කච්චායන භේදය - මාතර ධම්මවංශ හිමි, ලද්දුව සෝමරත්න හිමි 1906.pdf
- කතෘ :
- තාස හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1906
- මුද්‍රිත වර්ෂය :
- 1906
- පිටු ගණන :
- 158
- බාගත කිරීම් ගණන :
- 1,006
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-08
- ගොනුවේ ප්‍රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කච්චායන භේදය යනු පාලි භාෂාවේ ප්‍රකට කාත්‍යායන ව්‍යාකරණයෙහි එන සන්ධි, නාම ආදී ප්‍රකරණයන් සංක්ෂිප්තව පද්‍යයෙන් විස්තර කෙරෙන පැරණි පාලි ව්‍යාකරණ ග්රන්ථයකි. බුරුම රටැ තාස (සසද්ධජ) හිමියන් විසින් රචිත මෙම මූල ග්‍රන්ථය කාණ්ඩ හතකින් හා ගාථා 171කින් සමන්විත වේ.
වේයන්ගොඩ විද්‍යානන්ද පිරිවෙන්පති වල ශ්‍රී ධර්මාරාමාසභ නාහිමියන්ගේ නියමයෙන් මාතර ධම්මවංස හිමි සහ ලද්දුව සෝමරතන හිමි යන හිමිවරුන් විසින් මෙයට සවිස්තරාත්මක සිංහල ව්‍යාඛ්‍යානයක් සකසා සංස්කරණය කරන ලදී. මාතලේ ධර්මසිද්ධි හිමියන්ගේ අනුමැතිය සහ ශෝධ්‍ය පත්‍ර පරීක්ෂාවෙන් යුතුව මෙය සම්පාදනය වී ඇත.
මෙම මුද්‍රණය 1906 දී පාඨශාලාචාර්ය එල්. ඒ. පෙරේරා (L. A. Perera) මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.
විඥාපනය .
කාත්යායනභෙද නම් මේ ප්‍රකරණය වනාහි සුප්‍රසිද්ධ “කාත්‍යායන ප්රකරණ” නාමධෙය මූලභාෂාත්මක මහා ව්‍යාකරණ ග්‍රන්ථගත සන්ධි නාමාදීන්ගේ භෙද සංක්ෂෙපනයින් සංගෘහිත පද්‍ය රචනාවකි. භෙද ග්රන්ථ ප්‍රමාණයෙන් කුඩාවූවද නිරූපිතාර්ත්ථසාරත්වයෙන් ගරුභාවොවහණය කෙරෙයි. තත් කර්තෘනාමාදිය ග්රන්ථාභ්යන්තරයෙහිවත් අනුපනිබද්ධනමුදු “කාත්යායනසාරා” දි ග්රන්ථකර්තෘක වූ ව්‍යාකරණ ඡන්දොලඞ්කාර ෂට්සමය සමයාන්තරාදියෙහි ප්‍රවීණ බුද්ධිමත් ආචාර්ය්ය “සසද්ධජ” තුමෝයයි ටීකායෙහි පෙණෙතත් කාල දෙශාදිය අනියමිතයි. භෙද අනුමිතියශයෙන් තට්ටීකාකරණ කාලයෙන්ම කියයුතු හෙයින් මෙයින් දෙසිය පන්තිස් හවුරුද්දකින් පෙර මහටීකාවද; එයින් එකුන්සාලිස් හවුරුද්දකින් පමණ පෙර සංක්ෂෙප ටීකාවද රචනාකරණ ලදැයින් මෙය ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස්එක්සිය වන්නේහි මුම්මදෙශයෙහිදී කරණ ලද්දකැයිද, කර්තෘ තද්දෙශීය පණ්ඩිතුමෙකැයිද සිතිය යුතුයි.
