දහම් පාසල් අවසානය 3 බෞද්ධ සංස්කෘතිය.pdf

කතෘ :
සෙනෙවිරත්න මහලේකම්
ප්‍රකාශිත වර්ෂය :
2010
මුද්‍රිත වර්ෂය :
2010
පිටු ගණන :
368
බාගත කිරීම් ගණන :
14,176
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
137 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 2
පිටුව 185

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හදාරන සිසුන් උදෙසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර ප්‍රකාශයට පත් කරන ලද ‘බෞද්ධ සංස්කෘතිය’ පෙළ පොතයි. මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාගේ උපදේශක සංස්කාරකත්වයෙන් සහ සෙනෙවිරත්න මහලේකම් මහතාගේ ලේඛකත්වයෙන් මෙය සකස් කර ඇත.

පොත ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන අතර බෞද්ධ සිරිත් විරිත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප හා සාහිත්‍යය, සහ ලෝක බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු හා විස්තරාත්මක අධ්‍යයනයක් මෙහි අන්තර්ගත වේ. මෙහි ප්‍රධාන මාතෘකා පහත පරිදි වේ:

  • බෞද්ධ සිරිත් විරිත්වල පදනම, පැවිදි සහ ගිහි සිරිත් විරිත්
  • ශාසනික කටයුතු, උත්සව හා බෞද්ධ පාලකයින්ගේ සිරිත් විරිත්
  • බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති, කැටයම් හා චිත්‍ර කලාව
  • බෞද්ධ සිංහල සාහිත්‍යය
  • බුරුමය, තායිලන්තය, චීනය සහ ජපානය යන රටවල බෞද්ධ සංස්කෘතිය

මෙම මුද්‍රණය 2010 වර්ෂයේදී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් මුද්‍රණය කර බෙදාහැර ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩය

විනය ගරුක සමාජයක් උදෙසා ගුණවත් පුරවැසියන් බිහි කිරීමට නම් මිනිසා භෞතික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ද ගොඩ නැගීම සඳහා ඔහුට ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද ලබා දිය යුතුය. ඒ සඳහා මාපිය, දූ දරු, අඹුසැමි, ගුරු සිසු, සේවා සේවක, පාලක පාලිත, ආදී සියලු සබඳතා යහපත් සහ ඵලදායී බවට පත් කර වෛරය තුරන් කිරීම මගේ අරමුණයි.

සියලු ආගම්වලට අයත් දරුවන් ඔවුනොවුන්ගේ ආගම්වලට අනුකූල වූ ධාර්මික අධ්‍යාපනයක් ලබනවා දැකීම මාගේ අභිලාෂයයි. “විද්‍යා දදාති විනයං”” යන බුදු වදනට අනුව බැලුව ද, අධ්‍යාපනය තුළින් විනය ගරුක සමාජයක් ඇති කළ හැකිය. රටක දැහැමි සංවර්ධනය උදෙසා විනය මූලික වෙයි. “’දහම් දිවයින’ නමින් ඈත අතීතයේ දී හැඳින්වුණු අප රට අපරාධ රැල්ලකින් වෙළී යාමට හේතු වූයේ මෙම විනය අප ජන සමාජයෙන් ඈත්වීම යැයි මාගේ හැඟීමයි.

එදා එදා පන්සල මුල් කර ගෙන ලැබූ අධ්‍යාපන ක්‍රමය වෙනස් වීම මෙම විපර්යාසයන්ට මුල් විය. එබැවින් මෙපමණකින් වත් අප රට තුළ සාමය, සමාදානය, සදාචාරය සහ සාරධර්ම සුරැකී තිබෙන්නේ දහම් අධ්‍යාපන ක්‍රමය නිසයි.

එනිසා එම අධ්‍යාපන ක්‍රමය නංවාලීම සඳහා අප රජය මහත් වෙහෙසක් හා කැපවීමක් කරනු ලබයි. එහි ප්‍රතිඵලය ලබා ගැනීමට නම් සියලු බෞද්ධ දරුවන් කැප විය යුතු අතර, එය ලබා දීම සඳහා දෙමව්පියන් මෙන්ම ස්වේච්ඡා දහම් පාසල් ගුරු භවතුන් ද උනන්දු විය යුතුය.

පාසල් පංති විෂය සමගාමීව අලුතෙන් දහම් පාසල් පෙළ පොත් විෂය නිර්දේශයන් ද සැකසී තිබීම තුළින් තරඟකාරී අධ්‍යාපන රටාවකට නැඹුරුව සිටින දරුවන් තුළ ‘දහම් පාසල් අධ්‍යාපනය’ රුචිකත්වය වඩවන තැනක් වීමට ඉඩ ඇත.

යහපත් රටක් සෑදීම සඳහා ගුණවත් දරුවකු බිහි කිරීමේ අරමුණින් බෞද්ධ දහම් පාසල් උදෙසා නොමිලේ ලබා දෙනු ලබන මෙම පොත පරිශීලනය තුළින් එම අරමුණ ඉටු කරනු ලබන ගුණ නැණ බලෙන් යුත් දරුවකු බිහි වේවා! යි ප්‍රාර්ථනය කරමි.

මහින්ද රාජපක්ෂ, ජනාධිපති, 2006 මැයි මස 26 වන දින