විදර්ශනා භාවනාව - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි 1997.pdf

කතෘ :
බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි
ප්‍රකාශිත වර්ෂය :
1997
මුද්‍රිත වර්ෂය :
2018
පිටු ගණන :
21
බාගත කිරීම් ගණන :
1,638
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-08-14
ගොනුවේ ප්‍රමාණය :
6.2 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 11

විදර්ශනා භාවනාව යනු අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ විසින් විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමට අපේක්ෂා කරන යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය සඳහා සම්පාදනය කරන ලද අගනා මාර්ගෝපදේශ සංග්‍රහයකි.

නාහිමිපාණන් වහන්සේ විසින් 1997 වර්ෂයේදී රචිත මෙම පොත් පිංච මඟින් විදර්ශනා භාවනාවේ මූලික පදනම, නාම-රූප ධර්මයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ මෙනෙහි කරමින් විදර්ශනා වඩන ආකාරය මෙන්ම සෝවාන් ආදී මාර්ග ඵල අවබෝධය දක්වා භාවනා සිත දියුණු කරගන්නා ආකාරය සංක්ෂිප්තව හා පැහැදිලිව විස්තර කර ඇත.

කාලයක් මුළුල්ලේ දුර්ලභව පැවති මෙම කෘතිය, බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමියන්ගේ සංස්කාරකත්වයෙන් සහ දායකත්වයෙන් 2018 වර්ෂයේදී මහරගම රුවන් පහරුව ආයතනය මඟින් නැවත මුද්‍රණය කොට ධර්ම දානය පිණිස බෙදාහැර තිබේ.

පෙරවදන

අද බොහෝ දෙනා භාවනා පැත්තෙන් දියුණු වීමට බලාපොරොත්තු වෙති. සමහරු විදර්ශනා වඩා මාර්ග ඵල ලැබීමෙහි උනන්දු වෙති. විදර්ශනා භාවනා ක්‍රම බොහෝ ය. එයින් එක් ක්‍රමයක් පමණක් විදර්ශනා වඩනු කැමැත්තන්ගේ යහපත පිණිස මෙහි සංක්ෂේපයෙන් දක්වනු ලැබේ.

මෙහි දැක්වෙන ක්‍රමය අනුව විදර්ශනාව වඩනු කැමැත්තා පළපුරුදු කර්මස්ථානාචාර්ය වරයෙකුගේ ආශ්‍රය ලබමින් භාවනා කළොත් උසස් ප්‍රතිඵල ලබනු හැකි වෙයි.

මෙය භාවනානුයෝගී පින්වතුන්ගේ ඥාන වර්ධනය පිණිස වේවා !

මෙයට,

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
ශ්‍රී නන්දාරාමය,
උඩුමුල්ල,
බළන්ගොඩ.
1997.07.14

පුණ්‍යානුමෝදනාව

විදර්ශනා භාවනාව පිළිබඳව මෙම කෙටි විස්තරය අපවත් වී වදාළ අතිපූජනීය මා ගුරු දේවෝත්තම අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ රචනා කළ එකකි. මෙහි දැක්වෙන තොරතුරු මනා විමසීමෙන් යුතුව කියවා බලා ක්‍රියා කළහොත් විදර්ශනා වැඩීමට මහත් අත්වැලක් වනු ඇත. 1997 වසරේදී මුද්‍රණය කොට බෙදාදුන් මෙම පොත් පිංච, මේ වන විට සොයා ගත නොහැකි වන තරමට දුර්ලභ වී ඇත.

මේ පිළිබඳව අපගේ උපදෙස් අනුව සැදැහැති පන්නිපිටිය, ඇරැව්වල පාරේ, අංක 45/1, නිවෙසෙහි පදිංචි ගාමිණී සේනානායක මහතා සහ ඩොරින් සේනානායක යන යුවතිපතීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙසේ එළිදැක්වීමට ලැබීම අපගේ ද භාග්‍යයක් කොට සලකමු. මේ පොත කියවූ සැමදෙනාගේ විදර්ශනා ඥාන දියුණු වේවා. එසේම මේ සියලු කුසලානිසංස අප නාහිමිපාණන් වහන්සේගේ ‘බෝධිසම්භාර ධර්මයන් සම්පූර්ණ වීම පිණිස ම හේතු වේවා!

බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමි
ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,
පුත්තලම් පාර,
අනුරාධපුර.
2018-01-01

0717 - 450727