ශබ්දමුක්තාවලිය සිංහල අකාරාදිය - වේරගම බණ්ඩාර 1890.pdf
- කතෘ :
- වේරගම බණ්ඩාර
- ප්‍රකාශිත වර්ෂය :
- 1890
- මුද්‍රිත වර්ෂය :
- 1890
- පිටු ගණන :
- 218
- බාගත කිරීම් ගණන :
- 833
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2023-02-18
- ගොනුවේ ප්‍රමාණය :
- 84 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශබ්දමුක්තාවලිය හෙවත් සිංහල අකාරාදිය යනු පී. වේරගම බණ්ඩාර මහතා විසින් සම්පාදනය කරන ලද මුල් යුගයේ සිංහල ශබ්දකෝෂයකි. 1890 වර්ෂයේදී කොළඹදී මුද්‍රණය කරන ලද මෙම කෘතිය, පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම එකල ව්‍යවහාර වූ පාලි, සංස්කෘත සහ එළු බසින් බිඳී ආ දුරවබෝධ වචන සඳහා සිංහලෙන් අර්ථ විවරණ සපයයි.
අමාවතුර, ජාතක පොත, සිංහල මහාවංශය, කාව්යශേഖරය ආදී ප්‍රකට සම්භාව්‍ය කෘතිවල එන වචන මෙන්ම පුවත්පත් සඟරාවල පළවූ දුෂ්කර ශබ්ද රාශියක් මෙහි අකාරාදි පිළිවෙළට පෙළගස්වා සරල භාෂාවෙන් අර්ථ දක්වා ඇත. මෙම කෘතිය සම්පාදනය කිරීමේදී රඹුක්පොත පඤ්ඤාසාර හිමි, අල්පේදුවිස් පෙරේරා මහතා, ජෝන් රෙබණ්ඩ සිල්වා මහතා සහ සිරික්කුඹුරේ නායක ස්ථවිරයන් වහන්සේ ඇතුළු පඬිවරුන්ගේ සහාය ලැබී තිබේ.
ටී. බී. පානබොක්කේ, එල්. සී. විජේසිංහ මුදලිඳු (මහාවංශ පරිවර්තක) සහ ඩබ්ලිව්. පී. රණසිංහ යන විද්වතුන් විසින් මෙම ශබ්දකෝෂය සම්භාව්‍ය සාහිත්‍යය හදාරන්නන්ට අත්‍යවශ්‍ය කෘතියක් ලෙස ඇගයීමට ලක්කර ඇත.
SABDA MUKTAWALI.
The Sinhalese language, written and spoken, is a mixture of Pali and Sanscrit words. The ancient mother Sinhalese, the Elu, is as hard for the generality of people to understand as a foreign language. The Sinhalese prose works written in former times comprise words of Pali, Sanskrit and ancient Elu languages. The styles employed by learned men in the present day in writing for newspapers and other periodicals appear to be for the most part imitations of ancient Authors. So it is very difficult for the ordinary reader to understand properly either the ancient writings or the modern productions of the Pandits. As there are now so many printing presses in this Island a great number of ancient Sinhalese books of very great importance are constantly going through the press. Several weekly and semi-weekly papers and pamphlets are issued from these presses; but the common people meet in them very hard words of Pali, Sanskrit and Elu origin. For the benefit of such readers no good dictionary or glossary has hitherto been published, although the need of it is daily increasing; and the task of it discourages many from encouraging a taste for reading. This is also one of the reasons why the study of the pure Sinhalese language has so much fallen off. The present Dictionary, “Sabda Muktavali,” has been compiled by collecting together the high or classical words of most Sinhalese books now extant in the Island. The significations of these words are given in plain language or “low” Sinhalese. Another misfortune that has befallen the Sinhalese language is that which has arisen from the ignorance of copyists of Sinhalese books with respect to the correct orthography of the Elu words. This evil will be remedied by the use of the present work.
Annexed hereto are certificates from three persons who are possessed of a thorough knowledge of Oriental literature.
(From the Hon’ble T. B. Panabokke, M.L.C.)
