ධර්ම විනිශ්චය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්ද්රවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2009
- මුද්රිත වර්ෂය :
- 2009
- පිටු ගණන :
- 239
- බාගත කිරීම් ගණන :
- 1,485
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-10-13
- ගොනුවේ ප්රමාණය :
- 6.6 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධර්ම විනිශ්චය යනු අතිපූජ්ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්රකට ධර්ම ග්රන්ථයකි. බුදුදහමේ ගැඹුරු හා විවාදාපන්න කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර පැනනගින විවිධ ගැටලු හා ප්රශ්න සියයක් (100) තෝරාගෙන ඒ සඳහා ත්රිපිටකය හා අටුවා ඇසුරින් සවිස්තරාත්මකව නිවැරදි විසඳුම් සහ විවරණ මෙහි සම්පාදනය කර ඇත.
බුරුම සාහිත්යයේ එන ප්රශ්නෝත්තර ධර්ම විනිශ්චය සම්ප්රදාය අනුගමනය කරමින් රචිත මෙම ග්රන්ථයෙන් බුද්ධ ප්රතිමා වන්දනාව, ධාතූන් වහන්සේලා, පූජාවන්ගේ ආනිසංස, සාංඝික දානය සහ එහි විධි, භික්ෂු විනය හා ආපත්ති, කර්මය සහ පුනර්භවය වැනි මාතෘකා රැසක් ගැඹුරින් සාකච්ඡා කෙරේ.
මෙම පිටපත ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2009 වසරේදී පළ කරන ලද දස වන මුද්රණයයි.
ලේකම්ගේ සටහන් . . .
පඤ්චස්කන්ධය පදනම් කරගෙන ලෝකයේ අනිත්ය, දුක්ඛ, අනාත්ම පැවැත්ම පිළිබඳව තේරුම් කරන බුදුසමය ලෝකය පවත්වන විවිධ ශක්තීන් පිළිබඳව හැඳුනුමක් ද අපට ලබා දෙයි. එදා සිට අද දක්වාත්, තව ඉදිරියටත් පවතින හරි - වැරදි හැසිරීම් ගැන ද චින්තාවන් ගැන ද බුදු සමය බලන්නේ මැදහත් විචාරයකිනි. හරිමග තේරුම් ගත යුත්තේ තම තම නැණ පමණිනි. මේ නිසා ලෝකය විවිධ විෂම තැනකි. ඔබ හරි හෝ වැරදි වශයෙන් දක්නා දේ තවත් කෙනෙකු වෙනත් ආකාරයකින් ද දැකිය හැකිය.
එබැවින් කලින් කල ආගමික චින්තනයන්හි ස්වරූපයන් ද වෙනස්වී යයි. ඉතිහාසයේ අවශ්යතා විසින් යම් යම් ආගමික හරයන්හි තේරුම් වෙනසට භාජනය කරයි. සියල්ල හැර දමා සත්යය අවබෝධයට කැප වූ පුද්ගල සමූහයෙන් කවරකු උදෙසා පිදුවත් සාංඝික නාමයෙන් හැඳින්වූ දේ අද වන විට අමුතු ස්වරූපයකින් තේරුම් කිරීමට, වාක්ය කියා සාංඝික කිරීමට තරම් වෙනසට පත් වී ඇති බව නිදසුනෙකි.
මිනිසුන් පවත්වන පුද පූජා පිළිගෙන උපකාර කරන යම් යම් දේව හා භූත කොට්ඨාසයන් සිටින බව පිළිගත් බුදු සමය එහි නිසරු බව පසක් කර ඇති තැන් ද ත්රිපිටකයේ ඇත. මේ මැදහත් බව ඉක්මවා දෙපැත්තට ම වාද කරන පිරිසක් භික්ෂූන් වහන්සේ හා බෞද්ධයන් අතරින් මතුවීම ආඳා යවා වරපත අල්ලා ගන්නා වැඩක් නොවන්නේ ද?
තදින් අල්ලා නොගෙන, විමසුම් ක්ෂණයෙන් බැලීමට බුදුසමය උගන්වන මග අනුගමනය කරමින් බෞද්ධයන් අතර ඇති වන ප්රශ්න සියයක් සඳහා පිළිතුරු සැපයූ රේරුකානේ මහා නාහිමියන් ගේ ධර්මවිනිශ්චය එවැනි තැන් පහදා ගැන්මට බුදුසමය මිණුම් දණ්ඩක් ලෙස යොදා ගැනීම සඳහා ඉදිරිපත් කරමු.
