බාලාවතාර සූත්‍ර නිර්දේශය - බටුවන්තුඩුවේ සිල්වා, සුගුණසාර හිමි 1915.pdf
- කතෘ :
- බටුවන්තුඩාවේ සිල්වා, සුගුණසාර හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1915
- මුද්‍රිත වර්ෂය :
- 1915
- පිටු ගණන :
- 90
- බාගත කිරීම් ගණන :
- 1,101
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-08
- ගොනුවේ ප්‍රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
Bālāwatāra Suttra Nirdēsa (බාලාවතාර සූත්‍ර නිර්දේශය) යනු බාලාවතාරය හදාරන ආධුනිකයන් සඳහා සූත්‍රාර්ථ පහසුවෙන් උගත හැකි වන පරිදි සම්පාදිත පාලි ව්‍යාකරණ ග්රන්ථයකි. මෙහි කාත්‍යායන කාරක සූත්‍ර සංක්ෂේප අර්ථ වර්ණනාව සහ උපසර්ග නිපාත අර්ථ වර්ණනාව ද ඇතුළත් වේ.
මෙම කෘතිය මුලින් බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත දොන් අන්ද්‍රිස් ද සිල්වා පණ්ඩිතයන් විසින් සම්පාදනය කරන ලද අතර, පසුව කේ. සුගුණසාර ස්ථවිරයන් වහන්සේ විසින් කාරක සූත්‍ර නිර්දේශ ආදිය ද එක් කර සංශෝධනය කර ඇත. මුඛමත්තදීපනී ආදී දීර්ඝ ග්රන්ථ හදාරන්නට පෙර ආධුනිකයන්ට සූත්‍ර නිරවුල්ව තේරුම් ගැනීමට මෙය උපකාරී වේ.
වෛද්‍ය ඇන්. ඩී. ඒ. සමරනායක සහ ඩබ්ලිව්. එස්. අබේකෝන් යන මහතුන්ගේ ප්රකාශනයෙන් බු.ව. 2458 (ක්‍රි.ව. 1915) දී කොළඹ විද්‍යාසාගර මුද්‍රණාලයේදී මෙම කෘතිය මුද්‍රණය කර ඇත.
බාලාවතාර සූත්රනිර්ද්දෙශය.
මේ කුඩා පොත බාලාවතාරය පුහුණුකරණ බාලයන්ට සුවසේ සූත්‍රාර්ථ ඉගෙනගැන්මෙහිදී ඉතා පහසුයි.—මුඛමත්තදීපනී කාත්යායනවර්ණනා සූත්රනිර්ද්දෙශාදි පොත්වල ඉතාමනා විස්තර පෙනෙන නමුත් පොත් ඉතා මහත් බැවිනුත් ඒ ප්රකරණ ටිකමිලකින් සුවසේ ලබාගත නොහැකිබැවිනුත් අති විස්තර ග්රන්ථ ආධුනික බාලජනයා විසින් දුබෝධහෙයිනුත් මේ එසුළුඋපායයි.
“දුස්තරඃ ශොකාම්බුධිනාං ශාස්ත්රවිස්තාරවාරිධිඃ—යනුවෙන් මඤ්ජුශ්රීන් විසින් විශාල ශාස්ත්‍ර නමැති ජලනිධිය දුකසේ එතරවනුලැබෙ. මෙසේ පුරාතනයෝද කියති”—මේ ප්‍රකරණය සුවසේ ග්රහණධාරණය කටහැකි බැව් කල්පනාකටයුතු. පසු පස්සෙහි විශාල ශාස්ත්‍රයන් ඉගෙනගන්නා අයටත් ආරම්භයෙහිදී මෙබඳුදෑ යහපත් මාර්ගවෙයි.
තවද බොහෝ පොත්වල නොපෙනෙන ශ්ලොක ගාථාදි ගුරුකම් මේ ආචාරීන් විසින් නොයෙක්තැන දක්වනලද්දේය. එසේම උපසර්ග නිපාත විස්තරත් ගාථා රාශියකින් මෙහි පෙනෙයි.