DEAR SIR,—Your glossary of words occurring in classical works is really a valuable addition to Sinhalese Literature.
It was a long-felt want, and I have no doubt that every one will feel thankful to you for publishing it.
T. B. PANABOKKE.
(From L. C. Wijesinha, Mudaliyar, and Translator of the “Mahawansa.”)
Mr. Weragama Banda’s work, the Sabda-muktawali supplies a much felt want among the Sinhalese who have not had the benefit of a good education in Sanskrit, Pali and Elu, but who, nevertheless, try to improve themselves in Sinhalese by reading the Standard Classical Literature of the language. These works contain many “hard” words borrowed from Sanskrit, Pali and old Sinhalese, which cannot be understood by a Sinhalese who is unable to make use of Sanskrit-English Dictionaries, unless he has recourse to a Pandit. Mr. Weragama’s work is intended to supply the place of a Pandit, and in simple intelligible Sinhalese, explains a great number of difficult words that are generally met with in reading the Sinhalese classics. It is formed on the same lines as those of Táránátha’s well-known “Sabdastoma” and will no doubt be highly appreciated by all Sinhalese readers. I can confidently recommend it as a very reliable authority.
L. CORNEILLE WIJESINHA.
(From W. P. Ranasinha, Supreme Court Proctor, and Editor of The Dinakaraprakasa.)
I have had the pleasure of perusing Mr. Wéragama Banda’s Sabda-muktawali.
It is not a Dictionary of the Sinhalese Language nor a glossary of one particular work, but a collection of Sanskrit, Pali and Sinhalese words from several Sinhalese works with their meanings given in Sinhalese. It is as to spelling and renderings very reliable and is a useful and handy work of reference. The compiler deserves the support of the Sinhalese public and credit for his perseverance.
W. P. RANASINHA.
ශබ්දමුක්තාවලිය
මේ කාලය මුද්රණයන්ත්රාලය නිසා පොත්පත් සුලභව පවත්නා සිංහල භාෂාභ්යාසය ඇති ජනයාගේ අධිකතාවෙන්ද ප්‍රතිමණ්ඩිත කාලයකි, නමුත් සිංහලාභ්යාසය ඇති සාමාන්‍ය ජනයාට අමාවතුර ජාතක පොත සද්ධර්මරත්නාවලිය ආදිය අහන බලන විටත් ප්රවෘත්ති පත්‍ර සඟරාවල සමහර ලියවිලි අහන බලන විටත් ධර්ම ශ්‍රවණය කරණ කලත් වැදගත් කථා අසන විටත් නොතේරෙණ වචන නිතරම අහන්ට දකින්ට ලැබේ. මෙසේ පොත්පත් ආදිය මනාලෙස නොතේරීමෙන් තිබෙන පීඩාව ඉතා මහති, කොපමණ පොත්පත් සුලභ වුවත් ඒවා බැලීමට ඇති අභිලාසයද මෙයින්ම හීන වේ.
පොත්පත් ආදියේ පමණක් නොව නිතර ගේ දොරේ කථාකරණ කවුරුනුත් දන්න සමහර වචන වල පවා මනා අවබෝධයක් බොහෝ අයට නොමැතියි, “අටපිරිකරක් දෙමු” යයි උපාසකවරුන් දෙදෙනෙක් සාකච්ඡා කරගත් තොත් අට පිරිකරට ගතයුතු පිරිකර මොනවාදැයි සමහරවිට ඒ දෙදෙනාටම නොහැඟී දැන ගැනීමට පන්සලකට යන්ට වේ, “සුලු පස්මුල් කසාය දී ලෙඩක් සුව කළා” යයි වෙද කෙනෙක් කියේනම් මේ සුලු පස්මුල මොන මොනවාදැයි අසා සිටින අයට නොතේරේ, මෙසේ යම් නාමයක් නොතේරුණ විට එහි අර්ථ තේරුම් ගැනීමට උපායක් නොමැතිකම සිංහල භාෂාව ව්‍යවහාර කරණ අයට තිබෙන බලවත් පාඩුවකි, මේ පාඩුව පිරිමැසීමට යෙදිය යුතු උපාය නම් මෙබඳු නොතේරෙණ වචන එකතුකොට ඒවා කාටත් හැඟෙන සිංහල භාෂාවෙන් තෝරා අකාරාදියක් කිරීමයි, මෙබඳු අකාරාදියක් සම්පාදනය කිරීම දීර්ඝ කාලයක පටන් සිංහල මහා ජනයාට අවශ්‍යයෙන්ම ඕනෑකර තිබෙන වැදගත් වැඩකි.
