07 ශ්‍රේණිය.pdf

ප්‍රකාශිත වර්ෂය :
2012
මුද්‍රිත වර්ෂය :
2012
පිටු ගණන :
212
බාගත කිරීම් ගණන :
15,107
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
99 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 107

දහම් පාසල 7 ශ්‍රේණිය යනු ශ්‍රී ලංකාවේ දහම් පාසල්හි 7 වන ශ්‍රේණිය (7 වසර) හදාරන දරු දැරියන් උදෙසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර නොමිලේ බෙදාහැරීම පිණිස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කරවන ලද නිල ධර්ම පාසල් පෙළපොතයි. මෙම කෘතිය 2012 වසරේ මුද්‍රණය වූ 18 වන මුද්‍රණය වේ.

මෙම පෙළපොත ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. පළමු කොටසෙහි බුද්ධ චරිතය, ශ්‍රාවක ශ්‍රාවිකා චරිත, නූතන බෞද්ධ චරිත (මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ අනගාරික ධර්මපාලතුමා), ජාතක කථා, සූත්‍ර ධර්ම හා බෞද්ධ සංස්කෘතිය අන්තර්ගත වන අතර, දෙවන කොටස යටතේ පාලි භාෂාව, අභිධර්ම මූලික කරුණු සහ බුදුගුණ භාවනාව ඇතුළත් කර ඇත.

  • බුද්ධ චරිතය හා මහා ශ්‍රාවක-ශ්‍රාවිකාවන්ගේ චරිතාපදාන
  • නූතන බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමී චරිත
  • ජාතක කථා හා සදහම් උපදෙස්
  • ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්ත බොජ්ඣංග ආදී මූලික ධර්ම කරුණු
  • පරිසරය, ස්තූප හා බෞද්ධ සිරිත් විරිත්
  • පාලි භාෂා පාඩම් මාලාව
  • අභිධර්ම මූලික පාඩම්
  • බුදුගුණ භාවනාව පුහුණු කිරීම

ගුරුභවතුන්ගේ අවධානය සඳහායි

මේ පොත භාවිතයේ දී ඔබේ අවධානය යොමුවිය යුතු කරුණු කීපයක් පහත දැක්වේ.

දහම් පාසල වසරකට දින 30ක් වත් පවත්වනු ලැබේ යයි සිතා මෙම පොත පිළියෙළ කර තිබේ. දිනකට පැය 3ක් වත් ඉගැන්වීම කරන්නේ නම් අවුරුද්ද තුළ දී ඉගැන්වීම කෙරෙන මුළු කාලය පැය 90 කි.

මේ පොතේ ඇත්තේ පාඩම් 35කි. මෙයට අතිරේකව පාලි, අභිධර්ම හා භාවනා පාඩම් ගණනකුත් එකතුවූ විට මුළු පාඩම් ගණන 60ක් පමණ විය හැකි ය. එබැවින් දිනකට පාඩම් 2ක් කළත් වර්ෂය තුළ දී පාඩම් 60ක් ඉගැන්වීම දුෂ්කර නොවේ යයි සිතමි.

මෙහි එක් එක් පාඩම පිළියෙළ කොට ඇත්තේ විනාඩි 40ක පමණ පාඩම් කාලයක් සලකා ගෙනය. එහෙත් සමහර පාඩමක් එක් පාඩම් කාලයක් තුළ දී නිමකළ නොහැකි වන්නට ඉඩ තිබේ. දිනකට පාඩම් 2කට වඩා කළ හැකි බැවින් මෙය ගැටළුවක් නොවේ යයි සිතමි.

මේ පොතේ ඇති අනුපිළිවෙලට ම පාඩම් ඉගැන්විය යුතු නොවේ. විවිධත්වය ඇතිවන අන්දමින් ඒ ඒ දවසට යෝග්‍ය පාඩම් තෝරා ගැනීමට ඔබට නිදහස තිබේ.

කල්තියා පාඩම් කියවා සූදානම් වුවහොත් ඔබට ඉගැන්වීමේ කාර්යය සාර්ථකව කළ හැකි වෙයි. හැම විටම ගුරුවරයාගේ යුතුකම විය යුත්තේ ඊළඟ සතියේ පාඩම් මොනවාදැයි මේ සතියේ දීම ශිෂ්‍යයන්ට දැනුම් දීමය.

පාඩමේ අරමුණු හෙවත් සිසුන්ට දීමට බලාපොරොත්තු වන පණිවුඩ හෝ ආදර්ශ මොනවාදැයි කල්තියා සිතා බලන්න. ඒවා බොහෝ විට ඒ ඒ පාඩම් අග ගොනුකර දී ඇත. මේ අරමුණු ඉටුවන පරිදි පාඩම් ඉගැන්වීමට ඔබ උත්සාහවත් වනු ඇතැයි සිතමි. ශිෂ්‍යයා හොඳ ආකල්ප සම්පත්තියකින් යුත් කෙනෙකු බවට පත්කිරීම අපේ අරමුණ විය යුතුය.

පන්සිල්වල පටන් පිරිත්, ගාථාධර්ම ආදිය මැනවින් උච්චාරණය කොට කියැවීමට සිසුන් පෙළඹවිය යුතු ය. පාඩම් අවසානයේ පුහුණුවට දී ඇති ගාථා ආදිය වරක් වත් පන්තියේ දී ළමයින් ලවා කියවන්නේ නම් මැනවි. එවිට ශිෂ්‍යයනට නිවැරදි ව ඒවා ගෙදර දී පාඩම් කිරීමට හැකිවෙයි.

භාවිත අභ්‍යාසවල යෙදීමට ළමයින් දිරි ගැන්විය යුතුය. ශිෂ්‍යයන්ගේ නිර්මාණ, අභ්‍යාස ආදිය පන්තිය ඉදිරිපිට කියැවීමට සැලැස්වීම වඩා ඵලදායී වෙයි. නො එසේ නම් පන්තියේ ප්‍රදර්ශනය කරවන්න.

අවශ්‍ය තැන දී දෘශ්‍යධාර (පින්තූර) භාවිතයෙන් පාඩම රසවත් කළ හැකිය. බුද්ධ ධර්ම විෂය සඳහා බිහිවැඩ පොතක් සාදා ගැනීමට ශිෂ්‍යයනට උපදෙස් දෙන්න. මෙය අපතේ යන පුවත්පත් කඩදාසිවලින් වුව ද සකස් කර ගත හැකිය. බුදු දහමට අදාළ පින්තූර, ලිපි, පද්‍ය ආදිය පුවත්පත් සඟරා ආදියෙන් කපාගෙන බිහිවැඩ පොතේ ඇලවීමට සිසුන් පෙළඹ විය යුතු වෙයි. රහ දැක්වීම, චිත්‍රය ආදී විෂයනට සම්බන්ධ කිරීමෙන් ද ළමුන් තුළ දහම් අධ්‍යාපනයට පෙළඹවීමක් ඇති කළ හැකිය.

බෞද්ධ සිරිත් විරිත්, ගුණධර්ම ආදිය ඔබේ සිසුන්ගේ චර්යාවෙන් පිළිබිඹු වන්නේ නම් ඔබේ උත්සාහය සඵල වූ සේ සිතිය හැකි ය.

සෙනෙවිරත්න මහලේකම
ලේඛක මඩුල්ල වෙනුවෙන්.