මෙහි සන්ධි, නාම, කාරක, සමාස, තද්ධිත, ආඛ්‍යාත, කිතක යන කාණ්ඩ සප්තයකින් හා ග්රන්ථ එක්සියඑක්සැත්තෑවකින්ද පරිමිතත්වය පැණෙයි. මෙය පෞරාණිකයන් විසින්දු උද්ග්‍රහණ ධාරණාදීන් සම්භාවිතබැව් කලින්කල තදර්ත්ථවර්ණනා චාරයෙන් කෘත ටීකාවිසින්ම සුප්රකාශයි. යථොක්ත ග්‍රන්ථය විශේෂයෙන් කාත්‍යායන ව්යාකරණාවබොධ ධාරණාදියෙහි නියැලියන්ට සුඛොපනිඃශ්රයවන්නේන් පරිශීලනාර්හ ආධුනිකයන්ගේ අනායාසාභි වෘද්ධිය සඳහා මීට ස්වභාෂාමය අභිනවව්යාඛ්යානයක් කළහොත් යෙහෙකැයි ධාතුකන්දේ විහාරාධිවාසී කලල්පිටියේ රතනසිරි ස්ථවිර ස්වාමින්වහන්සේ විසින් ආරාධනා කරණ ලදින් වේයන්ගොඩ විද්‍යානන්ද පරිවෙණාධිපති පූජ්‍යපාද පණ්ඩිත වල ශ්‍රී ධර්මාරාමාසභ ස්ථවිර ස්වාමින්වහන්සේගේ ධර්මාන්තෙවාසීවූද මාතර වල්පොල දිසානායක මන්දිරාමාධිවාසී උයන්ගොඩ සුමඞ්ගල ස්ථවිර ස්වාමින්වහන්සේගේ ශිෂ්යවූද මාතර ධම්මවංස, දෙවගොඩ විජයාරාම විහාරාධිවාසී මාතලේ අගන ධර්මාලංකාරාභිධාන මහාස්ථවිර ස්වාමින්වහන්සේගේ ශිෂ්යවූද ලද්දුව සොමරතන, යන අප විසින් කාත්යායනභෙද ටීකාන්යාශ්රිතවැ වෙනත් ආගමධර්ම ශබ්දශාස්ත්‍ර සම්බන්ධ ග්රන්ථරාශියකින් කරුණු උපුටා යථාස්ථානයන්හි නිදර්ශනය කරමින් ශබ්දශාස්ත්රඥයින්ගේ උද්ග්‍රහණ සෞකර්ය්යයට යොග්යසේ මේ විවරණ ව්‍යාඛ්‍යානය කරණලදී. අපගේ මේ සත්කෘතියෙහිදී විද්‍යානන්ද පිරිවෙණ උපප්රධානාචාර්ය්ය ගෞරවාර්හ මාතලේ ධර්මසිද්ධාසභ ස්වාමිපාදයන්වහන්සේ විසින් අවසාන ශුද්ධිපත්‍ර බලා පිළිගැන්වීමද, විද්‍යොදය පරිවෙණ උපආචාර්ය්ය ගාල්ලේ ධම්මකුසල ස්වාමින්වහන්සේද-පනාවල විමලසිරි ස්වාමින්වහන්සේද-මුල්ලේගම සීලාලඞ්කාර භවතුන්වහන්සේද යන භවතුන්වහන්සේලාගේ යම් යම් අනුබලද, මුද්‍රණය කිරීමෙහිදී අලුත්ගම සද්ධර්මප්රකාශ යන්ත්‍රාලයේ ප්‍රධාන කේ. ඩී. ජේ. ගුණතුංග මහත්මයාගේ උපකාරද ඉවහල් වූ බව සතුටින් මතක්කරමු.
නිගණීඨමිසානෙඞ්ඝාකතිර්ය්යස්යාපිංශිබධෙදූැවම්, ශ්රමචෟකෘමුනීන්ද්රාය නමඃ සර්වාර්ත්ථසිද්ධයෙ.
විද්යානන්දභවං විද්යාලයං ප්රත්යධිපොබුධඃ, ශ්රීධර්මාරාමනාමායඃ නන්දාවිද්රාහීර්ණං ගුරුම්.
යස්යාවායෙනිශ යඃ කාත්යායනභෙදෙති විශ්රැතඃ, කෘතො මාගධියා සම්‍යක් ව්යාකරණපි සංග්රහඃ.
තස්යෙයං ක්රියතෙ ටීකාභ්යාමනය ග්රන්ථකාදපි, අත්යාෂ්ය වියත්ථාරාණී ව්‍යාඛ්‍යා සිංහලභාෂයා.
ප්‍රමාද භ්රමතො ජාතං සඛලනංචාත්ර විද්‍යතෙ, ක්ෂමතාං කෘපයා විද්වානස්සයගුණාලයඃ.
Matara, Dhammavansa
Ladduwa, Somaratana
Vidyananda Pali College,
Veyangoda 1906.