නෙත්තිරතනාකරෝ - කෝදාගොඩ උපසේන හිමි 1924.pdf
- කතෘ :
- කෝදාගොඩ උපසේන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1924
- මුද්‍රිත වර්ෂය :
- 1924
- පිටු ගණන :
- 95
- බාගත කිරීම් ගණන :
- 591
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2023-01-27
- ගොනුවේ ප්‍රමාණය :
- 52 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නෙත්තිරතනාකරො යනු පාණදුරේ වලපොල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන්පති, රාමඤ්ඤ නිකායික කෝදාගොඩ උපසේන මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත පාලි න්‍යාය ග්රන්ථයකි. නෙත්තිප්පකරණය ඇසුරින් බෞද්ධ න්‍යාය හා ධර්ම විග්‍රහය ක්‍රමවත්ව උගන්වනු වස් මෙම කෘතිය රචනා කර තිබේ.
මෙම ග්‍රන්ථය පණ්ඩිත ඩබ්ලිව්. ඩී. සී. වාගීශ්වර ශූරීන්ගේ සංශෝධනයෙන් හා අනුමැතියෙන් යුක්තව, ගම්පහ දඹුවේ වලව්වේ මුහන්දිරම් පීටර් වීරසේකර මැතිතුමන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් 1924 දී කොළඹ විද්‍යාසාගර මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.
පොත විකිණීමෙන් ලැබෙන ආදායම අනගාරික ධර්මපාලතුමන් විසින් බරණැස ඉසිපතනාරාමයේ කරවනු ලැබූ මූලගන්ධකුටි විහාරයේ ඉදිකිරීම් කටයුතු පිණිස මහාබෝධි සමාගම වෙත පරිත්‍යාග කිරීමට මෙහිදී කටයුතු යොදා තිබීම මෙහි ඇති ඓතිහාසික වැදගත්කමකි.
FOREWORD.
The Nettiratanakara or “The Treasury of the Gems of Laws” is an invaluable contribution towards the elucidation of the meta-physical subtleties of the Buddhist Canon. It has been composed with a view to providing facilities for those who aim at a philosophical study of Buddhism, by the Revd. Kodagoda Upasena, Principal, Sri Saddharmodaya Pirivena, Walapola, Panadura, and member of the Chief Ecclesiastical Assembly of the Ramanna Sect in Ceylon. Judging from the fact that the Author is a scholar of no mean order, held in high esteem among the scholars of foreign lands as well as our own, I need hardly touch upon his qualifications for undertaking a work of this character. Suffice it to say that he is one of the most reliable authorities on any subject connected with or arising out of the Buddhist Scriptures. As for the contents of the work, I might observe that the Author himself is an index to what they are, though of course, I am not competent to express an opinion on the same, critical or otherwise. Besides, the book has been referred to in glowing terms by the well-known local scholar, Mr. W. D. C. Wagiswara, who had a careful perusal of the same.
As I was desired to print and publish the work by Mr. Wagiswara and the Rev. Ratanalankara, Principal, Rahula Vidyalaya, Alawwa, who were of opinion that its publication would be of great interest to the Buddhist world, I have thus decided to meet their wishes, in consideration of the inestimable spiritual benefit accruing from the undertaking.
As for the proceeds of the sale of the book, I am quite pleased to accept the Author’s recommendation that they might be expended on the building of the Mulagandhakuti Vihara now under construction at Isipatanarama, Benares, on the initiative of the Anagarika Dharmapala. For this purpose, the books will be placed at the disposal of the Maha Bodhi Society after the presentation of a few copies to certain monks and laymen.
May the great body of merits resulting from the publication of this work, serve to clear the passage to Nirvana—the Summum Bonum of Buddhism—of my parents, teachers, kinsmen, friends, well-wishers and the Author as also the Revd. Kalawane Dhammadassi and Mr. Gunasekera who have kindly gone through the proof sheets of the work.
Peter Weerasekere,
MUHANDIRAM
Weerasekera Walawwa,
Dambuwa Estate,
Gampaha (Heneratgoda.) 1st, March 1924.
නිවේදනයයි.
නෙත්තිරතනාකර නම්වූ මෙම පොත බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය උද්ග්රහණාභිලාෂීන්ගේ පහසුව සඳහා පාණදුරේ වලපොල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන් මහහිමිවුද රාමඤ්ඤ නිකායික දසවර්ගකාරක සංඝ සභානායකතාවුද ස්වදේශ විදේශයන්හි සුප්‍රසිද්ධ පණ්ඩිත සම්භාවිතවු කෝදාගොඩ උපසෙන මහාස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදනය කරනලද මාහැඟි ග්රන්ථයකි.
මේ පොතේ ඇතුළත් ධර්ම ශාස්ත්‍රය ගැන කරුණු කීමට පොහොසත් නොවන බැවින් නොවෙහෙසෙමි.
මේ ග්‍රන්ථකාරක මහාස්ථවිර ස්වාමින්වහන්සේ විසින් නිබන්ධනය කරණලදුව ලංකා බුරුමාදි රටවල මහා පණ්ඩිතයන් විසින් ගෞරවයෙන් පිළිගත් මෙකල ලක්දිව වසන ප්‍රධාන පණ්ඩිතායිකේ පණ්ඩිත කෙනෙක්වු ඩබ්ලිව්. ඩී. සී. වාගීශ්වර මහතානන් විසින් මේ පොත ඉතා පරික්ෂාවෙන් කියවා බලා මාහැඟි පොතක් හැටියට පිළිගත් බැවින්ම මෙහි ගුණ ගෞරවය ප්රකාශවේ.
