සඟි බණ මැදුම්සඟිය 1 - යක්කඩුවේ ප්‍රඥාරාම හිමි 1957.pdf

කතෘ :
යක්කඩුවේ ප්‍රඥාරාම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1957
මුද්‍රිත වර්ෂය :
1957
පිටු ගණන :
336
බාගත කිරීම් ගණන :
747
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-07-26
ගොනුවේ ප්‍රමාණය :
128 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 169

මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයට අයත් මූලපරියාය වග්ගයේ සූත්‍ර දහය විවරණය කරමින් යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ග්‍රන්ථයකි. මෙහි ‘සමන්තෙසනා’ නමින් සවිස්තරාත්මක ධර්ම විග්‍රහයක් සහ මූලපරියාය වග්ගයේ සූත්‍ර දේශනාවන් ඇතුළත් වේ.

විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාවට සමගාමීව සිංහල ත්‍රිපිටක සැලැස්ම හඳුන්වා දීමේ අරමුණින් මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර, භික්ෂූන් වහන්සේලාට ධර්ම මාර්ගය නිවැරදිව පසක් කර දීම ප්‍රධාන අරමුණක් ලෙස පෙරවදනෙහි දක්වා ඇත.

මූලපරියාය, සබ්බාසව, ධම්මදායාද, භයභේරව, අනංගණ, ආකංඛෙය්‍ය, වත්ථූපම, සල්ලේඛ, සම්මාදිට්ඨි සහ සතිපට්ඨාන යන සූත්‍ර දහය මෙහි අන්තර්ගත වේ. මෙම මුද්‍රණය බුද්ධ වර්ෂ 2500 (ක්‍රි.ව. 1957) දී විද්‍යාලංකාර යන්ත්‍රාලයේදී මුද්‍රණය කරවා ඇත.

නිවේදනය

විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්මසංගායනාවේ ප්‍රතිඵල වශයෙන්, පාලි ත්‍රිපිටකය ක්‍රමානුකූලව සකස් කර මුද්‍රණය කරවන බවටත්, සිංහල ත්‍රිපිටකයක් සකස් කරවන බවටත් අපි ප්‍රතිඥා දුනිමු. ‘ඒ පාලි සිංහල ත්‍රිපිටක දෙකේ සැලැස්ම හැටියට පොත් දෙකක් කලින් පිට කළ යුතුය.’ යන හැඟීම ඇති වෙලා මම ඒ ගැන නිරත වීමි. පාලි සැලැස්ම ශාස්ත්‍රීය සමීක්‍ෂණතාවකුත් සමග ළඟදීම ප්‍රසිද්ධ විය හැකිය. මේ පොත සිංහල ත්‍රිපිටකයේ සැලැස්මයි.

ශාසනමාමකකමක් ඉඳිලාවත් නැති, කහ පැහැගෑම මහ වහක් මෙන් මහපොළොවෙන්ම බැහැර කරවීමට කැහැපට ගහගත්, මහ නෑහැදිච්ච සැහැසි පිරිසක්, සිය වාසිය පිණිස තියෙන කරුණු ටිකක් ත්‍රිපිටකයෙන් අහුලාගෙන, වැදගත් කරුණු වහඳමා, මහණ ගණය නසන පිණිස දහඳනින්ම මහ සටනක් කරගෙන යයි.

සමහර මහ මහණුන්, මහණකමේ පදනම වන ලජ්ජා භය දෙක පවා වඳ කරගෙන, කරන නානා විනවරකම් අහන දකින විට, සැදැහැබර වුවත්, සිහිනුවණින් තොර මහජනයා ද ඒ අමනයන්ගේ, කියමන් ලියමන් අදහා ගන්නවා නම් කවර ආශ්චර්‍ය්‍යයක් ද!

පිරිහිලා සිටිගෙනත්, ප්‍රබලව ප්‍රකටව ජලප්‍රධානාව පැලඹෙමින් මාරසැප විඳින, මහ භාරධාරී ශ්‍රමණප්‍රතිරූපක මහයන් අහන දකින නවක මහණුන්, ඔවුන් අනුව යමින්, ධර්මමාර්ගයෙන් දුරු වී, මාර මාර්ගයට හුරුවීම අරුමයක් නොවෙයි. අද පවතින මේ මහ සංවෙගදායක තත්වය මෙසෙයින්ම පැවතුණොත් අනාගත භික්ෂු පරපුරට මක් වෙයි ද!

ඒ නිසා ජීවත් වේගන්නට හැටියක් නැතිකමකට නොව, සැදැහැයෙන් මහණව සිටින, ළපටි හා වැඩිහිටි කුලපුත්‍රයන්ගෙන් සමහරක්වත් බණදහම් දැනගෙන, හරි මග තේරී, නොමඟින් බේරී, හොඳ පැවිද්දන්ට ලද හැකි ප්‍රීතියත් සැපයත් ලබමින්, වැඳුම් පිදුම් ලැබීමට නිසියවුන් වෙනවා දකින්නට ආසාව නිසා මේ පොතේ සමන්තෙසනාව බණදහම් පොතක් බවට පෙරළුණාය

මීට,
යක්කඩුවේ ප්‍රඥාරාම

2500
——දෙසැම්බර මස 12 වෙනිදා
1957 විද්‍යාලංකාර පිරිවෙන්හිදීය