අප විසින් කළ මෙම ශබ්දමුක්තාවලි නම් අකාරාදිය අමාවතුර ජාතක පොත සිංහල මහාවංශාදියේ තිබෙන මාගධ සංස්කෘත ශුද්ධ සිංහල වචන රාශියකින් හා කාව්‍ය ශෙඛරාදියේ තිබෙන එළු වචන රාශියකින්ද වර්තමාන කාලයේ ප්රවෘත්ති පත්‍ර සඟරාදියේ සිංහල පණ්ඩිතයන් විසින් ව්‍යවහාර කරණ ගූඪ ශබ්ද රාශියකින්ද කථාව්යවහාරයෙහි පවත්නා දුරවබොධ ශබ්ද රාශියකින්ද සමන්විතයි, එබැවින් මෙම පොත සද්ධර්මරත්නාවලි ජාතක පොත් ආදි පුරාණ සිංහල වාක්යයම් පොත් බලන්නන්ටද සිංහල කාව්‍ය තේරුම් ගැනීමට අභිලාෂය ඇත්තවුන්ටද ප්රවෘත්ති පත්‍ර සඟරා බලන්නන්ටද අත්‍යන්තොපකාරී වේ, යටත් පිරිසෙයින් සිංහල අකුරු කියවන්ට පුළුවන් කාටත් මෙයින් පොතක් රැගෙන ගෙයි තබා ගැනීම තමා තමන්ට යම් යම් වචනයක අභිප්‍රාය බලාගන්ට ඕනෑවිටක එය දැනගැනීමට ඉතා ප්රයෝජනවත්යි, අක්ෂර වින්‍යාසය ශුද්ධ ලෙස යොදනු කැමැත්තන්ට මේ පොත බැලීමෙන් මනා අක්ෂර වින්‍යාසය පුහුණු වේ.
මේ ග්‍රන්ථය ව්‍යාකරණයෙන් පද ඡෙදාදිය ප්‍රකාශ කරණ පිණිස නොව ශබ්දයන් පමණක් ප්‍රකාශ කිරීම පරමාර්ථ කරගෙන ගළපන ලද පාඨාවලී වර්ණනාවක් මෙනි, එබැවින් මේ ශබ්දය අසවල් භාෂාවට අයත්යයි යනාදිය ඇඟවීමට මෙහි සංඥාතාදිය නොයෙදීමු, ශබ්ද විභාග කිරීමේදී ඇ ඈ දෙක මුලට ඇති ශබ්ද අකාරය මුලට ඇති ශබ්දයන්ට අනතුරුව යෙදීමු, ව්යඤ්ජනාක්ෂර මුලට ඇති ශබ්ද විභාග කිරීමෙහිදී හල්කුරු මුලට ඇති ශබ්ද ප්‍රථමකොට යෙදීමු, මේ ක්‍රමය සංස්කෘත අකාරාදි පිළිවෙළ කර තිබෙන ක්‍රමයට වෙනසි.
එකාරාර්ථ සමාස ශබ්ද අකාරාදි වල නොයොදතත් “ආද්‍යන්ත” යන ශබ්දය ආදි එබඳු ශබ්ද කීපයක් මෙහි බාලජනයාගේ සුඛාවබොධය සලකා යෙදීමු.
“සතර සම්‍යක් ප්‍රධාන” “සතර සතිපට්ඨාන” යනාදි සිංහල නාමයත් සංස්කෘත නාමයත් එකට යෙදීමෙන්ද සිංහල නාමයත් පාලිනාමයත් එකට යෙදීමෙන්ද ව්‍යවහාර වන ශබ්දත් මෙහි අකාරාදි පිළිවෙළට යෙදුවේ මෙය බාල ජනයාගේ අවබෝධය ප්‍රධාන කරගන ගැටපද විවරණයක් වශයෙන් ගළපන ලද්දක් බැවිනි.