මෙම මුද්රණයේදී ද ප්රයෝජනයට ගන්නා ලද්දේ පූජා පොල්පිටිය මෙනවිය, මාලනී හා දයාවතී අබේසිංහ මහත්මීන් සැසඳූ කලින් මුද්රණයේ සෝදුපත් පිටපත් ය. පරිශෝධිත පරිගණක වර්ණ සංයෝජනය සාලිය ජයකොඩි මහතා අතින් සම්පූර්ණ විය. අජිත් ප්රින්ටර්ස් හි අජිත් සමරසේකර මහතා ප්රමුඛ කාර්ය මණ්ඩලයෙන් මනාලෙස මුද්රණ කටයුතු ඉටු කෙරිණ. ශාසනාලයෙන් යුතුව මේ කටයුතුවල නියැලුණ සියල්ලන්ට පිං සිදුවේවා.
බුදුසමය ආරක්ෂා කළ රටක් වශයෙන් ශ්රී ලංකාව තුළ මහා සංඝ රත්නයට මෙන්ම ජනතාවට අත්විඳිය හැකි සතුට අපමණය. ඒ අතර ශ්රී ලංකා ශ්වේජින් නිකායේ භික්ෂූන් වහන්සේ අතරින් ශාසනයේ උන්නතිය සඳහා සිදු වූ සේවය අද්විතීය ය. අති පූජ්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ දහම් පොත් පෙල හා කඳුබොඩ පාදකව ඇතිකළ භාවනා පුහුණු වැඩ පිළිවෙල චිරාත් කාලයක් මේ ශාසනයේ ප්රයෝජන ගැනීමට බෞද්ධයන් පොළඹවන වැඩ පිළිවෙලක ශක්තිමත් පදනම වෙයි. නාහිමියන් ලියූ පොත් පෙල අඛණ්ඩව ජනතාව අතරට ගෙන යාමේ මෙහෙවර යුගයෙන් යුගය ඉටු කළ පූජ්ය ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්යාණධම්ම හිමිපාණන් වහන්සේලා සහ වර්තමානයේ ඒ වගකීමට උරදී සිටින පූජ්ය කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ බෞද්ධ ලෝකයේ සම්භාවනාවට පාත්ර වෙති. 2011 ට යෙදෙන සම්බුද්ධ ජයන්තිය අරමුණු කර තම පූර්වගාමීන් ගිය මග යමින් උන්වහන්සේගේ මූලිකත්වයෙන් සෑදෙන “සඳවිමල සෙනසුන” ද ශාසනයට ආශීර්වාදයක් වනු නො අනුමානය.
මෙම පොත සඳහා ම කඩවත පී.ඩී. ජයතිලක මිය රු. 2,000.00 ක ආධාර මුදලක් පිරිනමන ලද්දේ දහම පිළිබඳ කුකුස් තැන් නිරාකරණයට ලැබුණු අනුග්රහය සිහිකරමිනි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2009 අගෝස්තු මස 01 වන දින,
පොකුණුවිට ය.
හැඳින්වීම.
ඥෙය්යසාගර පාරගත වූ මහා කාරුණික වූ අප භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනය කරන ලද්දා වූ කර්මය, පුනරුත්පත්තිය, ත්රිලක්ෂණය, පඤ්චස්කන්ධය, ද්වාදශායතනය, ධාතු අටළොස, ඉන්ද්රිය දෙවිස්ස, ප්රතීත්යසමුත්පාදය, චතුරාර්ය්ය සත්යය යනාදි ධර්ම සමූහය අතිශයින් ගැඹුරු ද සියුම් ද වන්නේ ය. උන් වහන්සේ විසින් දේශිත සූත්රාභිධර්මවිනය සංඛ්යාත පිටකත්රය ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්රශ්න ඇති වන්නේ ය. බුදුදහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සඳහා උපදවන බොහෝ ප්රශ්න ද ඇත්තේ ය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති යම්කිසි සුළු දෙයකින් හිස ඉදිමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දනාදි පින්කම් කරන, හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහරදීම පිණිස උපදවන බොහෝ ප්රශ්න ද ඇත්තේ ය. භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයන්ට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්රශ්නවලට පිළිතුරු ලියා ප්රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේ ය.
බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කළ ප්රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්යයට ඇතුළත් ව ඇත්තේ ය. ඒ ගණයට අයත් ධර්මග්රන්ථ අපේ සාහිත්යයේ සුලභ නැත. අප රටේ ද එබඳු දහම්