එසේම මේ ආචාරීන් විසින් කාරක සූත්රනිර්දෙශ නොකරණ ලද නොහොත් කරලාතිබී කාලයකදී නැතිවෙන්ටත් පුළුවනි. දැනට අප විසින් ඇසූ දුටු කොතැනකවත් නැත්මැයි—එහෙයින් මේ පොත මුද්රාකරණයෙහි සකස්කරණ මා විසින් බොහෝදෙනෙකුගේ ඉල්ලීම සඳහා කාත්‍යායන කාරක කාණ්ඩයෙහි ආවාවූ පන්සාළිසක් පමණ සූත්‍ර සංස්කෘත ව්‍යාකරණයෙහි ආ කිසි කිසි ගුරුකමකුත් දක්වමින් සඞ්ක්ෂෙපකොට අත්ථ ලියා මෙහි දක්වනලදී.
තවද මුලකී පරිද්දෙන් මේ සූත්රනිර්දෙශයෙහි උපසර්ග නිපාත අත්ථ දක්වන ගාථා පමණක්මුත් එහි අත්ථ නොදක්වූ හෙයිනුත් බාලජනයාගේ අවබොධය සඳහාත් අප අතරේ පැවති උපසර්ග නිපාත වර්ණනාව සකස්කොට මීට එක්කෙළෙමු—කරන්නමෝද මුගලන් ව්‍යාකරණ මාර්ගයෙහි අත්ථ කී ක්‍රමත් බලා මෙය සකස්කෙළෙමු.—පුරාතනයෝ—
ii යෙසං න සභිතා පඤ්ඤා තෙනස්සත්ථන්තරෙවිනා සමොහබහතාචෙතෙ නාවබුජ්ඣන්ති කිම්පි.
යම් කෙනෙකුන් විසින් අනෙක ශාස්ත්‍රාන්තරයෙහි පුරුදු කරණලද ප්‍රඥාතොමෝ කැටිකරණලද්දී නොවේනම් දැඩි මෝහයෙන් පහරණලද්දාවූම මොව්හු කිසිවක් අවබොධ නොකෙරෙති.
මාතෙව රක්ෂති පිතෙව හිතෙ නියුක්තෙ කාන්තෙවචාභිරමයත්යපනීය ඛෙදම් කීර්ත්තිංච දික්ෂු විමලං විතනොති ලක්ෂ්මිං කිංකිං නසාධයති කල්පලතෙව විද්‍යා.
කල්පලතා ඉව, කල්පලියක් බඳුවූ; විද්‍යා, විද්‍යාතොමෝ හෝ ශාස්ත්‍රය; මාතාඉව, හිතකාමිනී වැදූ මවක්මෙන්; රක්ෂති, ඒ උගත්හූ රක්ෂාකරන්නීය; පිතාඉව, අත්ථකාමී පියෙකුසේ; හිතෙ, වැඩෙහි හෝ අභිවෘද්ධියෙහි; නියුක්තෙ, යොදන්නේය; කාන්තාඉව, ප්රියවල්ලභාවක්සේ; ඛෙදම්අපනීය, දෙමනස් බැහැරලා; අභිරමයති, සිත් අලවන්නීය; දික්ෂු, නානාදිශාහි; විමලංකීර්ත්තිංච, කුන්ද කුසුම චන්ද්‍රකාන්ති බඳු නිමල් යසසද; ලක්ෂ්මිං, ඓශ්චර්ය්යද; විතනොති, පතුරුවයි (කල්පලතෙවවිද්යා); කිංකිංනසාධයති, කුමක් කුමක් සිද්ධනොකරන්නීද සියල්ලම සිද්ධකෙරෙයි සේයි.
—:0:—
මෙම ව්‍යාකරණ ග්‍රන්ථය මීට අවුරුදු තිහකට පමණ පෙර අස්මදාචාර්ය්ය ශ්‍රී දෙවරක්ෂිතාභිධාන බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් අපගේද ඕනෑකමින් සකස්කරණ ලදුව මුද්රාංකණයට පමුණුවා තිබුන නමුත් මෙකල පොත් අවසානවී සොයාගැනීමට පවා දුෂ්කරවූයෙන් ආධුනික ජනානුග්රහ පෙරදැරිව නැවතත් අප විසින් සකස්කර දුනිමු.