තවද යම්සේ යක්ෂාදී මහාභූත කෙනෙක් යම් පුද්ගලයකු ග්‍රහණය කෙරෙත්ද, එවිට ඒ මහාභූතයන් සිටි තැනක් එම පුද්ගලයාගේ ඇතුළතද පිටතදැ’යි දැනගත නොහැකි වේද, ඔහු ඇසුරුකොට නොසිටියාහුද නොවෙත්ද, එසේම මේ සතර මහාභූතයෝද ඔවුනොවුන්ගේ ඇතුළත හෝ පිටත සිටිත්දැ’යි දැනගත නොහැකි වේ, ඔවුනොවුන් ඇසුරුකොට නොසිටින්නාහුද නොවෙති’යි මෙසේ සිටින තැන සිතාගත නොහැකිවන හෙයින් යක්ෂාදී මහාභූතයන් හා සමානවන හෙයින්ද මහාභූත නම් වෙති. තවද යම්සේ යක්ෂිණී’ යයි හැඳින්වෙන මහාභූත කෙනෙක් මනවඩන පැහැපත් බවින්ද, කඩවසමින්ද, අඟපසඟ සැලීමෙන්ද තමන්ගේ බියකරුබව වසන්කොට සත්ත්වයන් රවටත්ද, එසේම මෙම සතර මහාභූතයෝද ස්ත්‍රී පුරුෂ ශරීරාදියෙහි මනවඩන පැහැපත් බවින්ද, මනවඩන අඟපසඟ කඩවසමින්ද මනවඩන අත්-පා-ඇඟිලි බැම හැසිරවීමෙන්ද තමන්ගේ රළු බව ආදී විශේෂ ඇති ස්වාභාවික ලක්ෂණ වසන්කොට අඥාන ජනයා රවටති’යි, තමන්ගේ සැබෑ ආකාරය දැක ගන්නට නොදෙති’යි යන වංචක ස්වභාවය හේතුකොටගෙන යක්ෂිණීයයි හඳුන්වනු ලබන මහාභූතයන් හා සමානවන හෙයින්ද, මහාභූත නම් වෙති.
මහාපරිහාරතො (මහාපරිහාර) ඇති හෙයින් යනු, බොහෝ ප්‍රත්‍යයයන් පරිහරණය කළ යුතු හෙයින් මහාභූතයෝ වනාහි දවස දවස එළවිය යුතු බැවින් බොහෝවූ අහර පිළී ආදියෙන් පවත්වන (නඩත්තු කරන) ලද්දාහු’යි මහාභූත නම් වෙති. භූතයෝ මහත් පරිහාර ඇත්තාහු’යි හෝ මහාභූත නම් වෙති.
මහාවිකාරතො (මහත් විකාර ඇති හෙයින්) යනු, මේ සතර මහාභූතයෝ උපාදින්න (ග්‍රහණය කළා) වූද, අනුපාදින්න (ග්‍රහණය නොකළා) වූද, මහත් විකාර ඇත්තාහු වෙති. එහි, අනුපාදින්න භූතයන්ගේ විකාර මහත්වය කල්ප විනාශයෙහිදී ප්‍රකට වේ. උපාදින්නයන්ගේ විකාර මහත්වය ධාතූන් කැළඹි කල්හි ප්‍රකට වේ. ඒ එසේමැයි:
භූමිතො වුට්ඨිතො යාව බ්රහ්මලොකා විධාවති.
අච්චි අච්චිමතො ලොකෙ ඩය්හමානම්හි තෙජසා,
අච්චි අච්චිමතො ලොකෙ ඩය්හමානම්හි තෙජසා,
කොටිසතසහස්සෙකං චක්කවාළං විලීයති.
කුපිතෙන යදා ලොකො සලිලෙන විනස්සති,
කුපිතෙන යදා ලොකො සලිලෙන විනස්සති,
කොටිසතසහස්සෙකං චක්කවාළං විලීයති.
වායො ධාතුප්පකොපෙන යදා ලොකො විනස්සති,
වායො ධාතුප්පකොපෙන යදා ලොකො විනස්සති,
පත්ථද්ධො භවතී කායො දට්ඨො කට්ඨමුඛෙන වා.
පඨවිධාතුප්පකොපෙන හොති කට්ඨමුඛෙව සො,
පඨවිධාතුප්පකොපෙන හොති කට්ඨමුඛෙව සො,
පූතිකො භවතී කායො දට්ඨො පුතිමුඛෙන වා.
ආපො ධාතුප්පකොපෙන හොති පූතිමුඛෙව සො,
ආපො ධාතුප්පකොපෙන හොති පූතිමුඛෙව සො,
සන්තත්තො භවතී කායො දට්ඨො අග්ගිමුඛෙන වා.
තෙජොධාතුප්පකොපෙන හොති අග්ගිමුඛෙව සො,
තෙජොධාතුප්පකොපෙන හොති අග්ගිමුඛෙව සො,
සඤ්ඡින්නො භවති කායො දට්ඨො සත්ථමුඛෙන වා.