මෙහි යෙදූ සමහර ශබ්දයන්ට උදාහරණ අර්ථ සහිතව දක්වන ලදී, නමුත් සුඛාවබොධ සමහර උදාහරණයන්ට අර්ථ නො යෙදීමු.
සියලු ශබ්දයන්ටම වාගේ භාවාර්ථය ප්‍රධාන කරගන අර්ථ ලීමු, බොහෝ තැන්වල සුඛාවබොධය පිණිස පර්‍ය්‍යාය නාම දෙක තුනද යොදාත් අර්ථ ලීමු, අප විසින් මෙහි දැක්වූ අර්ථයන්ට හැර මේ ශබ්දයන්ට තවත් නොයෙක් නානාර්ථ ඇති බව සැළකිය යුතුයි, අකුරු යන ශබ්දය අක්ෂර බාලපල්ලව යන අර්ථ දෙක්හි පමණක් නොව කුඩා පාෂාණයන අර්ථයෙහිද වැටේ මෙසේ බොහෝ ශබ්දවල මෙහි නොදැක්වූ අර්ථ ඇති බව දත යුතුයි, න්‍යායික නක්ෂත්රවන්තී ආදි සමහර ශබ්ද වල අර්ථ පමණක් නොව ඒවායේ අර්ථ ප්‍රකට කිරීමට සිතුවම්ද දැක්වීමු.
මෙහි සියලුම ශබ්දයන් ප්‍රකෘතියෙන් යෙදීමු, නමුත් අර්ථ දක්වන විට ඇතැම් ශබ්දවලට බහුවචනයෙන් අර්ථ ලියන ලදී.
“පච්චි(න්)” මෙසේ සමහර තැන්වල වරහන් අතර යෙදුවේ ඒ ශබ්දවල සංස්කෘත භාෂාවේ ව්‍යවහාර වෙන අක්ෂර දැක්වීම පිණිස බව සැලකිය යුතුයි.
අක්‍යන ශබ්දයේ අර්ථ දක්වා එහි අග ඇණ, අග්‍ර, අගය, අංක, යන ශබ්ද යෙදුවේ මේ සිංහල අක්ශබ්දය තදභව විය හැකි මාගධ සංස්කෘත ශබ්ද දක්වන පිණිසයි, යම් දෙයක අග යන අර්ථය ප්‍රකාශ කරණ අක් ශබ්දය අග්‍ර, අගය යන ශබ්දවලින් තදභව වියැයි සිතිය හැකි, සලකුණ යන අර්ථය අඟවන අක් ශබ්දය අංකන, සංකෙත යන ශබ්දවලින් බිඳී ආයේයයි සිතිය හැකියි, මෙසේ ඒ ඒ ශබ්දවල විශෙෂ විභාග පරික්ෂාවෙන් දත යුතුයි. පාලි සංස්කෘත ශබ්දයන්ද එයින් තදභව සිංහල ශබ්දත් මෙසේම දැක්වීමු, අතඹුල යන ශබ්දය ලඟ (අත්ඇඹුල) කියා දක්වා තිබෙන්නේ විසන්ධි කළ විට ශබ්ද දෙකේ ප්‍රකෘති දැක්වීම පිණිසයි, “කවාට, කවඩ්ඩ (ජනේල)” මෙසේ සමහර තැන්වල වරහන් අතර යෙදූ ඇතැම් ශබ්ද සුඛාවබොධය පිණිස මෙහි යෙදූ නමුත් සිංහල පණ්ඩිතයන් ප්‍රයෝග කිරීමට රුචිනොවන කථා ව්‍යවහාරයේ පවත්නා ශබ්දයි.
