08 ශ්‍රේණිය.pdf

ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
228
බාගත කිරීම් ගණන :
21,932
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
142 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 115

මෙම කෘතිය ශ්‍රී ලංකා රජයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් දහම් පාසල්හි 8 වන ශ්‍රේණිය සඳහා සම්පාදනය කරන ලද නිල ධර්ම පාඨශාලීය පෙළපොතයි. 1993 වර්ෂයේ ප්‍රථම මුද්‍රණයෙන් පසු විවිධ සංස්කරණ සහිතව නැවත මුද්‍රණය වූ අතර, මෙහි දැක්වෙන්නේ 2007 වර්ෂයේ පළ වූ මුද්‍රණයකි.

මෙහි අන්තර්ගතය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර පළමු කොටසෙහි බුද්ධ චරිතය, බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා චරිත, ඓතිහාසික චරිත කතා, ජාතක කතා, ධර්ම කරුණු (චතුරාර්ය සත්‍යය, දස සංයෝජන, පංච නීවරණ), ගාථා, දහම් කවි, බෞද්ධ පරිසරය, බෞද්ධ ආචාර ධර්ම සහ පිරිත් අඩංගු වේ. දෙවන කොටස පාලි භාෂාව, අභිධර්මය (චෛතසික ධර්ම) සහ මෛත්‍රී භාවනාව යන ප්‍රායෝගික අංශයන්ගෙන් සමන්විත ය.

දහම් පාසල් ගුරු භවතුන්ගේ අවධානයට

* දහම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ වී ඔබ විසින් කරනු ලබන සේවාව මෙහිලා පළමු කොට ම අගය කරමි. ඒ අතර ම මෙම පොත භාවිතයට ගැනීමේ දී ඔබේ සැලකිල්ල යොමු විය යුතු කරුණු කීපයක් ද සඳහන් කරනු කැමැත්තෙමි.

* ඉගෙනුම : ඔබ දන්නා පරිදි ශිෂ්‍ය චර්යාවේ, හැසිරීමේ යහපත් ස්ථාවර වෙනසක් ඇති කිරීම ‘ඉගෙනුම’ නම් වෙයි. ඒ සඳහා ශිෂ්‍යයාට දැනීම් සමුදායක් ලබා ගැනීමටත්, නව දක්ෂතා සහ ආකල්ප ඇති කර ගැනීමටත්, මග පෑදෙන ලෙස ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සංවිධානය කළ යුතු ය.

* සූදානම : පළමු කොට ම ඒ සඳහා නියමිත පාඨ ග්‍රන්ථයේ ඒ ඒ පාඩම් ඇසුරෙන් කිනම් විෂය කරුණු දැනගැනීමට සැලැස්විය යුතු ද, කුමන අන්දමේ පිළිගැනීම්, හැඟීම් ආකල්ප ඇති කළ යුතු ද, කවර දක්ෂතා පිළිබඳ ව ගුරු භවතාගේ සැලකිල්ල යොමු විය යුතු ද යන්න ගැන අවධානය යොමුවිය යුතු ය. ඒ සඳහා අඩු ම වශයෙන් එදිනට නියමිත පාඩම පමණක් වත් කලින් කියවා යම් ප්‍රමාණයක සූදානමක් ඇති කර ගැනීම අවශ්‍ය ය.

* ආකල්ප වර්ධනය : විශේෂයෙන් ම දහම් අධ්‍යාපනයේ අරමුණ ආකල්ප (චින්තන ක්ෂේත්‍රය) ගොඩනැඟීම බැවින් ඒ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු විය යුතු ය.

* දෛනික ජීවිතයට : “හැසිරීම හොඳ නැත්නම් උගත්කමෙන් වැඩක් නැත” (සීලෙන අනුපෙතස්ස සුතෙනත්ථො නවිජ්ජති) එබැවින්, ධර්ම කරුණු මෙන් ම චරිතාදර්ශ ශිෂ්‍ය ජීවිතයට සම්බන්ධ කොට ඉගැන්වීමට උත්සාහ කරන්න.

* කණ්ඩායම් සාකච්ඡා : දහම් පාසලේ ඉගැන්වීමේ දී ඔබට විවිධ ගැටලු පැන නඟිනු ඇත. පාඨග්‍රන්ථවල පාඩම් ගැන විෂය කරුණු ගැන ඉගැන්වීම් ක්‍රම ශිල්ප පිළිබඳ ව ආදි වශයෙන් එම ගැටලු ඇති විය හැකි ය. මසකට වරක් හෝ තුන් මසකට වරක් හෝ ප්‍රධානාචාර්ය වරයාගේ මූලිකත්වයෙන් හැකිනම් ප්‍රදේශයේ විශේෂ සම්පත් පුද්ගලයකු ද සහභාගි කරවාගෙන සාකච්ඡා කිරීම මැනවි. මීට අමතර ව ප්‍රාදේශීය ව පැවැත්වෙන සංස්කරණ සම්මේලනවල දී ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.

* මෙම පාඨග්‍රන්ථය : මාතෘකා 32ක් යටතේ මෙම පොතේ පාඩම් ඉදිරිපත් කොට ඇත. එක් මාතෘකාවක් පාඩම් දෙකක් හෝ තුනක් වශයෙන් අවශ්‍ය පරිදි බෙදාගැනීමට ඔබට නිදහස ඇත.

* වාර්ෂික සැලැස්ම : මෙම පාඨග්‍රන්ථය මෙන් ම මීට අමතර ව ඇති පාලි, අභිධර්මය හා භාවනා පාඩම් ගැන ද සැලකිල්ල යොමු කරමින් වාර්ෂික සැලැස්මක් පිළියෙළ කර ගන්න.

* භාවිත අභ්‍යාස : මෙහි හැම මාතෘකාවක් අවසානයේ ම, අභ්‍යාස පොතට, භාවිතයට, පුහුණුවට, ක්‍රියාකාරකම් වශයෙන් මග පෙන්වීම කොට ඇත. ඒවා ද අවශ්‍ය පරිදි ක්‍රියාවට නැඟීමට ඔබට නිදහස ඇත. එමෙන් ම ඒ ඇසුරෙන් යම් යම් ක්‍රියාකාරකම් සැලසුම් කර ගැනීමට සිතන්න. ඔබේ ජීවිතයට යනුවෙන් දැක්වෙන පාඩමෙන් මතු කර ගත හැකි ආදර්ශ තවත් පෝෂණය කොට සිසුනට පැහැදිලි කර දෙන්න.

* නිෂ්ඨාව : දහම් පාසල් දරුවා තමන්ටත්, අනුන්ටත් වැඩ සලසන ගුණෙන්, නැණෙන් පිරි හොඳ බෞදු දරුවකු ලෙස හැඩ ගැසීමට හැකි වුවොත් ඔබටත් අපටත් සතුටු විය හැකි ය.

ගුණසේන මහතන්ත්‍රීගේ.