මහා සතිපට්ඨාන සූත්‍රය - බුද්ධරක්ඛිත සාරානන්ද හිමි 1915.pdf

කතෘ :
බුද්ධරක්ඛිත සාරානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1915
මුද්‍රිත වර්ෂය :
1915
පිටු ගණන :
183
බාගත කිරීම් ගණන :
3,018
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-08
ගොනුවේ ප්‍රමාණය :
35 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 92

දීඝ නිකායට අයත් මහා සතිපට්ඨාන සූත්‍රය සහ එහි පුරාණ සිංහල සන්නය ඇතුළත් මෙම ග්‍රන්ථය, කොළඹ නවකෝරළේ ද්විතීය සංඝනායක කළුතර ශ්‍රී බුද්ධරක්ඛිත සාරානන්ද ස්ථවිරයන් වහන්සේගේ සංශෝධනයෙන් යුක්තව ජේ. ඩී. ප්‍රනාන්දු මහතා විසින් බුද්ධ වර්ෂ 2458 දී (ක්‍රි.ව. 1915) ප්‍රකාශයට පත් කරන ලද්දකි.

මීට පෙර 1883 සහ 1888 වර්ෂවල මුද්‍රණය වූ පිටපත්වල පුරාණ සන්නයේ විස්තර පාඨ සංක්ෂිප්ත කර තිබූ බැවින්, පැරණි සන්න පිටපත් කීපයක් සසඳා බලා අඩු තැන් සම්පූර්ණ කරමින් පෙළ විශාල අකුරෙන්ද සන්නය කුඩා අකුරෙන්ද මෙහි මුද්‍රණය කර ඇත. තවද භාවනානුයෝගීන්ට පහසුවනු පිණිස අශුභ භාවනාවට අදාළ චිත්‍ර සටහන් ද මෙහි ඇතුළත් කර තිබේ.

ග්‍රන්ථයෙහි ප්‍රධාන මාතෘකා කිහිපයක් මෙසේය:

  • උද්දෙසවාරය සහ කායානුපස්සනාව (ආනාපාන, ඉරියාපථ, චතුසම්පජඤ්ඤ, පටිකූලමනසිකාර, ධාතුමනසිකාර හා නවසීවථික)
  • වේදනානුපස්සනා හා චිත්තානුපස්සනා සතිපට්ඨාන
  • ධම්මානුපස්සනාව (නීවරණ, ඛන්ධ, ආයතන, බොජ්ඣංග හා චතුරාර්ය සත්‍ය නිද්දෙස)

දැන්වීමයි.

මෙ මහා සතිපට්ඨානසූත්‍රසන්නය මීට ප්‍රථම වර්‍ෂ 1883 අවුරුද්දේ එවකට තිබුණු ශාස්ත්‍රාලෝක නම් යන්ත්‍රාලයෙහිද 1888 අවුරුද්දේ සුදර්ශනයන්ත්‍රාලයෙහිද අච්චු ගස්වන ලද්දේය. ඒ පොත් දෙකම ඒ කාලයෙහි සකස්කරන්තන් විසින් පොත මහත්වෙය යන අදහසින් දෝ හෝ පුරාණ සන්නයෙහි විස්තරපාඨ බොහෝ තැන් ලුහුඬුකොට අච්චු ගස්වා තිබේ. ඒ පොත් දැනට නිමවී ගිය බැවින් මා විසින් අච්චුගැස්වූ මෙ මහා සතිපට්ඨාන සූත්‍රසන්නය කොළඹ පඤ්චිකාවත්තේ අභය සිංහාරාම විහාරාධිපති—කොළඹ නවකෝරළේ ද්විතීය සංඝනායක කළුතර ශ්‍රී බුද්ධරක්ඛිත සාරානන්ද ස්ථවිරයන් වහන්සේට ආරාධනා කොට පුරාණ සන්න කීපයක් එකතු කොට බලා අඩු තැන් පුරවා සම්පූර්‍ණ කොට සකස් කරවා ගණන් පාඩම්කරන්තන්ට පහසුවන පිණිස පෙළ පමණක් ලොකු අකුරෙන්ද සන්නය කුඩා අකුරෙන්ද යොදා අච්චු ගැස්වීමි.

මෙහි ප්‍රමාද භ්‍රමාදියෙන් යම් යම් දෝෂ ඇතහොත් එය සුධීන් විසින් ශුද්ධ කරත්වා.

ජේ. ඩී. ප්‍රනාන්දු.

දශ අශුභ කර්මස්ථානය සහ නව සිවථිකය.

මේ දශ අශුභ ප්‍රභෙදය ශරීරය තමාගේ ඒ ඒ ස්වභාවට පැමිණීම වශයෙන් කියන ලද්දේවිනම් මහා සතිපට්ඨාන සූත්‍රාන්තයෙහි නවසිවථික ප්‍රභෙදය කවර අර්‍ථයක් පිණිස වදාරණ ලද්දේද යත්?

මහා සතිපට්ඨාන සූත්‍රාන්තයෙහි වනාහි ශරීරය ස්වයං කෘත්‍යවශයෙන්ම ඒ ඒ ස්වභාවට පැමිණීම වශයෙන් නව සිවථිකා කෙණෙක් වදාරණ ලද්දේය.

මේ දශ අශුභයෙහි වනාහි අන්‍යයන්ගේ උපක්‍රම වශයෙන් ලැබිය යුතු හතවික්ෂිප්තක අශුභයත් එක්කොට සර්‍වසංග්‍රාහිකනය වශයෙන් දශඅශුභ කෙණෙක්ම ප්‍රකාශ කරණ ලද්දේය.

මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්තයෙහි ආ නව සිවථිකයන් අතුරෙන් කිසිවෙක්ම මෙහිදු ගන්නා ලද්දේය. සතිපට්ඨානයෙහි අස්ථික කර්මස්ථානය පචප්‍රකාර වන්නේය. ඒ පචප්‍රකාරයද ඔදශීනා වශයෙන් වෙයි මෙ දශ අශුභයෝ සමථ වශයෙන්ම වන්නාහුයයි යන මේ ප්‍රභෙදයෙන් නවසිවථිකයෙහිත් දශ අශුභයෙහිත් විශෙෂය ප්‍රකට වන්නේය.

මේ දශ අශුභ කර්මස්ථානය පාලි වශයෙනුදු අර්‍ථ වශයෙනුදු විස්තර වශයෙනුදු අවබෝධ කොට ඉක්බිති ශ්මශාන භූමියෙහි නුපුරුදු අශුභ නිමිති දැක්මෙන් සන්ත්‍රොෂ නොඋපදනා පිණිසද මේ අශුභය මෙබඳු ආකාරයයි අශුභ නිමිති ආකාරය උගන්නා පිණිසද ඇතැම් ප්‍රදෙශයක දශ අශුභ නිමිත්තායෙන්ම නො නොලැබිය හැකි බැවින්ද මෙහි පෙන්වන ලද දශ අශුභනිමිත්ත රූපාකාරය බලා භාවනාක්‍රමය පුහුණුකොට ඉදින් වියළි ඇත අමු අමු සොහොන් ආදියට එළඹ ප්‍රකෘති අශුභ නිමිත්තයන් බලා භාවනාවඩා උද්ග්‍රහ ප්‍රතිභාගනිමිත්ත ඉපදවිය යුත්තේය.