මෙය මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරවීම සම්බුද්ධ ශාසනයට ඉතා ප්‍රයෝජන වන බව එම වාගීශ්වර පඬිතුමාණන් හා අලව්වේ ශ්‍රී රාහුල විද්‍යාලයාධිපති රතනාලංකාර ස්වාමින් වහන්සේ විසින්මුත් ප්‍රකාශකොට මාවෙත පැවරූ බැවින් එහි අනුසස් සලකා මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරවීමට බාරගතිමි.
මුද්‍රණය කරවන ලද මෙම පොතෙන් කොපි ස්වල්පයක් ඒ ඒ ශික්ෂාවිඳි භවතුන්ට පරිත්‍යාග කිරීමටද ඉතිරි කොටස අනගාරික ධර්මපාලතුමා විසින් බරණැස ඉසිපතනාරාමයෙහි ගොඩනගන්ට පටන්ගත් මූලගන්ධකුටි විහාර නව කර්මාන්තය වියදම් පිණිස විකොට මහාබෝධි සමාගමට භාරදීම මැනවැයි පොත් කර්තෘන්වහන්සේගේ සතුට ප්‍රකාශ කළ හෙයින්ද මමද අතිශය ප්‍රීතියෙන් එසේම ස්ථිර කරගතිමි.
මෙම පුණ්‍යයෙන් ලැබෙන පින් සමූහය මටද, දෙමව්පිය ගුරු බන්ධු මිත්රාදීන්ටද මාගේ වලව්වේ මැණිකියටද මාගේ ප්‍රිය මාතුලවු ශ්රද්ධාවන්ත බලගල්ලේ ඩී. ඇම්. ජයකොඩි රාලහාමිටද, පොත් කර්තෘන් වහන්සේටද මුද්‍රණය කරවීමේදී ශුද්ධි පත්‍ර බැලීම් ආදී කටයුතු කළ කලවානේ—ධම්මදස්සී ස්වාමින්වහන්සේ, පාණදුරේ පාණදුරේ බී. ඇස්. ගුණසේකර මහත්මයා ඇතුළු භවතුන්ටද සගමොක් සුව පිණිස හේතුවේවා.
මීබවට,
පීටර් වීරසේකර,
මුහන්දිරම්
දඹුවේ ‘වීරසේකර’ වලව්ව,
ගම්පහ (හෙනරත්ගොඩ.)
1. 3. 1924.
නෙත්ති රතනාකර
සමර්පණය.
මෙම පොත සියනෑආදි තුන්කෝරලයේ ශ්‍රී සුගත ශාසනාරක්ෂක මහා සමිතියේ සභාපති තැන්පත්, සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය පතන්නාවූ, සත්ගුණවත් දඹුවේ වලව්වේ පීටර් පෝල් වීරසේකර කරුණාරත්න රණසිංහ විජය ගුණසේකර අභයරත්න මුහන්දිරම් මැතිතුමන් වෙත යථෝක්ත ගුණානුස්මරණයෙන් සමර්පිතය කරන ලදින් ශ්රද්ධාතිශය චිත්තයෙන් පිළිගෙනැ හුදු ශාසනාලයෙන් සිය ධන පරිත්‍යාගයෙන් මුද්‍රණය කොට ප්රසිද්ධකරවීම පිණිස සියලු ආධාර කරණ ලද බව මෙයින් සිහිපත් කරනු ලැබේ.
යො සාසනොදයරතො සදයො ඉමස්ස මුද්දාපනෙ සධනචාග මකත්ථ මන්තී පී. වීරසෙඛර සමඤ්ඤ පසිද්ධ භූතො පුණ්ණෙන තෙන සුඛිතො සපියො භවෙස්සො.
මීබවට,
ශාසනාභිවෘද්ධිකාමී
කෝදාගොඩ උපසෙන ස්ථවිර.
වලපොල ශ්‍රී සද්ධර්මොදය පිරිවෙණ
පාණදුරේ
සඤ්ඤාපනං.
නමස්සුගතො තස්ස භවතොනන්ථනෙතුනො.
සාකියනන්දනස්ස තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සුද්දිට්ඨො නවඞ්ගසාසනවරං සදෙවකස්ස ලොකස්ස සමා රුක්ඛස්ස සබ්රහ්මකස්ස හිතකරං සුඛකරං යොගක්ඛෙමකරං විහතති. සෙය්යථිදම්මෙව, වුච්චතෙ පණ්ඩිත වෙදනීයො. පණ්ඩිතාහි එකචෙව අස්සවතතා සද්ධම්මස්ස පරිහායන්ති: සෙය්යථාපි ආළාරො කාලාමො උද්දකො ච රාමපුත්තො. සුතාපිහි එකචෙව අයථතාවගමා පරිහායන්ති: සෙය්යථාපි වජ්ජිපුත්තකා, පඤ්චවග්ගා භික්ඛු සංඝභෙදනු වත්තකා සංවත්තා, බ්‍රාහ්මණ ජාතිකාච පඤ්චවග්ගා භික්ඛු සබ්බධම්මමූලපරියායෙ දෙසි තෙ අනභිනන්දිතා. තස්මා යථාතාවගතො එව සද්ධම්මො ඛෙමංකරො සුඛකරො යොගක්ඛෙමකරො වෙදිතබ්බො. තස්ස මපාදිකා පන නෙත්තීති. [...]
වෙද රස වෙද ලොවන මිතෙ සම්බුද්ධ වස්සෙ අස්සයුජ සුක්කපක්ඛෙ රසියං බුධ වාරෙ මායා ධනු ජනපදෙ දඹුව නාම ගාමෙ වාචිස්සර පරිවෙණතො. 27. 10. 20.
W. D. C. Wagiswara.
ඩබ්ලිව්. ඩී. සී. වාගීශ්වර.
27. 10. 20.