කලක පටන් පොත්පත් බලන විට දකින්ට ලැබෙන බාල ජනයාට දුරවබොධ ශබ්ද අකාරාදියක් කරණ පිණිස එක් කෙළෙමු. පොතකට සෑහෙන පමණ ශබ්ද එක්වූ විට ඒවාට අර්ථ ලියා මේ අකාරාදිය මුද්‍රණය කරන්ට සූදානම්වීමු, මේ අතර රඹුක්පොත පඤ්ඤාසාර සාමීන් වහන්සේ හා අල්පේදුවිස් පෙරේරා මහත්මයාන් විසින් පොත් කීපයකින් ශබ්ද බොහොමයක් එක්කරදුන් බවත් අපට නොලැබුන ශබ්ද සිය ගණනක් පමණ එයින් ඇරගෙන අර්ථ ලියා මීට ඇතුලත්කළ බවත් සතුටියෙන් මතක් කරම්හ. මෙපමණක් නොව අප විසින් ශබ්ද වලට අර්ථ ලියා දුන්විට ඒවා පිළියෙල කිරීමටත් අල්පේදුවිස් පෙරේරා මහත්මයා උපකාර කෙළේයි. අකාරාදියක් කරණ අදහසින් ශබ්ද එකතු කළ නමුත් අපේ අකාරාදිය මුද්‍රණය කරණ බව දැනගෙන ඒ අදහස අත්හැර මෙසේ කළබවත් කියම්හ, සිතියම් ඇඳීමෙහි සිංහලයන් අතර සම්ප්රයුක්තව ප්‍රසිද්ධව සිටින ජෝන් රෙබණ්ඩ සිල්වා මහත්මයා විසින් ඉතා සතුටින් මෙහි අක්ෂාංශික සිතුවම් මනොහර ලෙස ඇඳ දුන්නේ යි, නමුත් ඒවා ඇඳදුන් තරම් හොඳට කප්පවා ගන්ට නොහැකි වූ බව ඛෙදයකි.
පොත මුද්‍රණය කිරීමෙහිදී අපගේ ලාංක්යෙශ්චර්ය්යපදප්රාප්ත සිරික්කුඹුරේ නායක ස්ථවිරෙන්ද්රයානන් වහන්සේ ස්වාවකාශ පරිද්දෙන් අන්තිම ශුද්ධිපත්‍රය බලා සංශොධනය කරදුන් බවත් උගත් ගෙඩියන්තුඩුවේ දෙවමිත්ත ස්ථවිරයන් වහන්සේ ගෙනුත් මීට උපකාර ගත් බවත් අතිපෙරටු කොට මතක් කරම්හ.
මෙහි 33 පිටේ 5 පෙළේ ආයුත්ත යනු ආයුක්ත කියා විය යුතුයි, 51-31-එකඩ මස්සන්ගේ අවි එක් මස් පසළොස් දවස විය යුතුයි, 59 පිටේ කමිකලුටු යනු කමිකවුලු කියා විය යුතුයි, 60 පිටේ කර්ණාවතංස යන්න ලඟට ‘‘කර්ණොත්පල’’ කර්ණොත්පල මානෙල් මල’’ යන්නක් වැටිය යුතුයි, 74 පිටේ 14-15-17 පෙළ වල “ගත නොහැකි” යනු ගැන්මට ළංකර කියාද, 76 පිටේ 14 පෙළ ආදියේ ප්‍රධානයා යනු ප්‍රධාන යා කියාද 79 පිටේ ගැජුන් යනු ගැජුම් කියාද 80 පිටුවේ 28 පෙළේ ගැඬුඹ යනු වල්ලා කියාද සැලකිය යුතුයි. ‘‘132 ධජනිලඟට’’ ධජ. හතරහුලස් රෙද්දෙන් තැනූ කොඩිය යන්නක් යෙදිය යුතුයි.
මේ ආදි වශයෙන් බොහෝ තැන්වල අකුරු වැරදීම් ආදි නොයෙක් වරද තිබේ, නමුත් මෙහි ඒවා සඳහන් වන ශුද්ධි පත්‍රයක් නොයෙදීමු, පොත මීට වඩා මහත්කොට ඉතාලඟදීම මුද්‍රණය කරන්ට බලාපොරොත්තුවෙමු, එතකොට මෙබඳු වැරදිත් සංශොධනය කරන්නෙමු.