වායොධාතුප්පකොපෙන හොති සත්ථමුඛෙව සො,
වායොධාතුප්පකොපෙන හොති සත්ථමුඛෙව සො,
ලෝකය ගින්නෙන් දැවී යන කල පොළොවෙන් නැගී එම ගින්නෙහි සිළු බ්‍රහ්මලෝකය දක්වා දිව යයි.
යම්කලෙක ලෝකය කිපියා වූ ජලයෙන් නස්නේද, එකල කෙළ ලක්ෂයක් සක්වළ ක්ෂයවී යයි.
යම්කලෙක ලෝකය වායොධාතුව කිපීමෙන් නස්නේද, එකල කෙළ ලක්ෂයක් සක්වළ ක්ෂයවී යයි.
කට්ඨමුඛ නම් සර්පයා විසින් ඩහන ලද කල්හි ශරීරය දරදඬුවීයයි, පඨවිධාතුව කිපීමෙන්ද එම කය කට්ඨමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වේ.
පූතිමුඛ නම් සර්පයා විසින් ඩහනලද කල්හි ශරීරය කුණුවීයයි, ආපොධාතුව කිපීමෙන්ද එම කය පූතිමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වේ.
අග්ගිමුඛ නම් සර්පයා විසින් ඩවනලද කල්හි ශරීරය තැවීයයි. තෙජොධාතුව කිපීමෙන්ද එම කය අග්ගිමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වෙයි.
සත්ථමුඛ නම් සර්පයා විසින් සහන ලද කල්හි ශරීරය සුණුවිසුණු වීයයි, වායොධාතුව කිපීමෙන්ද එම කය සත්ථමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වෙයි.
මෙසේ භූතයෝ මහත් විකාර ඇත්තාහු’යි මහාභූත නම් වෙති.
මහත්තා භූතත්තා (මහත් බැවින්ද විද්‍යාමාන බැවින්ද) මහත් වෑයමින් අවබෝධ කළයුතු හෙයින් මොවුහු ‘මහත්’ නම් වෙති, විද්‍යමානවන හෙයින් ‘භූත’ නම් වෙති, මහත් බැවින්ද විද්‍යාමාන බැවින්ද මහාභූත නම් වෙති.
මෙසේ මේ සියලු ධාතූහු මහත් ප්රාදූර්භාව ආදී කරුණු අනුව මහාභූත නම් වෙති.
ස්වලක්ෂණයන් දරන හෙයින්ද, දුක් ගෙනදෙන හෙයින්ද, දුක් දරා සිටින හෙයින්ද, ධාතු ලක්ෂණයන් නොඉක්මවූ හෙයින්ද සියලුම භූතයෝ ධාතු නම් වෙති. ස්වලක්ෂණයන් දැරීමෙන්ද, තමන්ගේ ක්ෂණයට අනුරූපව දැරීමෙන්ද ධම්ම නම් වෙති, විනාශවීම් අර්ත්ථයෙන් අනිච්චා (අනිත්‍ය) නම් වෙති, භය ගෙනදීමේ අර්ත්ථයෙන් දුක්ඛ (දුඃඛ) නම් වෙති, අසාරය යන අර්ත්ථයෙන් අනත්ත (අනාත්ම) නම් වෙති.
මෙසේ රූප, මහාභූත, ධාතු, ධම්ම, අනිත්‍ය ආදී වශයෙන් සියලුම ධාතූන්ගේ ඒකත්වය වෙති’යි යන මේ ආකාරයෙන් නානත්ව ඒකත්ව වශයෙන් මෙනෙහි කළයුතුය.
විනිබ්භොග (වෙන්කළ හැකිබව,) අවිනිබ්භොග (වෙන්කළ නොහැකි බව) වශයෙන් විනිබ්භොගාවිනිබ්භොගතො යනු, සහජාතව හටගත් මේ ධාතූහු සියල්ලන්ම අන්තිමවූ (ඉතා කුඩා) එක් එක් ශුද්ධාෂ්ටක කලාපයෙක්හි ප්‍රදේශ වශයෙන් වෙන් නොකරන ලද්දාහුය. (වෙන්කළ නොහැකිය). ලක්ෂණ වශයෙන් වනාහි වෙන් කරන ලද්දාහුය. (වෙන් කළ හැකිය). මෙසේ විනිබ්භොග අවිනිබ්භොග වශයෙන් මෙනෙහි කළ යුතුය.
සභාගවිසභාගතො (සභාග විසභාග වශයෙන්) යනු, මෙසේ වෙන් නොකළ හැක්කාවූද මේ ධාතූන් අතුරෙන් පළමු (පඨවී, ආපො යන) දෙක ගුරු බැවින්ද, එසේම පසු (තෙජො, වායො යන) දෙක ලුහු බැවින්ද එකිනෙකට සමාන වේ. පළමු දෙක පසු දෙකටද, පසු දෙක පළමු දෙකටද අසමාන වේය’යි මෙසේ සභාග විසභාග වශයෙන් මෙනෙහි කළ යුතුය.