ,” යනුවෙන් මෙසේ උද්දේස කොට, “යෙ යෙ ධම්මා පරිඤ්ඤාතා හොන්ති, තෙ තෙ ධම්මා තීරිතා හොන්ති’ යම් යම් ධර්මයක් පිරිසිඳ දන්නා ලද්දේද, ඒ ඒ ධර්මය තීරණය කරන ලද්දේය’යි මෙසේ සංක්‍ෂේපයෙන්ද, “සබ්බං භික්‍ඛවෙ පරිඤ්ඤෙය්‍යං, කිඤ්චභික්‍ඛවෙ සබ්බං පරිඤ්ඤෙය්‍යං? චක්‍ඛු භික්‍ඛවෙ පරිඤ්ඤෙය්‍යං’’ මහණෙනි, සියල්ල පිරිසිඳ දතයුතුවේ, මහණෙනි කවර වූ සියල්ල පිරිසිඳ දතයුතුවේද? මහණෙනි, චක්‍ඛුප්පසාදය පිරිසිඳ දතයුතු වේ, යන ආදී නයින් විස්තර වශයෙන්ද කියන ලදුයේ තීරණ පරිඤ්ඤා නමි. එම තීරණ පරිඤ්ඤාව විසින්, කලාප සම්මර්ශනයෙහි පටන් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යන තීරණ වශයෙන් පවත්වනු ලබන, අනුලෝම ඤාණය තෙක්, ආවේණික භූමිය වූ ...
පහාන පරිඤ්ඤා පරිත්‍යාග (කෙලෙස් හැර දැමීමේ) ඤාණයයි, මෙසේ උද්දේස කොට, “යෙ යෙ ධම්මා පහීනා හොන්ති, තෙ තෙ ධම්මා පරිච්චත්තා හොන්ති” (යම් යම් (ක්ලේශ) ධර්මයක් ප්‍රහීණ වූයේද, ඒ ඒ ධර්මය පරිත්‍යක්ත වූයේය’යි මෙසේ විස්තර වශයෙන් කියන ලද, “අනිච්චානුපස්සනාවෙන් නිත්‍යසංඥාව හරියි” යන ආදී නයින් පැවති පහාන පරිඤ්ඤාවයි, භංගානුපස්සනාවෙහි පටන් මාර්ගඥානය තෙක් එයට අයත් භූමියයි; මෙහි අභිප්‍රේත වනුයේ මෙයයි.
යම් හෙයකින් ඤාතපරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා යන දෙකද එම ප්‍රහාණය සඳහාම වන හෙයින්ද, යම් (ක්ලේශ) ධර්මයක් හරී නම්, එය නියත වශයෙන්ම ‘ඤාත’ (දන්නා ලද) ද, ‘තීරිත’ (තීරණය කරනලද) ද වන හෙයින්, පරිඤ්ඤා තුනම මෙකී පර්යායයෙන් මාර්ගඥානයටම අයත් කෘත්‍යයන් වෙති’යි දතයුතුය.
(ගාථායෙහි) “තථා පහානම්පි’’ යනු, ප්‍රහාණයද වික්ඛම්භනප්පහානය, තදඞ්ගප්පහානය, සමුච්ඡේදප්පහානය’යි, පරිඤ්ඤාව මෙන්ම ත්‍රිවිධ වේ. එහි, සෙවෙල් සහිත දියෙහි බහන ලද කළයෙකින් (තාවකාලිකව) සෙවෙල් ඉවත් වන්නා හෙයින් ඒ ඒ ලෞකික සමාධීන් මගින් නීවරණ ආදී වූ ප්‍රතිපක්‍ෂ ධර්මයන් (තාවකාලික) යටපත් කිරීම ‘වික්ඛම්භනප්පහාන’ නමි; පෙළෙහි වනාහි, “වික්‍ඛම්භනප්පහානං ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො” යනුවෙන්, ප්‍රථමධ්‍යානය වඩන්නහුගේ නීවරණයන් යටපත් කිරීම වික්‍ඛම්භනය’යි; නීවරණයන්ගේම වික්ඛම්භනය කියන ලදි. එය (නීවරණ වික්ඛම්භනය) ප්‍රකට වූ හෙයින් එසේ කියන ලදැ’යි දතයුතුය. නීවරණයෝ වනාහි ධ්‍යානයට පෙරාතුව මෙන්ම පසුවද ක්‍ෂණිකව සිත තුළ නොපැතිරෙති; එහෙයින් විතක්ක ආදිය (ධ්‍යානාංග) යෙදූ කෙණෙහිම සිත තුළ පැතිර සිටී; එහෙයින් නීවරණයන්ගේ විෂ්කම්භනය ප්‍රකට වේ.
රාත්‍රිභාගයෙහි දල්වන ලද පහනෙකින් අඳුර (පහ කරන්නා) සේ විදර්ශනාවට අවයව වූ ඒ ඒ ඥානාංගයෙන් (එයට) ප්‍රතිපක්‍ෂ වශයෙන් පහ කළයුතු ඒ ඒ (ක්ලේශ) ධර්මයන්ගේ යම් ප්‍රහාණයක් වේද, එය තදඞ්ගප්පහාන නමි. මේ කෙසේද යත්, පළමුකොට, නාමරූපයන් පිරිසිඳීමෙන් අහේතුදෘෂ්ටි, විෂම හේතු දෘෂ්ටීන්ගේ හා ශංකා මලයන්ගේ (මල වැනි සැකය) ද, කලාප සම්මර්ශනයෙන් ‘මමය, මාගේය’ යන සමූඪග්‍රාහයෙහි (මුළාවෙහිද, මාර්ග අමාර්ග විනිශ්චයයෙන් අමාර්ග විෂයයෙහි වූ මාර්ග සංඥාවෙහිද, උත්පාදය දැකීමෙන් උච්ඡේද දෘෂ්ටියෙහිද, ව්‍යයය (නැතිවීම) දැකීමෙන් ශාස්වත දෘෂ්ටියෙහිද, භයතුපට්ඨාන ඥානයෙන් එය සහිත පංචස්කන්‍ධ විෂයයෙහි වූ අභය සංඥාවෙහිද, ආදීනවයන් දැකීමෙන් (ස්කන්‍ධ විෂයයෙහි) ආස්වාද සංඥාවෙහිද, නිබ්බිදානුපස්සනාවෙන් අභිරති (ඇලීම) සංඥාවෙහිද, මුඤ්චිතුකම්‍යතා ඥානයෙන් නොමිදෙනු කැමැති බවෙහිද, පටිසඞ්ඛා ඥානයෙන් අප්පටිසංඛානයෙහි (නුවණින් නොවිමසීමෙහි) ද, සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙන් උපේක්‍ෂා විරහිත භාවයෙහිද, අනුලොම ඥානයෙන් සත්‍යයනට ප්‍රතිපක්‍ෂ (මිථ්‍යා) ග්‍රහණයෙහිද -තදඞ්ග- ප්‍රහාණය වේ.